Top Ad unit 728 × 90

recent post

recent

ඇම්ඩගේ චීන වධ සහ තවත් කතා 18+



මේ දවස් වල අන්තර් ජාලේ කරක් ගහද්දි එක එක ඒවා හම්බු වෙනවා.ඒ අස්සේ.. ජෝක් කතාත් හම්බු වෙනවා... ඉතින් නිකමට වගේ හිතුන කස්ටියට හිනාවෙලා... යන්න කියලා. මම දැකපු.. හොඳ ජෝක්ස් ටිකක් දාන්න කියලා... ....





 චීන වධ

ඔන්න අපේ ඇම්ඩා චීනෙට ගියා වැඩකට. චීනේ ඉතින් මහ විසාල රටක්නේ, කෝච්චිය වරද්ද ගත්තු ඇම්ඩා දැන් අතර මං වෙලා. කලුවරත් වැටීගෙන එනවා. කරන්න කිසිම දෙයක් නැති හින්දා පහු වෙනිදා උදේ කෝච්චිය අල්ල ගන්නවා කියල හිතා ගෙන ඇම්ඩා ඉස්සරහට ගියා. දැන් නවතින්න තැනක් හොයා ගන්නත් ඕන, හැබැයි ඔක්කොම බෝඩ් චීන බාසවෙන්. තානායම මොකද්ද, කම්මල මොකද්ද කියල අඳුන ගන්න බෑ. ටික දුරක් යද්දි ඇම්ඩට පේනව සිංහල බෝඩ් එකක්, “නවාතැන් දෙනු ලැබේ” කියල. එතෙන්ට ගිහින් බලද්දි එතන ඉන්නවා නාකි චීනෙක්. මූ ලංකාවේ වැඩ කරපු එකෙක් නිසා සිංහල දන්නවාලු! ච්හීනාට ඕනේ කම ඇම්ඩා ඉතින් කිවුවා. මූ නාකි චීනෙක් වුණාට කොන්ඩෙ බැඳපු එකෙක් නෙවෙයි. බැලූ බැල්මට ඇම්ඩගේ තියෙන බ* කාර පෙනුම නිසා චීනා කියපි “මට මිණිබිරියෙක් ඉන්නවා, හැබැයි එයාට මොනව හරි කළොත් මම උඹට චීන වධ තුන දෙනවා” කියල. ඇම්ඩත් කැමත් වෙලා කෑම බීම අරගෙන හෙම නිදා ගන්න ලෑස්ති වුණා. ඇම්ඩගේ කාමරේ උඩ තට්ටුවේ. කෙල්ල ඉන්නෙත් ඒ කිට්ටුවමයි. එතකොට තමයි ඇම්ඩා චීන කෙල්ලව දැක්කේ. මාර බ**! ඇම්ඩට මේක ග***ම ඕන කියල හිතුණා. චීන වධ වලට හෙන ගහපු දෙන් කියල හිතල ඇම්ඩා කෙල්ලට ටෝක් කලා. (ඒකිටත් සිංහල පුළුවන්). කොහොම හරි ඇඳට අරගෙන ඇම්ඩා චීන කෙල්ලට මතක හිටින පොලුප්‍රහාරයක් එල්ල කලා. පස්සේ දෙන්න ඉ** හෙම තමන්ගේ කාමර වලට ගියා. ඇම්ඩ හරි බරි ගැහිලා නිදා ගත්තා.

මහ රෑ ඇම්ඩා ඇහැරුණේ හුස්ම ගන්න අමාරු කමකින්. ඇඳ ඉහපත ගාව කොලේක ලියල තිබුණා “චීන වධ අංක 1 – පපුව උඩ කිලෝ 30ක ගලක්”. මේකත් මොන වදයක්ද කියල හිතපු ඇම්ඩා ගල උස්සලා ජනේලෙන් එළියට දැම්මා. ගලේ යට පැත්තේ ලියල තියෙනවා “චීන වධ අංක 2 – කිලෝ 30 ගල දකුණු ඇ**ට ගැට ගසා ඇත”. ඇම්ඩට දෙලොව රත් වුණා! පහල බැලුවම තියෙන්නේ ඇළක්. ඇ* නැති කර ගන්නවට වඩා මෙතනින් පහලට පැනලා අතක් කඩා ගැනීම සැපයි කියල හිතපු ඇම්ඩා ජනේලෙන් පැන්නා. ඇම්ඩා ජනේලෙන් පහලට එද්දී බිත්තියේ ගහල තියෙනවා“චීන වධ අංක 3 – වම් ඇ** ඇඳට තබා ගැට ගසා ඇත”






ටික් ටික් ටික්...


