Top Ad unit 728 × 90

recent post

recent

පිස්සු හැදෙන ගිග් එකක් හදමු !









හ්ම්ම්... Fiverr ගොඩක් අය ට්‍රයි කරන්න ඇති. දැන් කොහොමද ආදායාම? ඩොලර් කිහිපයක්වත් හොයාගන්න බැරිවුනාද? ඔක්කොටම කලින් IP නම්බරේ  Hide කරන හැටි කියලා දෙන්නම්. ඉස්සරලා ලිපියේ මෘදුකාංගයක් දුන්නානේ, දැන් වෙන විදියක් කියලා දෙන්නම්. වෙබ් අඩවියක් හරහා ලේසියෙන්ම IP නම්බරේ  Hide කරන්නේ මෙහෙමයි,
http://hidemyass.com/  මගින් UK හෝ US IP නම්බරයක් ගන්න ආකාරය

  • 1 හා 2 පියවර පිලිවෙලට කරන්න. 2 න් කැමති රටක් ‍තෝරන්න පුලුවන්.

  • http://google.com වෙනුවට http://fiverr.com/login ටයිප් කරන්න.

  • "Hide My Ass" බොත්තම ඔබන්න, ඉන්පසු සාමාන්‍ය පරිදි fiverr හි රෙජිස්ටර් වන්න.




http://eu.smarthide.com/ මගින් Lithuania හෝ Germany IP...




  • 1, 2, 3, හා 4 පියවර පිලිවෙලට කරන්න. 1 න් කැමති රටක් ‍තෝරන්න පුලුවන්.

  • 3 න් පෙන්වා ඇති පරිදි Settings හදන්න.

  • 5 බොත්තම ඔබා සාමාන්‍ය පරිදි fiverr හි රෙජිස්ටර් වන්න.

කෙටියෙන් කියලා දුන්නේ. මෘදුකාංගය භාවිතා කරන්න අමාරු අයට පහසුවක් පිණිසයි. ඒ වුනාට ඉතින්  Software එකක් ඉන්ස්ටෝල් කරන්න. Crack එකක් කොපි කරන්න බැරි එවුන් මොකටද.


දැන් අපි ගිග් එකක් හදමු. නිකන් ගිග් එකක් නෙවේ, පිස්සු හැදෙන ගිග් එකක්. ඉස්සරෝම අපි මූලික කරුන ටික කතාකරලා ඉමු.

මොනවද අපිට විකුණන්න පුලුවන්?

  • තමාගේ විශේෂ දක්ශතා තියෙනවානම් ඒවා විකුනන්න පුලුවන්, සින්දු කියන්න, නටන්න, සංගීත භාන්ඩ වාදනය, ‍රැප් කිරීම, ලිවීම-කිවීම වගේ දේවල්.

  • ඊට අමතරව Graphic Designing තමා නියමම රස්සාව. දක්ශයෙක්නම්, කල්ල මරේ.

  • ඊලගට හොදම වැඩේ Social Marketing. ඔයාලට පුලුවන්නම් Facebook යාලුවෝ 500ක්,  Twitter Follower 500 ක්, LinkedIn Connectors, Google + friends වගේ දේවල් අරගෙන දෙන්න, ආයේ කතා දෙකක් නෑ, මම නෙවේ ලක්ෂපති, ඔබයි ලක්ෂපති.

  • Programming වගේ පුලුවන්නම් එපාආආආආ කියද්දිත් ඕඩර් එනවා. අනේ එපා, එපා, දැන් ඇති, කියනකන් ඕඩර් එනවා.

  • ඉහත මුකුත්ම බැරිනම් Digital Products විකුනන්න. ඒ කියන්නේ සයිබරයෙන් හොයාගත්තු, eBooks, Video lessons, Learning Essentials වගේ දේවල්.

  • මීට අමතරව, ඔබට හිතෙනෙවානම් මේ දේ විකිනේවි කියලා, දෙපාරක් හිතන්න එපා ගිග් එකක් හදන්න. එක ගිනුමකට ගිග් 20ක් හදන්න පුලුවන්නේ. ගිනුමුත් ඕනෑතරම් හදන්න පුලුවන්. හිත හිත ඉන්න එපා.

