Top Ad unit 728 × 90

recent post

recent

Blogger's ලා..!! ඒ මොක්කුද බං..?

කාලෙකට පස්සේ එළිපත්තට වෙලා ඉඳගෙන ගල් ශෝට දාලා  වල් T එක ඇඳගෙන  බාට කෑලි දෙකත් දාගෙන පාරට බහිනවද නැද්ද කියල කල්පනා කර කර හිටියේ කරන්න දෙයක් නැති කමටම. ඉස්සරහින් පේන තාප්පේ දිහා බලාගෙන ඉඳලා පොඩ්ඩක් වටපිට බැලුවේ මොනවද පේන්න තියෙන්නේ කියල බලන්න මොනවා බලන්නද..? ඉස්සරහම පාර , පාරට එහා පැත්තේ තාප්පෙ ලොකුවට පෙන්න තියෙනවා ජීවිතේට දැකල නැති මුණු ටිකක් දාඩිය පෙරන් දුවනවා ! මොනවා බලන්නද එලියට බහිනවා ඇර...! -_-

ගිනි ගහන අවුවේ අයියත් එක්ක (ඔවු ඔවු නොහික්මුණු ඇය තමයි :3 ) ශේප් එකේ පාරට බැස්සේ තැඹිලි ගෙඩියක් ගහල  කුල් වෙන්න,.
ඔය සීබල් ඇවනිවු (එම ලු කියන්නේ )අවට 
කැරකිලා තියෙන උන් දන්නවා ඇති මෙතන .අයිනේ තියෙන පොඩි කඩේ. එතනින් තමා තැඹිලි බොන්නේ.. එකී මෙකි නොකී හැම රෙද්දටම  දුවන් යන්නෙත් ඔය පොඩි කඩේට තමා... කඩේ අයියත් ඉතින් ෆිට්...


BLOG එකේ දාන්න පොටෝ එකක් ගන්නවා කියපු ගමන්
විසික් කරලා තිබ්බ තැඹිලි කොම්බයක් අරන් පටස් ගාල
කටේ තියාගත්තා :3

තැඹිලි ගෙඩියත් ගහල කිරුලපන පැත්තට ගිහින්  අපි පරාට කන තැනට ගිහින් බඩේ ඉන්න හිඟන පවුලට පොඩි හෙල්ප් එකක් කරන්න කියල කඩේ අයියටත් ටටා පාරක් දාගෙන  එලියට බැස්සා..

කන් දෙක උහුලන්නේ නැති වාහන සද්දෙයි..
නාහෙට දිරවගන්න බැරි දුම් ගඳයි එක්ක තමයි බැරි..

 ටිකක් ඉස්සරහට යනකොට .. ඉතින් .. අපරාදේ කියන්න බැහැ.. අර camera lk ද මොකක්ද කියල පොටෝ අල්ලන කෑලි බෑලි තියෙන කඩයක් තියෙන්නේ අන්න එක තියනවා .. අහ්හ් නැහැ තිබ්බා.. ඒ  පැත්ත හරි කුරිරුයි කියල සමීර අයිය බඩු ටික අකුලන් ගිහින්.. අපි ඉන්න හින්ද වෙන්න ඇති :/ 


නෑ නෑ එලෙවුවේ නෑ... ගිහින් ගිහින්... :3

 ඊට පොඩ්ඩක් එහායින්... පාක් එකේ අයියල සෙට් එක ...හම්මේ...
හයර් එකක් තියා ඒ විල් වල ටයර් එක දිහාවත් හරියට බලල නැහැ .. හැබැයි අපරාදේ කියන්න බැහැ ... කොහෙද දැක්කත්ඇවරියමෙහෙම :D .. 

උන් පොටෝ එකක්ගන්න හදනකොට... 

මල්ලි මල්ලි මොකද පොටෝ ගන්නේ...
මම :- BLOG එකේ දාන්න අයියේ... -_-

එකා :- ඒ මොකක්ද...? ෆේස්බුක් ද ..?
මම :- බ්ලොග් ගැන කියල දෙන්න ගියොත් ඉතින් අවකලනේ උගන්නනො වගේ වෙන නිසා ''ඔවු ඔව් අයියේ ඒක තමයි " කියල ශේප් එකේ පොටෝ එකක් ගත්තා... 


කොහොමද අයියගේ මෙවුව එක .. (අත අත..)
 පොන් එකේ කැරමාව එහෙ මෙහෙ මාන මාන හිටියට බැට්‍රි ගැන බැලුවේ නැහැ... එකේ බට්ටි ලවු.. යකෝ මෙච්චර තාක්ශනේ දියුණු ලෝකේ තාම බැරි උනානේ.. පැය 24ක් එක දිගට වැඩ කරන්න පුළුවන් වෙන්න ස්මාර්ට් පොන් බට්ටියක් හදන්න :/ 

දෙන්නත් එක කයියක් දාන ගමන් ශේප් එකේ කිරුලපන පැත්තට පල්ලම් බැස්සා.. හදිස්සියේ  BLOG මතක් උණු නිසා ඒ ගැන කයියක් දාගෙනම..!

මම :- කාලෙකින් බ්ලොග් ගෙට් එකක්වත් තිබ්බේ නැහැනේ...?
අයියා (නොහික්මුණු ඇය) :- ඔවු බන් .. කස්ටිය උනන්දු නැහැ 

මම :-අම්මප,,,එපා වෙනකන් ලියලා දැන් කස්ටියට දිරවගන්න අමාරු ඇති :D 
අයියා :- මන්ද බන් ලියනකොට ලිවුවා කස්ටිය ඇටි හැලෙන්න දැන් ඇට්ටියක් වත් නැහැ ..