සිරිපාල සහ බිරිඳ බස් හෝල්ට් එකේ බස් එක එනකම් බලන් ඉන්නවලු...
ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි අට දෙනෙකුත් එල්ලගෙනලු ඉන්නේ.
ඕන් ඉතින් බලන් ඉන්නවා බස් කට්ටක් තාම ආවේ නෑලු

ඔය අතරේ අන්ද මනුස්සයෙකුත් එනවලු බොහොම අමාරුවෙන් අර අන්ද කට්ටිය පාර හොයාගන්න පාවිච්චි කරන පොල්ල තියෙන්නේ.. ආන් එකකුත් වන වන..

මෙහම බලන් ඉන්න කොට ඉන්න කොට බස් එකක් ආවලු හප්පා පොල පටවලා වගේ..

ඉතීන් කොන්දා සද්දෙ දාල කිව්වලු..

"තව දෙන්නෙක්ට විතරයි යන්න පුළුවන් ඊට වඩා දාගෙන ගිහින් මට දඩ කන්න බෑ කියල"
දැන් මක්කයි කරන්නේ ළමයි ටික හලල යන්න යැ,

කොහොම කොහොමෙන් හරි ළමයි ටිකයි ගෑනිවයි බස් එකට දාලා අන්ද මනුස්සයවත් ෂේප් කරගෙන පයින් යන්න සෙට් කර ගත්තලු..

අන්ද මනුස්සයා පොල්ලෙන් පාරට ඇන ඇන "ටික් ටික් ටික්" සද්දෙත් දාගෙන ඉස්සරහට යනවලු ... මේ සද්දේ සිරිපාලට හෙන වාතයක් උනාලු

සිරිපාල: මොනාද අන්කල් ඔය පොල්ලේ අගට රබර් එකක් දාගන්නකෝ... ඔය ටික් ටික් සද්දේ අනිත් මිනිස්සුන්ට කරදරයිනේ..

අන්ද මනුස්සයා : උබ මගෙන් අහගන්න එපා තෝ මට කියන්නේ බන්.... උබ කලින් ඔය වැඩේ කරලා තිබුන නම් අපි දෙන්නම පයින් කට්ට කන්නේ නැනේ....





J.R. සහ රැජිණ : J.R. & Queen


ඔයාල සමහරවිට දන්නව ඇති.. පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ විජේවර්ධන කියලා නේවාසික ශාලවක් තියෙනවා… දැන් ඒකෙ ඉන්නෙ ගෑණු ළමයි…But කලින් මේකෙ ඉදලා තියෙන්නේ පිරිමි ළමයි.. මේකෙන් පිරිමි ළමයි.. ඉවත් කරන්න හේතු වුනු සිදුවීම තමයි මන් අද විස්තර කරන්න හදන්නෙ…

ඔයාලා සමහරවිට දන්නවත් ඇති… මේ කියන Hall 1 තියෙන්නෙ පේරාදෙණිය කෝච්චි මාර්ගයට යාබදවයි.

ඉතින් දැන් මන් කතාව කියන්නම්….

මේ කතවේ කතා නායකයා තමයි… හොද ස්ථානෝචිත brain1 ක් තියෙන JR මහත්තයා… නායිකාව එළිසබත් මහරැජිණි… ඉතින් ඔය කියන රැජිණි ලන්කාවේ TOUR 1ක් ආපු වෙලාවක JRමහත්තයත් එක්ක නුවර මාළිගාව වදින්න උඩරට මැණිකේ කෝච්චියෙන් ඇවිත් තියෙනවා.. ඔය ගැන ලක්වැසි හැමෝම දැනන් ඉදලත් තියෙනවා..

