Top Ad unit 728 × 90

recent post

recent

ඔබගේ අඩවියේ වේගය සහ විවිද screen වලින් පෙනෙන ආකාරය බලමුද...?

ඔන්න එහෙමනං සයිබර් සිහින උළෙලෙන් පස්සේ දාන පලවෙනි වැදගත් පොස්ටුව.. :D   අපි ලඟ ඉතින් ගල් නැහැ වැලි නැහැ මඩ නැහැ එක නිසා ඒ ගැන ලියන්න දෙයක් නැහැ ... හෙහ් හේ ... හරි දැන් ඉතින් එක සුළු මොහොතකට අමතක කරලා.. අද මම අරගෙන ආපු දේ ගැන ඔයාලට පැහැදිලි කරන්නම්.. 

ඇත්තටම පොඩ්ඩක් කල්පනා කරන් ඔබ මොකක් හරි අඩවියකට යනවා ලිපිනේ ගැහුවට පස්සේ පැය ගානක් ඉන්න ඕනි . ඒ සයිට් එක හරියට පෙන්න පැය ගානක් යනවනන්ම් ඒක මල කරදරයක් නේද..ආයේ ජිවිතේට ඒ පැත්ත පළාතේ යන්න හිතෙන්නේ නැහැ
නේද (මේ මගේ එක වගේ)   ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්න ඔබගේ blog / web අඩවියත් එපා වෙන තරන් හෙමිහිටනන් load වෙන්නේ...අවශ්‍යම කෙනෙක් හැර වෙන  කවුරුවත් ආයේ එන එකක් නැහැ නේද...  මම දැන් දෙන්න යන අඩවියෙන් ඔබගේ අඩවිය ලෝඩ් වීමට ගත වන වේගය සහ එය අනික් අඩවි සමග සසඳා අපිට රිපෝර්ට් එකක් දෙනවා.. 

බොහෝ වෙලාවට අඩවිය slow වෙන්න ගොඩක් හේතුවෙන්නේ අපි දාල තියන java script වගේ දේවල් මතක ඇති මම කලින් පොස්ට් එකකදී java script කියන්නේ මොනවද කියල පැහැදිලි කරල දුන්න.. අපි අපේ අඩවිය ලස්සන කරන්න JS දැම්මට එකෙන් ඔබේ අඩවියේ වේගය අඩු වෙනවා කියලා හිතුවද නැහැනේ.. ඉතින් ඔබේ අඩවියෙත් වේගය මදි වගේ දැනෙනවනන්  මම දැන් දෙන අඩවින් ඔබේ අඩවිය පරික්ෂා කල පසු එතනම යට  තියනවා  ඔබගේ අඩවිය තුල ඇති script , css වැනි සියලුම දෑ ඔබට එතනින් තෝරලා. අනවශ්‍ය විදියට අඩවිය slow කරන ඒවා අයින් කරන්න පුළුවනි.. 

එහෙනම් මේ අඩවියට ගිහින්  ඔබගේ අඩවිය පරික්ෂා කරගන්න . 



හරි ඊලඟට අපි බලමු අපේ අඩවිය විවිද විවිද screens වලින් පෙනෙන ආකාරය ... 


මේකත් අපිට ගොඩක් වටිනවා මොකද.. හැම කෙනාම සාමානය භාවිතයේ පවතින desktop පරිගණක වලින් ඔබගේ අඩවියට පිවිසෙන්නන් නොවිය හැකියි.. එක සාමානය දෙයක් .. ඉතින් ඔබගේ අඩවියට mobile එකෙන්  ටැබ්ලට් පරිඝනකයෙන් වැනි පරිගණක වලින් පැමිණෙන අයට අපහසුවකින් තොරව අඩවිය නැරඹීමේ  හැකියාව තියෙන්න ඕනි.. ඒ සඳහා වෙනස් කම් කරන්න  අවශ්‍යනම මෙතනින් ගිහින් බලලා වෙනස් කම් කරන්න පුළුවනි... මොකද ඔබේ අඩවියට.. ඩෙස්ක්ටොප් පරිගණකයෙන්ම පමණක් පැමිණෙන උදවිය නොසිටිය හැකි නිසා...




ඔබගේ අඩවියේ වේගය සහ විවිද screen වලින් පෙනෙන ආකාරය බලමුද...? Reviewed by සුදු මහත්තයා on 4:34 PM Rating: 5

12 comments:

  1. මට අදටත් තියන ලෙඩක් තමා වේගය මදි කම. බලමු මේකත් කරලා බොහොහ ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අයියගේ බ්ලොග් එකෙන් ටෙම්පුව බරපතලයි හෙහ් හේ ..නිවුස් සයිට් වල ඔහොම තමයි ගොඩක් ඒවා... එහෙන් මෙහෙන් හැම එකම ඉස්සරහ පිටුවට ආවේ නැත්තන් වැඩක් නැහැනේ :D

      Delete
  2. මේකේ රි සයිස් කරලා පෙන්නනවා විතරයි නේද ? (මම හිතුවේ Mode ekamඅ මාරු වෙයි කියල)

    pingdom එකනම් ගොඩක් වැදගත් :) සුපිරි

    ReplyDelete
  3. ඔවු බන් එක එක විදියේ screen resolution වලින් පෙන විදිය...

    එල එඅ ස්තුතියි

    ReplyDelete
  4. එල එල.. බලමු ගිහින්..

    ReplyDelete
  5. අඩේ මගේ එක හොදයි කිව්වා. ඔව් ඉතිං load වෙන්න කියලා තාම මොකුත් නැනේ

    ReplyDelete
  6. Your website is faster than 56% of all tested websites
    :D

    ReplyDelete
  7. මේ මගේ එක
    http://directzoom.blogspot.com/
    75%

    ReplyDelete
  8. Your website is faster than 88% of all tested websites
    mage eketh ithin mokuth nahi hinda tikak speed :D

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.