Top Ad unit 728 × 90

recent post

recent

පරිවර්තන මැරතන් එකක් දුවමුද? 2014


මැරතන්, පරිවර්තන! මොකක්ද?

මුලින්ම ගොඩ දෙනෙක්ගේ ඔලුවට ආපු ප්‍රශ්ණය වෙන්න ඇති.

පරිවර්තන මැරතන් එකක් කියන්නේ මහා සමාජ සත්කාරයක්. මොකද නිදහස් හා විවෘත මෘදුකාංග අපේ භාෂාවට හැරවීමයි එතනදී වෙන්නේ. දැන් බුකිය සිංහලට හරවලා ඉන්නේ ෆුල් කික් එකේනේ නේද? ඉතින් ඒ ගැම්මත් හිතට අරගෙන 2014 පරිවර්තන මැරතන් එක දුවමු. මුලු ලංකාව පුරාම විශ්ව විද්‍යාල, ආයතන, පුද්ගලයන් එකතු වෙලා එක තැන ඉඳගෙන දුවන මැරතන් එකක් තමා මේ.

අනේ මන්දා අපිට නම් වතුර ගහපු සිද්ධි එහෙම මොකුත් මතක නෑලු ඕං...

ලංකාවේ පලවෙනි පරිවර්තන මැරතන් එක තිබුනේ 2010 අප්‍රේල් මාසේ 27 වැනි දිනක. ඉතින් ඔන්න දැන් ආයෙත් මැරතන් එකක් දුවන්නයි සූදානම.


දෙවනි මැරතන් එකේදී මෙන්න මේ කියන දේවල් පරිවර්තනය ලෑස්ති වෙලා ඉන්න...



  • Fedora
  • Mozilla
  • LibreOffice
  • Debian
  • Gnome
  • KDE 
  • Sugar Desktop
  • Sahana Eden
  • XFCE
  • Wordpress
  • Ubuntu 
සිංහල හා දමිල යන භාෂා ද්විත්වයෙන්ම මෙම මැරතන් එක පැවැත්වෙනවා. ඉතින් කීබෝඩ් හෙම සුද්ද කරගෙන ලෑස්ති වුනානම් තමා කාරිය.

මේ මැරතන් එක මෙදා පාර මෘදුකාංග නිදහස් දිනයට හා හන්තාන ලිනක්ස් පස් වන සැමරුමට සමගාමීව පැවැත්වෙනවා.

ඔබ උසද? කොටද? (වැඩිපුරම මේ ප්‍රශ්ණය බලපෑ බ්ලොග් කරුවා බට්ටා බට්ටා :3 )

මහතද? කෙට්ටුද?

සුදුද? කලුද?

ටෙක්නිකල් පොරක්ද? නැද්ද?

මේ කිසිම දෙයක් අදාල වෙන්නේ නැහැ. අවම තාක්ෂණික දැනුමක් ඇති අයටත් විශාල ව්‍යාපෘති වලට සහාය දක්වන්න ලැබෙන දුලබ අවස්ථාවක් තමා මේක. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න.

වැඩි විස්තර සඳහා ඩනිශ්ක නවීන් සම්බන්ධ කරගන්න.


පරිවර්තන මැරතන් එකක් දුවමුද? 2014 Reviewed by සුදු මහත්තයා on 4:32 PM Rating: 5

5 comments:

  1. හෑ සුදු මහත්තයට බ්ලොගත් තියනවා කියලා මතක් වෙලා. මේ අපිත් එනවා දුවන්න හරිය. හැකි වෙලාවට.

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ ... ලහිරු වගේ පොස්ට් එක එහෙම පිටින්ම ඉස්සුවේ... :D

      දුවමු දුවමු :)

      Delete
  2. මල කෙලියයි කිව්වලු ඔතනින් දන්නේ ගින්දර නරියා විතරයි නේ...

    ReplyDelete
  3. මොකද්ද මේ? මට නම් තේරෙන්නෙ නෑ

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.