පියවර හතයි, පිස්සු හැදෙයි





1. Title එකෙන් පිස්සු වට්ටමු

  • Unique Titleඑකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැනට කවුරුත් දාලා නැති විදිහේ එකක්.
  • Time frame එක එකේ ඇතුලත් වෙන්න ඕනේ, ඒ කියන්නේ කොපමණ කාලයක් ඇතුලත අපි වැඩේ කරලා දෙනවාද කියන එක. 
  • ඇස් කඩාගෙන යන්න ඕනේ, දැක්කාම ආසා හිතෙන්න ඕනේ.
උදාහරණ: 
I will get you 500 targeted twitter followers in 48hrs for $5


2. Category

Gift Ideas
Fun & Bizarre
Graphics
Video
Social Marketing
Travel
Writing
Postcards
Advertising
Music & Audio
Tips & Advice
Business
Technology
Programming
Other

අතරින් ඔබේ ගිග් එකට වඩාත්ම ගැලපෙන කාමරය ‍තෝරලා දෙන්න. ඉහත උදාහරනයට අනුවනම් “Social Marketing” තමා ගැලපෙන්නේ.

3. Description - බොඩිය පෙන්නලා පිස්සු වට්ටමු

  • මේ කාර්යය කිරීමට ඔබට තියෙන සුදුසුකම්
  • මෙම කාර්යයෙහි තිබෙන වැදගත්කම
  • අවශ්‍ය කාල පරාසය
  • Buyer ගෙන් මොනවාද මේ සදහා අවශ්‍ය
කියන කරුනු මේ සදහා ඇතුලත් කරන්න ඕනෑ.

උදාහරණ: 

"As a Social Media Marketing Expert I know what I am doing, and I will get you 500+ Twitter followers in 48hrs. I will have to follow this targeted twitter users, and will require your password. Check my feedback"

4. Instructions To Buyer

මේක අපේ ගිග් එකට වැදගත් වෙන්නේ කෙනෙක් ගිග් එකක් මිලදීගත් පසුවයි, සල්ලි ගෙව්වට පස්සේ Fiverr මගින් ඔබේ Instructions, Buyerට පෙන්වනවා.

උදාහරණ:
"To follow this targeted twitter users, I will require your password"

5. Keywords

ඔබේ ගිග් එක හොදින්ම විස්තර වන පරිදි, "කොමා" ලකුන මගින් සම්බන්ද කරමින් Keywords යොදන්න. මෙමගින් අපේ ගිග් එක Fiverrහි මුල් පි‍ටුවල දිස්වීමට රුකුලක් වනු ඇත.

ඉහත උදාහරණයට අනුව: Increase, twitter, targeted, followers, social, marketing, 750

6. Time-frame

ඔබට මෙම කාර්ය කිරීමට අවශ්‍ය කාල පරාසය දින වලින්. කාල පරාසය අඩුවන තරමට ගිග් එක විකිනෙන සම්භාවීතාවය වැඩියි.

7. Image - රූප පෙන්නලා පිස්සු වට්ටමු

380x265 px ප්‍රමානයේ ඔබේ ගිග් එක හොදින්ම විස්තර වන පරිදි රූපයක් යොදන්නඉහත උදාහරනයට අනුව, පහල ලෙස රූපයක් යෙදුවොත් හොදයි කියලයි මටනම් හිතෙන්නේ.




Graphic Designing වගේ කරනවානම්. "Add More Images" මගින් ඔබේ දක්ෂතාවය පිලිබිබු වන පරිදි තවත් රූප කිහිපයක් යොදන්න අමතක කරන්න එපා.


ඊලග කුප්පි වලින්,
  • ඕඩර් එකක් ආපුවාම මොකද කරන්නේ?
  • ඕඩර් එකක් complete කරන්නේ කොහොමද?
  • ඕඩර් එකක් complete කරන්න බැරිනම් මොකද කරන්නේ?
  • 100% Positive Feedback ගන්න හැටි.
  • Order පිට Order ගන්න හැටි.
බලාපොරොත්තු වන්න.

ගිහින් එන්නම්,
ඔබට ජය!

පිස්සු හැදෙන ගිග් එකක් හදමු ! Reviewed by සුදු මහත්තයා on 7:17 PM Rating: 5

8 comments:

  1. පට්ට සුදු මහත්තයා ^_^ කියක් විතර හොයාගන්න පුලුවන්ද මේ වැඩෙන්?

    ReplyDelete
    Replies
    1. උත්සාහයේ තරමට තමයි.. දවසට ඩොලර් 100 200 හොයන අයත් ඉන්නවා :D

      Delete
  2. සුපිරි වැඩක්. තව පොස්ට් දන්න මම මේකට අලුත්.

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.