මම :- බලමුකෝ  ... මේ මතක් උණු එකේ මමවත් ලියන්න පටන් ගන්නවා.. පොඩ්ඩ පොඩ්ඩ හරි..
අයිය :- :/ මාත් ලියනවා 

මම :- කටින් ..
අයියා :- නෑ නෑ සිරාවටම :/ 

මම :- කාලයක් තිබ්බා blogger කිවුවම  හැමෝම වගේ දන්න .. දැන් .. :/ 
අයියා :- ඇයි දැන් මොකෝ වෙලා තියෙන්නේ...

මම :- මොනවා වෙන්නද.. අර "I AM BLOGGER" කියල ගහල තියෙන T එක ගහන් පාරට බැස්සම 20k හම්බුනොත්  15ක් ම අහනවා.. BLOGGER'S ලා කියන්නේ මොක්කුද කියල -_- 
අයියා :- නෙදකින් :/ 


ඔන්න ඔය කල දසාව තමයි දැන් බ්ලොග් ලෝකෙට  ඇවිත් තියෙන්නේ...  මක් කොරන්නද... 
හම්මේ,,, ඒවා මේවා වැඩක් නැහැ .. මේ පොස්ට් එක දැමීමේ.. පරමාර්ථෙ ඔය එකක්වත් නෙවි...

1.මේක post එක දැම්මේ මොකටද..? 

ආයේ BLOG එක ලියන්න පටන් ගන්නවා කියන්න යි  දැන් මං තුමා වැඩ වාසය කරන්නේ නුගේගොඩ කියන්නයි .. ;-)


2.මොනවද ලියන්නේ ..?

වෙනද වගේම වල් පල්  ටෙක් .. අනන් මනං හැම රෙද්දම ..!


3.මොකටද ආයේ ලියන්නේ ...?

ආතල් එකට .. :3 

4.කවුද ලියන්නේ ..?

සුදු මහත්තයා කියන එකා... 


අතුරු පස්න තියේනං කොමෙන්ට් කරන්න ඈ...  :D 


ඔච්චරයි... ඉක්මනට තව මොකක් හරි ලිපියකින් සෙට් වෙමු... !
එතකන්,,,
ජය වේවා ..!!!



Blogger's ලා..!! ඒ මොක්කුද බං..? Reviewed by සුදු මහත්තයා on 5:04 PM Rating: 5

27 comments:

  1. මගුල. වෙන වෙන උන් කරනකං බලං ඉන්නෙ. ලෑස්ති කරපල්ලකො ගෙට්ටුවක්.

    ReplyDelete
    Replies
    1. කොරනවා කොරනවා ඉන්ටකො... :/

      Delete
  2. මොක්කුද යකෝ ඔය බ්ලොගර්ස්ලා කියන්නේ. ගණන් ගන්න ජාතියක්ද? අනික ඔව්ව බදාගෙන හිටිය කියල කන්න හම්බ වෙනවද? මං ටෝ >:(

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රයත්නය රජ සැප පිණිස නොව :/

      Delete
  3. සීබල් එකේ තමා මං අවුරුදු 2ක් වැඩ කල ඔෆීස් එක තිබුනේ. උඩ කඩේ නං සීබල් ඇවනියු වෙන්න බෑ.. උඩ පාරෙ වෙන්න ඕන. කැමරා කඩේ ෆුඩ්සිටිය ඉස්සරහට ගෙනිහින්

    ReplyDelete
    Replies
    1. කාලිංග ප්ලේස් ඉන්නේ.... සිබල් හන්දියේ... ඔය පොටෝස් :D

      Delete
  4. මොක්කුද ඔය බ්ලොග්ගරස් ල කියන්නෙ. අමුතු සත්තු ජාතියක්ද?
    දැං උඹ මේ ලියල තියෙන්නෙ මොකක්ද. කවුද මේවට ගෙවන්නෙ.

    ReplyDelete
    Replies
    1. මොක්කුද දන්නේ නැහැ .... :/ මොකට ලියවද දන්නේ නැහැ ...
      ගෙදරින් අම්මල ගෙවනවා :3

      Delete
  5. ලියන්න පටන්ගන්න ඉතින් කලින් ලියල තියෙන්න එපැයි

    ReplyDelete
    Replies
    1. ඔවු නෙහ්හ්..... :/ එහෙනං අලුතෙන් ලියන්න හදනවා :3 එම හොඳයි නේ :D

      Delete
  6. ප්‍රසන්න ගේ ලින්ක් එකකින් ආවේ. මරු කියමන් ටික

    ReplyDelete
  7. මමත් ඉඳල ඉඳලා ලිව්වා විතරයි. සීබල් ඇවනිව් කිව්වා නේද ඉන්නේ. ඉඳපන් මම වෙලාවක එන්නම්.

    ReplyDelete
    Replies
    1. අදෙයප්පා.... ළඟ පාතද එන්න එන්න :D

      Delete
  8. දෙමල ණ යන්න පාර කිව්වා..අපි ආවා
    එල ද බ්‍රා

    ReplyDelete
  9. අම්මප ෙම්කා බ්ෙලාගර්ලෙගන් ඒලවපු ඒෙකක්..

    ReplyDelete
    Replies
    1. හම්මේ.... එම එලවන්න බැහැ.. දුම්මල ගැහුවත් :3

      Delete
  10. හෙනහුරා ලැබුවා වගේ තියෙයි!!!

    ReplyDelete
  11. කොහෙද බන් එලව්වේ, ඔය මගේ බයික් එක නවත්තලා තියෙන්නේ . හිටපන් තව සති දෙකක් ඉවසලා ආපහු ඔතනටම එනවා !

    ReplyDelete
  12. එල එල , අයේ පටන් ගනින් !! :D

    ReplyDelete
  13. machan ube contact dipnko..ubwa hoya hoya machooo hitiye..

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.