ඉතින් ඔය කිඅයන දවසේ කෝච්චිය විජේවර්ධන ශාලාව අසලින් යනකොට… ඒකෙ හිටපු කොල්ලො සරම් උස්සගෙන ජනේල් කව්ලු වලින් පස්ස එලියට පෙන්නගෙන ඉදල තියෙනව රැජිණගෙ උඩරට සවාරියට විරෝධය පාන්න..



ඉතින් මේක දැකපු රැජිණට Full Upset ගිහින්

“what is these nonsence J.R.” කියලා ඇහුවලු

අපේ JR මහත්තය ඉතින් මොළකාරයනෙ ( තාම රට එයාගෙ ගැට නිසා විදවනවනේ) ටක් ගාල ගත් කටටම කිව්වලු ” Dont be upset madam’

“මෙහෙම තමයි මේ අය ආචාර කරන්නේ… මේක සරසවි උප සන්ස්කෘතියේ part 1k කියලා.”

ඉතින් අර අහින්සක මෝඩ රැජිණ මොකද දන්නවද කරලා තියෙන්නේ…?

JR හිතාගන්නත් කලින් නැගිටල සාය උස්සල ජ**යත් පාත් කරල තම පශ්චාත් භාගය ජනේලයෙන් අර සිසුන්ට පෙන්නුවලු.

ඔන්න ඔය හේතුව නිසා තමයි.. ඔය ශාලාවෙ දැන් ගෑනු ලමයි ඉන්නෙ….

හැබැයි  Charles කුමාරයා ආපු වෙලාවෙ මේකෙ හිටපු ගෑණු ළමයි ඔය වැඩේ කළානම් කොහොම හිටියිද?





අඹකෑල්ලක් 

මේ වතාවේ පිස්සන් කොටුවේ පාලනය භාරගත් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා තරමක් දැඩි ගතිපැවතුම් ඇත්තෙක්. ඒ නිසාම සෙසු කාර්යමණ්ඩලය විතරක් නෙමෙයි වෙනදාට නිදහසේ එහෙ මෙහේ කරක්ගහපු, තරමක් සුවයලබා සිටි පිස්සන් කැලටත් තමන්ගේ සුපුරුදු නිදහස යම්තාක්දුරකට අහිමිවෙලයි තිබු‍‍ණේ. කොහොම වුනත් මේ හේතුවෙන් ඉහත කී දෙගොල්ලන්ම තමන් කෙරෙහි නොකැමැත්තෙන් පසුවන වග ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාටද රහසක් වුනේ නැහැ.

දවසක් රාජකාරි නිමා කොට තම පෞද්ගලික මෝටර් රථය වෙත පැමිණි ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා තම දුරස්ථ පාලකයෙන් එහි දොර‘ගුල් හැරියා පමණි, පිහියක් අතින්ගත් පිස්සෙක් දොර අවුරා නැගීසිටියේය. තත්වයෙහි බරපතල බව තේරුම්ගත් වෛද්‍යවරයා වහා තම දෙපා වලට දිරි දෙමින් ඉවතට දිවයන්නට විය. පිස්සාද නොනැවතී ඔහු පසුපසින් පන්නන්නට විය. උදව් ඉල්ලා කෑගැසුවද වෙනදාට එහෙ මෙහේ රස්තියාදුවන සුළුසේවකයන් එකකුවත් පෙනෙන්නට හිටියේද නැත. ( ලොක්කාම දමපු නීති නොවැ). වෛද්‍යවරයාට තම විසල් උදරය සහ තරබාරු සිරුර ඔසවාගෙන වේගයෙන් දිවයන්නටද නොහැකිය. අභාග්‍යයක තරම. පය පැටලී වෛද්‍යවරයා බිමපතිත වීම නිසා ධාවන තරගය සුළුවේලාවකින්ම අවසන්විය.

පිහිය අමෝරාගත් පිස්සා මහ හඩින් සිනාසී පියවරෙන් පියවර බර අඩිතබමින් වෛද්‍යවරයා වෙත ලංවිය. තැතිගත් වෛද්‍යවරයා දෑස් තදින් වසා ගනිමින් මීලගට එලඹෙන අමිහිරි අත්දැකීම විදදරාගැනීමට සිය හදවත සූදානම් කරගත්තේය. ඊලග මොහොතේදී මෙතෙක් මිට මොලවාගෙන සිටි සිය වම් අත දිගහරිමින් එහි වූ කුඩා උණ අඹයකින් පෙත්තක් කපා වෛද්‍යවරයා වෙත දිගුකල පිස්සා මෙසේ කියාසිටියේය.

