Top Ad unit 728 × 90

recent post

recent

windows 7 රහස් පදය software නැතුව hack කරමුද ..?

අහා කොමද යාලුවනේ.... දිග නිහැඬියාවකින් පස්සේ ආයෙමත් පොඩි දෙයක් කියල දෙන්න කියල බැලුවා .. මේ දවස් වල අසනීප වෙලා නිසා කිසිම වැඩක් කරගන්න බැරුව හිටියේ ..දැන් ඉතින් පොඩ්ඩක් ඔලුව උස්සගන්න පුළුවන් උනා විතරයි blog එක මතක් උනා... ^_^  පාලුවට යන්න දෙන්න බැහැනේ.. ඉතින්.... එහෙනම් අද පාඩම බලමු නේද..?

අවශ්‍ය කරන උපකරණ :- බය වෙන්න එපා ලොකු ලොකු මුකුත් උවමනා නැහැ ඕනි කරන්නේ windows7 DVD එකක් විතරයි..  windows7 DVD එකක් නැති කෙනෙක් ඉන්න විදියක් නැහැනේ ;-) ... හරි එහෙමනං දැන් අපි මේක කරන විදිය බලමුකෝ..

මුලින්ම ඔයා ගාව තියන windows7 DVD එක CD Rom එකට දාලා DVD එක boot device එක විදියට දීලා format කරනකොට කරන්න වගේ DVD එක boot
කරගන්නකො... ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ තැනකට එයි ...


මෙතන next කරන්න ...  ඊට පස්සේ ඒ මෙන්න මේ වගේ window එකක් අන්න එතන වම් අත පැත්තේ යට තියනවා "Repair Your Computer" කියල කොටසක්.. අන්න එතන ක්ලික් කරන්න ....

දැන් ඔයාලට System Recovery Window එක පෙනේවි.. එතනින් window7 කියන එක ක්ලික් කරලා next කරන්න...

දැන් ඔයාලට තවත් window එකක් දිස් වේවි මේ window එකේ පහලට වෙන්න තියනවා "Command Prompt" කියල එකක් අන්න එක ක්ලික් කරන්නකෝ...



ඊට පස්සේ cmd prompt එක දිස් වෙනවා..



ඔන්න දැන් තමයි අපිට වැඩ පටන්ගන්න තියෙන්නේ... පටන් ගමු නේද...

cmd prompt එකේ මේ පහල දාල තියන code එක type කරලා enter කරන්න .

copy C:\windows\system32\sethc.exe C:\

ඊට පස්සේ 1 file<s> copied කියල වැටෙනවා


ඊට පස්සේ ආයෙම පහත සඳහන් code එක ඔතන type කරන්න ..

copy C:\windows\system32\cmd.exe C:\windows\system32\sethc.exe

type කරලා enter කරාම replace කරන්නද කියල msg එකක් පෙනේවි . එකට YES දීලා enter කරන්න..
ඊට පස්සේ ඔයාලට  "1 File(s) Copied " කියල වැටිලා තියනවා පෙනේවි....



දැන් ඉතින් ඔන්න පලවෙනි අදියර සහ අමාරුම කොටස ඉවරයි.. දැන් ඉතින් cmd prompt එක close කරලා DVD එක එලියට අරගෙන PC එක restar කරන්න (hard disk එක boot වෙන්න දාල )

දැන් ඉතින් සාමාන්‍ය පරිදි windows loging window එකට ඒවි...

දැන්  shift key එක 5ස් පාරක් press කරන්න ..

ඊට පස්සේ අපිට හුරු පුරුදු .. cmd prompt එක මතුවේවි. අන්න එතන පහත සඳහන් code එක  ඊට යටින් තියන උපදෙස් අනුව type කරන්න

net user username newpassword

username කියන තැනට ඔයා දැන් LOG වෙලා ඉන්න user account එකේ නම (hack කිරීමට බලාපොරොත්තුවන account එකේ UN එක )  දාන්න

newpassword කියන තැනට ඔබ කැමති ඕනෑම රහස්‍ය පදයක් ඇතුලත් කරන්න .. 


ex :-



net user Sudu sudu12345


දාලා enter කරන්න ;-) ඊට පස්සේ  "The Command Completed Successfully " කියලා වැටේවි...

දැන් ඉතින් වැඩි දෙයක් නැහැ cmd prompt එක close කරලා ඔයා අලුතෙන් දුන්නු PW එක ඇතුලත් කරලා log වෙන්න/////... 

සරලයි සුගමයි... අපි තවත් මේ වගේ පාඩමකින් හමුවෙමු.. එතකන්  ජයෙන් ජය ....
windows 7 රහස් පදය software නැතුව hack කරමුද ..? Reviewed by සුදු මහත්තයා on 2:16 PM Rating: 5

9 comments:

  1. සුදු මහත්තයෝ මේව තේරෙන්නේ නෑ දන්නැති තැනක් ආවොත් කෙළින්ම ඔයාගෙන් අහනවා.

    ReplyDelete
    Replies
    1. අයියෝ අහන්න අයියේ අහන්න..

      Delete
  2. අසනීපයි කිව්වේ?

    ReplyDelete
  3. පට්ටනේ බන්
    මේක දැනගත්ත එක ලොකු දෙයක් හැබැයි ඔය කෝඩ් ටික ලියලා තියාගන්න වෙනවා බන්!

    මොකද අසනීප තත්වේ? ඇයි මොකද වුනේ ප්‍රෙග්නන්ට්ද? :D

    ReplyDelete
    Replies
    1. pregnnat උනා බන් .. අරන් වරෙන්කො... මොන මොනවා හරි.. කන්න .. බොන්නත් එක්කම ^_^.. හෙහ් හේ කෝඩ් ටික ලියල හරි තියාගන්න ඈ .. සමහර වෙලාවට වටිනවා ;-)

      Delete
  4. mchn os deka compatible venna one neda??

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.