Top Ad unit 728 × 90

recent post

recent

අප්පට සිරි ... කන ගාව...

එනවා එනවා එනවා.. එනවා.............. එනවා.. එනවා... ආවා...... 
කවුද කොහෙද කින්ද මන්ද... කුමක්ද........ ????



වෙන මොනාද.....  බීච් පාටිය.. කන පල්ලේ... කෝ කට්ටිය ලෙස්තිද.... 

කොල්ලෝ කෙල්ලෝ අලුත් බාටා හෙම අරගෙන...
ඇඳුම් පැලඳුම් හෙමත් අරගෙනද...?

නැත්තන් ඉතින් මේ අපි වගේ පරන ඒවාම පට්ට ගහන්න බලන් ඉන්නවද...?
 ________________________________________________


මම දෙයියනේ කියල බ්ලොග් ලියන යාළුවො ටික මුණ ගැහුනේ , සයිබර් සිහින උළෙලේදී.. එදා පොඩ්ඩක් (හවස 2ට විතර ) පරක්කු උනා බස් වල සිදුවූ පොඩි ප්‍රමාද දෝෂයක් නිසා.. එදා පුළු පුළුවන් හැටියට කතා බහ කරා..  සමහරු නං දැකලත් අහක බලන් ගියා...

හැබැයි මෙදා පාර

කළු
කෙට්ටු
ටිකක් උස 
කොන්ඩේ  කොටට කපාපු
ඇවරිය එළියේ දාගෙන ඉන්න 

පොඩි එකෙක් දැක්කොත් මේ අර හුදු මාතියාද කියල අහන්න මතක කරන්නෙපා ඈ... 


කොම කොම වේවා එහෙමනං.. මේ එන  21 උදේ 8ට  (2013-12-21) හම්බුවෙමු.....  ඇවිත් මොනවා.. කරන්නද...?

අපොච්චියේ... කරන්න දේවල්ද නැත්තේ....  මියන් පුසන් ඇල්ලීමේ සිට , ගල් අස්සේ වැල්ලේ ඉඳගෙන ඔලුව එබීම වැනි වූ මහා පරිමානයේ ක්‍රීඩා දක්වා කොච්චර දේවල් තියේද...

වැල්ලේ  වාඩි වෙලා කට්ටියත් එක්ක කයියක් ගහන ගමන් .. ඔය පෙප්සියක් (ඔවු පෙප්සි ) තොල ගාන ගමන් . කට්ටිය එක්ක කයියක් දාගෙන ඉන්නවා කියන්නේ කොච්චර දෙයක්ද...  පෙප්සි වලට පොඩි පොඩි   කරකැවිල්ලක් හැදුනොත් .. මහා සාගරේ වගේ තියෙන :-) කරිජ්ජ වතුරට  පනින්න බැරියෑ ..




නොවැරදීම එන්න කලින්  ෆෝම් එක පුරලා හිටියනං දවල් කෑම වෙලාවට  කෑම එක ලැබෙද්දී ප්‍රශ්නයක් වෙන එකක් නෑ මෙතනින් ගිහින් එකත් පුරවල ඉන්නකෝ  ..

බීච් පාටියට එන ...  ගොඩක් අය වෙනුවෙන් මම උදවුවක් කරන්නත් ලේස්ති උනා බුකියේ ඉවෙන්ට් එකේ   වෙන මොනවද ඉතින් ... බීච් පාටියකට එන අපේ බ්ලොග් සහෘදයෝ  හෙම ඔය  එක්කන් එන පොඩි පොඩි දුවලා... ඒ කට්ටිය ඉතින් එහෙට මෙහෙට දුවනවනෙ... පොඩිම අය මට කොමත් ඇලජික් ..ඒක නිසා මම තීරණය කළා

අවුරුදු 15 ත් - 19 ත් අතර.. ඔබගේ දියණිය , සහෝදරිය , අල්ලපු ගෙදර නංගි  එකී නොකී අය බලාගන්න... මම වගේ 

විනීත 
සංවර
සරල
සුගම
තැන්පත්
පිවිතුරු
පවිත්‍ර
අති උතුම්

කොල්ලෙකුට බාර දුන්නම හිතටත් සැනසීමක් නේ .. :3 ..  

හප්පේ කතාවෙන් කතාව තව පොඩ්ඩ පොඩ්ඩ  ලං වෙනවා.... වැඩි විස්තර මෙතනින් ගිහින් බලන්න

එහෙමනං 21 වෙනිදා හම්බු වෙනකන් ....  ඔබ අප සැමට බුදුසරණයි... ජය වේවා ... 

ප.ලි :- සැන්දෑ සාදයටත් ඉන්න  බලන් එන්න ඈ.... (මටනං සුවර් නෑ එකනං)
අප්පට සිරි ... කන ගාව... Reviewed by සුදු මහත්තයා on 2:16 PM Rating: 5

10 comments:

  1. හැන්දෑවට සාද දාන්නේ මොකටද බං.. උඹත් පලයං මාත් යනවා.. හැක්..

    ReplyDelete
    Replies
    1. [-( අනික් අය පවු නේ අෆ්ෆා... වැරදිලාවත් නවතෙන්න සිද්ද උනොත් :d මොන දෙයියන්ට කියනන්ද ... බලමු බලමු cheer

      Delete
  2. උබනම් අනිවම පූසියො අල්ලන්න යනව කියල පේනව :D

    මේ මම අල්ලපු ගෙදර ජොසපින් ආච්චිවත් එක්ක එනව උබ එයාව පොඩ්ඩක් බලාගනින් ඈ :D

    ReplyDelete
  3. ඔව් ඔව් අල්ලපු ගමේ අම්මලත් තමන්ගේ ගෑනු ළමයි ටික පරිස්සම් කරන්න උඹ ඉන්න තැනින් ගෙනත් තියලා යනවා කියලනේ ආරංචිය. ඒ නිසා ගෑනු ළමයින්ට නම් බය වෙන්න දෙයක් නෑ.

    විනීත
    සංවර
    සරල
    සුගම
    තැන්පත්
    පිවිතුරු
    පවිත්‍ර
    අති උතුම්

    කොල්ලෙක් ද කියන පුරස්නේ තමා තියෙන්නේ :-b

    ReplyDelete
  4. අපිට එන්න වෙන්නෑ මේ හුදු මාතියා බලන්ට ;(

    ReplyDelete
  5. මටත් එන්න වෙන්නේ නැනේ.
    මොනව කරන්නද !! ;((

    ( මගේ කලින් Comment එකේ පොඩි අවුලක් වුනා. :-d )

    ReplyDelete
  6. වරෙන්කො වරෙන්කො එදාට!!!

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.