"අය්යෝ...... සර්ලට අඹකෑල්ලක් දෙන්න තියෙන අමාරුව.???????."






කෙහෙල් ගෙඩිය

සුකුරුත්තං ඇඳගත්ත කෙල්ලෙක් ඔන්න මගුල් ගෙදරකට ගියාලු…. යනකොට පරක්කුවෙලා… කස්ටිය කාලත් ඉවරලු… මෙකිත් දඩබඩ ගාලා කාලා එහෙම හදිස්සියට ඩෙසර්ට් එකට තිබ්බ ආනමාලු ගෙඩිය කන්නෙ නැතුව මගදි කන්න කියලා දා ගත්තලු ටයිට් ඩෙනිමෙ සාක්කුවට…. මේකි වැඩේ ඉවරවෙලා යන්න පිටත් උනාලු….. ආවේ වන්ඩියක උනාට යන්න වෙලා තියෙන්නෙ බස් එකේ…. හොඳට හිරවෙච්ච බස් එකේ යනකොට අර කෙහෙල් ගෙඩිය තැලෙයි කියලා ලාවට අතක් තියලා අල්ල ගත්තලු… ඔන්න ඔහොම ටික දුරක් එද්දි… ඒකිට පිටපස්සෙං හිටපු කොල්ලා කණට ලංවෙලා කියනවලු…. “නංගි දැන් අත අරිනවද, මං ඉස්සරහා බහිනවා…….”






හොඳ පුරුදු 


පන්තියේ උගන්නන ගමන් ටීචර්ට හිතුනා මේ ළමයින්ට හොඳ පුරුදු ටිකකුත් කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ටීචර් ළමයින්ගෙන් අහන්න පටන් ගත්තා එයාලා හොඳ පුරුදු දන්නවද කියලා.
“මයිකල් කියන්න බලන්න ඔයා කවුරු හරි ලස්සන ගෑණු ළමයෙක් එක්ක රෑ කෑමකට යනවා. එතකොට ඔයාට මුත්‍රා කරන්න යන්න ඕනේ උනොත් කොහොමද ඔයා ඒක අර ගෑණු ළමයට කියන්නේ?”
මයිකල් කියනවා, “විනාඩියක් ඉන්න. මං චූ කරලා එනකම්!”
ටීචර් – ” අපෝ එහෙම කියන එක කැතයි, ඒ වගේම ආචාරශීලි නෑ. හොඳයි සමන් කියන්න බලන්න ඔයා කොහොමද කියන්නේ?”
සමන් – “සමාවෙන්න, මම චුට්ටකට බාත් රූම් එකට ගිහින් එන්නද?”
“ඒක නම් ටිකක් හොඳයි. ඒත් කෑම මේසේදි බාත් රූම් කියන වචනේ කියන එක ටිකක් හරි මදි. කමක් නෑ, පුතා කියන්න බලන්න ඔයා කොහොමද කියන්නේ කියලා?” ටීචර් රංචාගොඩ දිහාට හැරෙන ගමන් කිව්වා.
රංචාගොඩත් නැගිටලා උත්තර දුන්නා, ” මයි ඩියර්, මට විනාඩියකට සමාවෙන්න. මම හොඳට අඳුනන යාලුවෙක් එක්ක ශේක් හෑන්ඩ් (අතට අත දීලා) කරලා ඉක්මනට එන්නම්. මං බලාපොරොත්තු වෙනවා රෑ කෑමෙන් පස්සේ එයාව ඔයාට අඳුන්නලා දෙන්න!”
ටීචර් සිහි නැතුව ඇදන් වැටුනලු!






ඒක ගොනෙක්ම තමා කරන්න ඕන!



මෙය තරමක් ගම්බද පෙදෙසක සිදුවූ සිදුවීමකි.

