Top Ad unit 728 × 90

recent post

recent

ඇම්ඩගේ සාක්කි දීම හා තවත් රස කතා 18+

මුලින්ම ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටමත් බත බුලතින් සපිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන් කියල ප්‍රර්ථනා කරනවා... :D  

මම හිතන්නේ  මතක ඇති මම කලින් පොස්ට් එකක් අරගෙන ආවා අපේ ඇම්ඩා කොලුවාගේ කතා එක්ක තව කතා තියන.. හෙහ් හේ ... ඔන්න ඒ වගේම තවත් කතා ටිකක්.. අදත් අරගෙන ආව අලුත්  අවුරුද්දේ හිනා වෙලා යන්න .. :D එහෙමනං කියවලම බලන්නකෝ :D 



ඇම්ඩා සාක්කි

ඔන්න ඇමඩ කඩයක් දාගෙන පාඩුවෙ වෙලඳාමක් කාරිය කරගෙන ඉන්නවලු. දවසක් දා ඇම්ඩගෙ කඩේ ඉස්සරහ
ලොරි දෙකක් ඇක්සිඩන්ට් එකක් හැප්පුනාලු. ඉතින් මේ සීන් එක උසාවි ගිහින් ඇම්ඩටත් යන්න උනා සාක්කි දෙන්න උසාවි.

පෙරකදෝරු තැන : “ඇමඩන් කියන්න බලන්න එදා මොකද උනේ..?”

ඇම්ඩන් : “සුවාමීනී එදා හු*න වැස්ස කැ* මීදුම”

නඩුකාරයා : “හුහ්.. උසාවිය ඇතුලෙ කුණුහර්ප කියනවද..? එක කුණු හර්පෙකට රුපියල් 50 ගානෙ රුපියල් 100ක් දඩ ගහනවා..”

පෙරකදෝරු තැන : “කියන්න ඇමඩන් ඉතින් ඉතිරි ටික”

ඇම්ඩන් : “සුවාමීනී මේ ප*යා මෙහෙන් ආවා… මේ *ත්තා මෙහෙන් ආවා… මගේ කඩේ ඉස්සරහ *කවුනා”

නඩුකාරයා : “ඒත් කුණුහර්ප කියනව නේ..? එක කුණු හර්පෙකට රුපියල් 50 ගානෙ තව රුපියල් 150ක් දඩ ගහනවා..”

ඇම්ඩන් : “සුවාමීනී… මොන කුණුහර්පෙ කිව්වත් දඩේ එකම ගානද..?”

නඩුකාරයා : “ඔව් ඔව්”

තමන්ගෙ පර්ස් එක ඇදල ගත්තු ඇම්ඩන් බැලුව සල්ලි කීයක් තියෙනවද කියල. රුපියල් 300ක් තියෙනවා..එල කිරි

ඇම්ඩන් : “සුවාමීනී…මෙතන රුපියල 300ක් තියෙනවා.. මේක තියාගෙන උඹත් *කාපන්”

කියල යන්න ගියාලු..


රජ කතාවක් 

ඔන්න එකෝමත් එක කාලයක එක රජ කෙනෙකුට එකෝමත් එක දොරටු පාලයෙක් හිටියා. මිනිහට මාර , මාරක ආසාවක් තිබුන..
මොකක්ද දන්නවද?



රජ බිසව ඉඹින්න. බෙල්ල ගහල යන වැඩේ. රජ බිසව කොහොමටත් ලස්සනයි නේ.


බිසව මඟුල් උයනට යන කොටත්. ස්ව්මින් පූල් එකට යනකොටත්, දොරටුපාලය ඉන්න තැන පහුකර ගෙන තමයි යන්නෙ. මිනිහ ආසාව හිතේ තද කරගෙන දවසින් දවස ලෙඩ උනා. එන්න එන්නම කෙට්ටු උනා.


රජ වාසල වෙදා මිනිහගෙ ගජ යාලුවා.වෙදා දවසක් මිනිහගෙන් අහනවා, මොකෝ බං නිකන් නොකාපු හූන වගේ ඇදිල ගිහින් .. අසනීපයක්වත් ද කියල.


බොහොම අමාරුවෙන් කාටවත් නොකියන බවට වෙදා පොරොන්දු කරව ගෙන මිනිහ අප්සැට් එක කිව්ව.


මේක බෙල්ල ගහල යන වැඩේ. ඒත් උඹ මගේ හොඳ මිතුර මම කොහොම හරි උඹට ප්ලෑනක් හිතල කියන්නම් කියල වෙදා කීව.
හැබැයි උඹ මට ගාස්තුව වශයෙන් කහවනු 1000 ක් දෙන්න ඕන. මිනිහත් පොරොන්දු උනා.(1000 ක් නෙමෙයි මම නම් 5000ක් දෙනවා)


වෙදා රහස් බෙහෙත් සංයෝගයක් හදල ඒක බිසවගෙ ඇඳුම් වල ඇතුල් පැත්තේ ආලේප කළා.


බිසව දවසක් නාලා එහෙම ඉවර වෙලා අර ඇඳුම් ඇන්ද. ටික වෙලාවකින් ටිකක් කසන්න පටන් ගත්ත.තව ටිකක් වෙලා ගියාම හොඳටම කහන්න පටන් ගත්ත. පව්… රතු වෙනකල් කැහුව.. බැරිම තැන රජුටත් කිව්ව.


රජතුමාටත් කරන්න දෙයක් නැහැ. පස්සෙ රජ වාසල වෙදාට කෝල් කළා. වෙදා බොහොම බැරෑරුම් විදිහට කල්පන කරල කිව්වා….
රජතුමනි මේක භයානක කැසිල්ලක්.. මේක සනීප කරන්න නම් කෙළ විශේෂයක් ඕන කරනවා.


මම දන්න තරමට මේ විශේෂ කෙළ වර්ගය තියෙන්නෙ අර දොරටුපාලයට විතරයි කියල.


කරන්න දෙයක් නැහැ. බිසව වේදනාවෙන් කෑ ගහනව. රජා දොරටුපාලය ගෙනෙව්ව. දැම්ම බිසව ඉන්න කාමරේට. දොරටුපාලය මුලින් ඇඟිල්ලට කෙළ ටිකක් අරන් බිසවගෙ ඇඟේ ගෑව. බිසවට ටිකක් හොඳ වුනා.


පස්සෙ ටික ටික ලෙව කන්න පටන් ගත්ත.


පැයක් විතර යන කොට බිසවට හොඳටම සනීප උනා.(දොරටුපාලයටත් හොඳටම හොඳයි ) රජතුමා ඇතෙක් බරට වස්තුව එහෙම දීල කට්ටිය පිටත් කළා.


දින කීපයකට පස්සෙ වෙදා ගියා පොරොන්දු වුනු කහවනු 1000 ඉල්ලන්න.


දොරටුපාලයා ගත් කටටම කියාපි, මම තඹයක් දෙන්නෙ නෑ. මම දන්නව උඹ ඕක රජතුමාට නොකියන බව. කිව්වොත් මට කලින් උඹේ බෙල්ලයි යන්නෙ කියලා. ඕ.කේ.නෝ ප්‍රොබ්ලම් කියල මිතුරගෙ බලු ගතියට හොඳ පාඩමක් උගන්නන්න ඕන කියල හිත හිත වෙද ආපහු ගියා.


වෙදා දවසක් අර සංයෝගය රජතුමාගෙ අන්ඩර් වෙයාර් එකේ ඇතුල්පැත්තෙ ආලේප කළා. ටික වෙලාවකින් කසන්න පටන් ගත්ත. රජතුමා වෙදාට පණිවිඩයක් යැව්වා.

වෙදා කිව්ව රජතුමනි, බිසවට හැදුනු කැසිල්ලමයි මේක කියල.
රජතුමා, වෙදා කියන්නත් කලින් දොරටු පාලය ඇදගෙන එන්න නියම කළා.



සැබෑ ආදරය

ප්‍රසිද්ධ ආපනශාලාවකට ගොඩවූ වියපත් යුවලක්.... ආහාර ඇණවුම් කොට ආපනශාලාවේ කෙලවරවූ මේසයේ අසුන්ගත්හ. ඉතා වියපත් යුවලක් මෙසේ ආදරයෙන් සිටිනු දුටු අනෙකුත් තරුණ තරුණියෝ ‍මොවුන් දෙදෙනා ගැන විමසිල්ලෙන් පසුවූහ.

වේටර් වරයා එක් ආහාර බඳුනක් සහ එක් බීම වීදුරුවක් ඔවුන් දෙදෙනා ඉදිරියේ තැබීය. ස්වාමිපුරුෂයා කෑම ප්‍රමාණයෙන් හරි අඩක් සිය අඹුවගේ කෑම පිඟානට බෙදීය. ඉතිරි කෑම ඔහු ඉතා සෙමින් බුදින්නට විය. භාර්යාව ස්වාමියා දෙස ඉතා ඕනෑකමින් බලා හිඳී. දෙදෙනා මාරුවෙන් මාරුවට බීම වීදුරුවද තොල ගෑහ.