මහත් වෙහෙසක් දරමින් එළදෙනක් ඇදගෙන යමින් සිටි කුඩා දැරිය දුටු කාන්තාව මහත් අනුකම්පාවෙන් දැරිය ඇමතුවාය.
"දෙයියනේ! මොකක්ද ඔය ළමය ඔය කරන්නේ???"
"මම මේ අපේ එලදෙනව ගොනා ගාවට එක්කන් යන්නයි හදන්නේ!" දැරිය පිලතුරු දුන්නාය.
"බලන්න ඕක ඔයා වගේ පොඩි ළමයෙකුට කරන්න පුළුවන් වැඩක්ද? ඇයි ඔය වැඩේ ඔය ළමයගෙ තාත්තට කරන්න බැරිද?" කාන්තාව ඇසුවේ මදක් තරහිනි.
"බෑ නෝනා අපේ තාත්තට ඒක කරන්න බෑ! ඒක ගොනෙක්ම තමා කරන්න ඕන!"






සාන්ත අන්තොනි මුනිතුමා 


ඔන්න ඉතින් ඇම්ඩන් ස්කොලේ ගිහින් ඉවර නිසා පොඩි ජොබ් කට්ටක් හොය හොය ඉන්න කොට, ජොබ් එකක් සෙට් උනා පේදුරුතුඩුව දෙවුන්දර තුඩුව බස් එකක කොන්දොස්තර කෙනෙක් විදියට, ඉතින් මිනිහා හරිම උනන්දුවෙන් තමයි මේ ජොබ් එක කරන්නේ, මිනිහා ඉතින් මාර අසයි බයිලා අහන්න, බස් එකේ යන එන හැම වේලාවෙම මිනිහා බයිලා කැසට් අහනවා, 

දවසක් ඇම්ඩා බස් එකේ ඇන්ටන් ජොන්ස්ගේ බයිලා කැසට් එකක් අහ අහ යන අතර එක පාරටම කැසට් එක හිර උනා, ඒ වෙලාවේ කැසට් එකේ ගියෙත් කතරගම් රූප සුන්දරිය මනන්පේරී ගැන තියෙන ඇම්ඩන් ආසම සින්දුවක්, ඇම්ඩන් ඒ වෙලාවේ හිටියේ බස් එකේ පිටිපස්සේ, මිනිහා හනි හනිකට බස් එකේ ඉස්සරහට ගිහින් කැසට් එකට මොකද උනේ කියලා බැලුවා, මාර සීන් එක කැසට් පිස් එක හිරවෙලා කැසට් එක ඇතුලේ, ඇම්ඩන්ට දැන් හොදටම මල, මිනිහා කැසට් පීස් එක ඇදලා එලියට ගත්තා, එත් ඒක හිරවෙලා තිබුන නිසා කැසට් පීස් එකේ පටියේ භාගයක් කැඩිලා පොඩි පට්ටම් වෙලා තමයි පීස් එක එලියට ආවේ. දැන් ඉතින් මොනවා කරන්නද එදා වෙලාවට වෙන කැසට් තිබුනෙත් නැහැ බස් එකේ මොනා කරන්නද කියලා හිත හිත ඉන්නකොට ඔන්න ඇම්ඩන්ට හොද අයිඩියා එකක් ආවා,

මිනිහා ටක්ගාලා ඩ්‍රයිවර්ට කිව්වා මිනිහට සෙලෝටෙප් එකක් ගන්න පුළුවන් තැනකින් විනාඩියකට බස් එක නවත්තන්න කියලා. ඔන්න බස් එල නැවැත්තුවා, ඇම්ඩන් ඉක්මනට බස් එකෙන් බැහැලා කඩෙට දුවලා ගිහින් සෙලෝටෙප් එකයි කතුරකුයි අරගෙන බස් එකට අවා, බ්ස් එක පිටත් උනා, අම්ඩන් දැන් අර කැසට් පීස් එකේ පටිය පොඩි උන තැන කපලා අයින් කරලා කැසට් පටිය ආපහු සෙලෝටෙප් එකෙන් අලවලා අපහු කැසට් එක දැම්මා, 

වැඩේ හරි, කැසට් එක එලකිරි වගේ වැඩ, ඔන්න ආපහු ඇම්ඩන් කැසට් එක මුලට රිවයින් කලා කරලා, අපහු කැසට් එක දැම්ම, ටික වෙලාවක් කැසට් එක වැඩ කලා, ඔන්න දැන් ඇම්ඩන් ආසම මනම්පේරිගේ සින්දුව අපහු යනවා, දැන් ඇම්ඩට මාර හැපී, 

ප්‍රේමවතී මනම්පෙරි තරුණිය
කතරගමට හිටපු රූප රැජිනිය
පතිවත කෙලසලා අගේ
මරුවේ තිරිසනෙක් වගේ
ශාන්ත අන්තොනි මුනිතුමා....
ඔබ ගුණ ගයමි අද මේමා..........