මෙම දසුන ඉතා ආවේගයෙන් දරා සිටි තරුණයෙක්.... වියපත් ස්වාමිපුරුෂයා අමතා..

"මම තව කෑම එකක් ඔබ දෙපල වෙනුවෙන් ඇණවුම් කරන්නද ?"

වියපත් තැනැත්තා - " අනේ එපා... "

තරුණයා - "එහෙනම් මේ අම්මා ඇයි කෑම නොකා ඔබ දිහා බලාගෙන ඉන්නේ... ඔයාට කෑම මදිවෙයි කියලා නේද? "

වියපත් තැනැත්තා - " අනේ නෑ මහත්තයා.... මම කාල ඉවරවෙලා දත්සෙට් එක එයාට දෙනකල් එයා බලාගෙන ඉන්නේ....




බයිසිකලේ 

ඔන්න එකෝමත් එක ඩයල් එකක් වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යන්න තීරණය කරාලු බයිසිකලෙන්.
යන්නේ තනියෙන්....
..අනික හෙන දිග ගමනක් ....ඔන්න ඔහොම ඉතින් මිනිහ යනකොට එක හරියකදී හම්බුනාලු මහ පතසාර කන්දක් ....පොරත් ඉතින් ඩයල් එක වගේ කන්ද පාගන්න ගත්තලු....ටිකක් යනකොට මෑන්ට හොඳ ගණන්....අම්මෝ පපුවත් රිදෙනවලු....පොර වගේ වැඩේට බැස්සට දැන් ඉතින් වැඩේ අමාරුයිලු..
.කරකියාගන්න දෙයක් නැතුව පොර බයිසිකලේ පාරෙ අයින් කරන් නැවත්තුවලු

..පැත්ත පලාතක මිනිස් පුළුටක් නෑලු....අහිංසකය වාහනයක්වත් අල්ලගන්න කියල ඔහොම පැයක් විතර ඉන්නකොට ...ඔන්න බොලේ පිඹගෙන එනවලු Ferrari කාර් එකක්...ගිනි කුරුල්ල වගේ.



...කරන්න දෙයක් නැති හින්ද ඕන මගුලක් කියල මිනිහ අත දැම්මලු ...කාර් එකත් මනුස්සකමට කරාස් ගාල බ්‍රේක් ගහල නවත්තපි......

"මොකද අවුල ?"
"මම මේ බයිසිකලෙන් ගමනක් යනගමන්...මට මේ කන්ද නැගගන්න හරිම අමාරුයි....බැරිද ලිෆ්ට් එකක් දෙන්න පොඩ්ඩක් ..?"
"අපොයි දෙන්නම්....හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ ඔයාගෙ බයිසිකලේ තමයි...ඕක දාගෙන යන්න මේකේ ඉඩ නෑනේ....ඕකත් අරන්යන්න ඕනමද ?"

"අනේ ඔව්....මේකනම් දාල යන්න බෑ"

මදක් කල්පනා කළ ferrari එකේ රියදුරු තෙමේ....

"හොඳයි....අපි මෙහෙම කරමු.....මගේ ගාව තියෙනව දිග කඹයක්....මම ඒකෙ එක කොනක් මගේ කාර් එක පිටිපස්සේ ගැටගහල අනිත් කෙලවර ඔයාගේ බයිසිකලේ ගැටගහන්නම්.....ඊට පස්සෙ ඔයා බයිසිකලේ ඉඳගෙන හෙමින් සැරේ එන්න....මම ඔයාව ගානට ලතාවට හෙමින් හෙමින් ඇදගෙන යන්නම්....හදිසියෙවත් මම යන වේගේ වැඩී වගේනම් ඔයා ටක් ගාල ඕකෙ බෙල් එක ගහන්න....එතකොට මම ටකස් ගාල slow කරන්නම්....එලනේ ?" 

ඔන්න ඉතින් මේ විදියට අපේ බයිසිකල් කාරයව කන්ද උඩට හෙමින් හෙමින් ඇදගෙන යනකොට...එකපාරටම කොහෙන්දෝ ආපු BMW කාර් එකක් සිං......ගාල Ferrari එක පහු කරන් ගියා නෙව...ඒ මදිවට කින්ඩියට "පෝක්" ගාල හෝන් පාරකුත් ගහගෙන....



මලා....මේක දැක්ක විතරයි අපේ ferrari එකාට මල පැනපි...
"අඩෝ ව්....BMW එකක් මාව පහු කරන්න ?!!??!!...එව්වා කොහෙද මයේ දෙයියො!!! "කියල.......පොරට පිටිපස්සේ ගැටගහල ඇදන් එන බයිසිකල් කාරයත් අමතක වෙලා "බ්‍රර්ර්ර්ර්ර්ර්ර්රාරං" ගාල ඇද්දුවේ නැතෑ.....

ඔන්න දැන් ferrari එක BMW එක අල්ලන්න පාගල යනවලු ලෙල්ලටම....අනේ අර බයිසිකල් බුවා...."ඕයි ඕයි....වේගෙ වැඩී"...කිය කිය බෙල් එක ගහනවලු ටලන් ටලන් ගාල කැඩෙනකන්...කොහෙද.....වාහනේ එලවන එකාට ඒ ගැන සිහියක්කත් නෑ...

ඔහොම යනකොට ඔන්න එනවලු පොලිස් චෙක්පොයින්ට් එකක්....ඒකෙ රාලහාමි මීටරේ ඇල්ලුවම ...මෙන්න බොලේ වේගෙ 200 ට ඔන්න මෙන්න ලු....පොරත් ඉතින් අත දැම්මලු නවත්තන්න කියල....කොහෙද.....පොරව ගණන් ගත්තේවත් නැතුව වාහන ටික ගියාලු පිඹලා.....

දැක්ක දෙයින් ෆුල් හොල්මං වෙලා ගිය රාලහාමි..ටක්ගාල එයාගේ වෝකි ටෝකි එකෙන් කතා කරාලු ඊළඟ චෙක්පොයින්ට් ඒකෙ ඉන්න රාලහාමිට....කතා කරලා මෙහෙම කියනවලු



" ඕයි ඕයි .....ඔන්න දැන් මෙතනින් ගියා BMW එහෙකුයි ferrari එහෙකුයි පිඹගෙන 200 ට විතර.....දැන් ඔය පැත්තට ඒවි.....ඒක නෙවෙයි අයිසේ වැඩේ.....ඒ දෙකට ඔන්න මෙන්න පිටිපස්සෙන් සයිකල් කාරයෙක් හිටු කියල පැදගෙන එනවා ඒ වේගෙන්ම...ඒ මදිවට ඒ යකා නවත්තන්නෙම නැතුව උගේ බෙල් එකත් ගහනව ටලන් ටලන් ගාල අර කාර් දෙක ඕටෙක් කරන්න...."



බස් එකේ දෙබසක් 

ඔන්න දවසක් මගී බස් රථයකට ගොඩ වැදුන කෙල්ලෙකු  හා කොල්ලෙක් අතර සිදුවු දෙපසක්........

බස් රථයේ උන්නා ලස්සන කෙල්ලක් ඉතිං කොල්ලට හිතුන පොඩ් (line) එකක් දාන්න කොල්ල කෙල්ල ලගට ගියා කෙල්ල අහංකාර කමෙන් අහක බලාගෙන උන්නා කොල්ලට කෙල්ල කථාවට අල්ල ගන්න ඕනෑ උනා ඒ නිසා කෙල්ලගෙ කකුල පෑගුව කෙල්ල පොඩ්ඩක් ඉවතට ගියා ..නැවත කොල්ලා කකුල පෑගුව එතන සිට දෙබස් හුවමාරු විය.

(කොල්ලා කෙල්ලගෙ කකුල පාගයි )

කෙල්ල----> ශබ්දනගා "මොකද කරන්නේ "  (බසයේ සිටින අනිත් මගීන් ඔවුන් දෙස බලයි )

කොල්ලා---> "වෙන මොනව කරන්නද නංගි මම  (A/L) කරනව" 

කෙල්ලට  මල ,(නැවත කොල්ලා කකුල පාගයි )

කෙල්ල........> "නිකන් ඉන්න බැරිද..?"  

කොල්ලා......>" නිකන් ඉන්නේ කොහොමද 8යි 7ක් තියාගෙන"  

(දැන් කෙල්ලට හොඳටම මල )(කොල්ලා නැවත කකුල පාගයි )

කෙල්ල....(කුඩෙන්  පාරක් කොල්ලට ගහන්න හදයි,) ඔන්න දැන් කොල්ලට මල ) 

කොල්ලා......> "නංගි ඕවා තියා ගන්න එපා හරිද"..? 

කෙල්ල ......>"අයියේ අපි ඒවා තියා ගන්නේ නෑ , මාසෙන් මාසෙට මාරු කරනව, දන්නේ නැත්තම් ගිහින් අම්මගෙන් අහ ගන්න" 
(කොල්ලට කර ගන්න දෙයක් නැති උන මාර ලැජ්ජාව කොල්ලට හොඳටම මල )

කොල්ලා......> හොඳටම කේන්තියෙන් " නංගි ඔයා මාසෙන් මාසෙට මාරු කරන එක, මම මාස 10 කට නවත්වනව දන්නේ නැත්තම් ගිහින් තාත්තගෙන් අහ ගන්න..." 

කෙල්ල සුටුස් ගාලා බස් එකෙන් බැස්සා  


එහෙනං ඔන් අදත් අවසානෙට කවියක් දෙන්න කියල බැලුවේ... :D

හිටිවන කවි return එක ---- මේක සමහර විට අහලත් ඇති අට්ටාපිටිය කවි මාලාව නොදන්නේ කවුද ;-) audio එකම ඕනි නම් ප්‍රයිවට් mail  එකක් එවන්න ඈ..


වරක් රූමත් වැන්දඹු කාන්තාවකට ලීලය පෑමට සිත් ඇතිව එක තරුණයෙකු විසින් මෙම හිටිවන කවිය නිර්මාණය විය ..

අකලට පුරන් වූ කුඹුරක් දකින          කොට 
හදවත කහන ගතියක් ඇත      ගොවියෙකුට
ආවේ කුඹුර අස්වද්දන හැඟුම                පිට 
නැතුවට නොවෙයි සින්නකර කුඹුරු      මට

මෙම කවට කමට ලැජ්ජාවට පත් වුවද ඒ බව නොඅඟවා ඇයද මෙසේ කීවාය.

අකලට පුරන් වුවත් ලෝ දහම                උඩ
අඳ ගොවියෙකුට මේ කුඹුරේ  නොමැත  ඉඩ
ට්‍රැක්ටරයකින් කුඹුරක් කල පසුව           මඩ
නගුලක් රැගෙන විත් මොනවද කරන     වැඩ

තරුණය හිමිහිට එතනින් ශේප් උනාලු .. ;-) 

අවසාන වශයෙන් මේකත් අහගෙනම යන්නකෝ..


එක්කෙනෙක් අහනවලු බිල් ගේට්ස්  කොහොමද එයාගේ ගෙදර ඇතුලට යන්නේ කියල. එතකොට අනිකා කියනවලු "වින්ඩෝස්' වලින් කියල.

ඇම්ඩගේ සාක්කි දීම හා තවත් රස කතා 18+ Reviewed by සුදු මහත්තයා on 11:26 AM Rating: 5

17 comments:

  1. රස කතා ගෘප් එකටම දාල දාපන් බං

    ReplyDelete
    Replies
    1. මොකක්ද රස කතා ගෘප් කියන්නේ

      Delete
  2. ඔබටත් පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  3. අවුරුද්දේ මරු කතා සෙට් එක... මේ උඹත් ........නැතුව...දිගටම මේව ලියනවද?
    ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම samakayawate බ්ලොග ලියන නලින්

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ .. අලෙ මම මේ එහෙන් මෙහෙන් හම්බුවෙන ඒවානේ... හෙහ් හේ ... එසේම වේවා අයියේ...

      Delete
  4. සුභ නව වසරක් වේවා!!!හිනා වෙලා පණ යනවා යකෝ!!

    ReplyDelete
  5. හෙහ් හෙහ් හේ පට්ට කතා සැට් එක බන්

    සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. එල ගුරෝ එල..... එසේම වේවා.. ගුරෝ...

      Delete
  6. ඇයි යකෝ අලුත් අවුරුද්දෙ පරණ කතා දාන්නේ..

    ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
    Replies
    1. හෑ...... බොලා වලා උනා කියල මම මක් කොරනන්ද :P හෙහ් හේ .. එල සැමෝ..

      එසේම වේවා ඈ/// මොනවයි ඔය දෙමලෙන් තියෙන්නේ.. මටනං අන්ඩර් දෙමල වගේ ..

      Delete
  7. නියම කතා සැට් එක,ඉළ ඇදුනා හිනා වෙලා

    ReplyDelete
  8. හිනාවුනා හොඳට. තැන්කූ

    ReplyDelete
  9. machan uba nam elama ela porak tha
    wathg amdage katha dapan apita

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.