ඇම්ඩන්ට එක පාරටම තරු විසි උනා, බස් එකේ මිනිස්සුත් එක එක එවා කියන්න පටන ගත්තා මේ සින්දුව ඇහිලා, ඇම්ඩා ආපහු ඉස්සරහට දුවලා ගිහින් බැලුවා මොකද සීන් එක කියලා, බැලින්නම් ඇම්ඩන් අර අලවපු තැන තමයි මේ විදියට වෙලා තියෙන්නේ අයින් කරපු කැල්ලේ මනම්පේරි සින්දුවේ අන්තිම ටිකයි සාන්ත අන්තොනි මුනිතුමා සින්දුවේ මුලටිකයි කැපිලා ගිහින් මේ විදියට තමයි පටිය ජොයින්ට් වෙලා තියෙන්නේ.







wrong number

හෙලෝ.... හෙලෝ...... ආ.... පුතා මම දැන් ගේ ලඟටම ඇවිල්ලා ඉන්නේ අම්මිට කියන්න ගේට්ටුව අරින්න කියලා"
පුතා - "හා තාත්තී..."
"හෙලෝ.... හෙලෝ.... පුතා කෝ ඔයා අම්මිට කිව්වේ නැද්ද ගේට්ටුව අරින්න කියලා. ‍මම මේ ගේට්ටුව ලඟ ඉන්නේ"
පුතා - "මම කිව්වා"
"ඉතිං"
පුතා - "මම යනකොට අම්මි ගේ කාමරේ දොර වහලා. මම දොරට තට්ටු කරහම අම්මී ඇහුවා "මොකද කියලා" එතකොට මම කිව්වා "තාත්තී ලඟම එනව කිව්වා ගේට්ටුව ඇරල තියන්න කිව්වා කියලා"
"ඉතිං.."
පුතා - "කාඹරේ ඇතුලේ ලොකු කලබලයක් වගේ ඇහුනා... ඊට පස්සේ දඩීං.... ගාලා කව්ද බිම වැටුනා... ඊට පස්සේ ජනේලේ අරින සද්දේ ඇහුනා..."
"ඊට පස්සේ"
පුතා - "මම කාමරේ දොර ඇරල බලනකොට අම්මී බිම වැටිලා හිටියා. එයාගේ ඔලුව හොඳටම තුවාල වෙලා එයාට සිහි නැහැ. මම ඇරල තිබුන ජනේලෙන් පහල බැලුවා. කව්ද පිස්සෙක් වතුර අස්කරපු පූල් එකට උඩ තට්ටුවේ ඉඳල පැනලා"

"ඔහ්! මොන පූල් එකද? මොන උඩ තට්ටුව ද? අපේ ගෙදර පූල් එකක් නැහැනේ. වෙරි සොරි පුතා රෝන්ග් නම්බර්




හම්මේ බඩත් රිදෙනවා... එහෙනං මෙන්න මේ කවියත් බලලම ඉන්නකෝ 





කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!


ඔන්න දැන් තමයි වාදෙ..

කවියා:

දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
රතු කැටයක් වගෙයි හරියට කහවත්තේ

කිවිඳිය:

උපමා කියයි දම දම බොරු හිනාව
මට තේරුණා අමරෙගෙ උවමනාව
වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව

කවියා:

අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි

කිවිඳිය:

රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ 



කවියා:

කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය ඇගේ
පස්සා පැත්ත හරියට පුන් කළස වගේ
සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර ඇගේ
දුටුවා එවැනි එකියක මගෙ තරුණ යුගේ

කිවිඳිය:

කැත එකියකට බොරු උපමා හරි ගස්සා
ඔල්මාදයෙන් දොඩවයි මේ කවි පිස්සා
පුන් කළසකට සමවේ නම් පිටි පස්සා
පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා

කවියා:

කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල වෙලේ
තාලෙට කළය රඳවාගෙන උකුලු තලේ
සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ
අප වැනියන්ට පමණකි එය දකින මොලේ

කිවිඳිය:

අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින දකී
කවි යයි කියා පවසන්නෙම බොළඳ වැකී
සතියක් යන්න පෙර මංගල නැකත මැකී
වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර එකී

කවියා:

කවි පද වලට කොතැනකවත් නෑ මෙල්ල
ඔබ හින්දයි ගියේ වෙනතක ඒ කෙල්ල
මට පෙම් පිපාසය - හරියට පෑවිල්ල
නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල? 

කිවිඳිය:

අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ ගිල්ල
වැටහෙයි නාකි අමරෙගෙ බොරු දැඟලිල්ල
දැන්නම් මගෙත් නැතිවෙනවා ඉවසිල්ල
නා දළු නොවෙයි අරගන්නෙමි දොර පොල්ල

කවියා:

කවියට කොතැන මුත් ඇත්තේ බාදකය
බැලුවම ගැහැණු වන මල් මෙන් ළාමකය
දැමුවට පසු ඇයට උපමා රූපකය
ඔලුවට එන හැඩයි දොර පොලු මාරකය

කිවිඳිය:

උපමා උපමේය දම දම පුරාණේ
එන්නෙම ළඟට මුල'සුනටත් හොරානේ
ඉන්නෙත් තවම අකලට දිරවලානේ
මට මොනවටද මේ වයසක පරානේ

කවියා:

සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද මොකක්
නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක්
සිහිනිඟ මිටින් අරගත හැක නැතුව සැකක්
කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම එකක්

කිවිඳිය:

හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
සක්කරවට්ටමක් යනකොට නළවාලා
ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා

මුලාසනය:

හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!






ඇම්ඩගේ චීන වධ සහ තවත් කතා 18+ Reviewed by සුදු මහත්තයා on 1:29 PM Rating: 5

22 comments:

  1. මදී තව් දියන් , පැන්ඩා

    ReplyDelete
  2. මරු කතා ටික. නියමයි.... හිහ් හිහ්

    ReplyDelete
  3. මේවා දැකලා පණ යන තරමට මටම හිනා!!!!

    ReplyDelete
    Replies
    1. පන යන තරමට මටම හිනා... විකාරයිනේ බොල ඒ කොමෙන්ට් එක ....

      Delete
  4. සුදුමහත්තයා මේවත් දන්නවනේ එහෙනං..... අපි හිතුවේ කොම්පිතර් ගැන විතරයි දන්නේ කියලයි.

    ReplyDelete
    Replies
    1. අප්පච්චියේ ඒ චින්තනේනන් එපා ඈ... මම හිනාවෙන්නත් දන්නවා ඈ...

      Delete
  5. මට ගුරාලු හික් උඹ තමා වල්ම වල් වලා
    පට්ට කතා සෙට් එක හැබැයි ඉතින් බාගයක්ම දන්නා ඒවා.මොනා වුනත් අහපු නැති ඒවාත් තිබ්බා බන් සුපිරි ආ.

    ReplyDelete
    Replies
    1. හෑ... ඔය ඉතින්... මට නැති නම් පට බ්න්දිනවනේ.. මම වල් නැහැ හරිය...

      හෙහ් එල එඅල් ...

      Delete
  6. හප්පේඑඑඑඑඑඑඑඑ............ හරී වල් ආතල්... :)

    ReplyDelete
    Replies
    1. හෑ... හෙහ් හේ ... එකනෝ එකනෝ....

      Delete
  7. උදෙන්ම හිනා වුනා. :D

    ReplyDelete
  8. අඩෝ පට්ට කතා සෙට් එක බොලේ.... නියමයි.....

    ReplyDelete
  9. ඔය අන්තිම කවි පන්තියේ "අමරේ" කියන්නේ "මාකඳුරේ අමරසිංහ" කවියා. ඔහු 2007, 2008, 2009 වසර තුනේම "වසරේ හොඳම හිටිවන කවියා" ට හිමි සම්මානය දිනාගත්තා. ඒ මගේ ඥාතියෙක්.

    මොනවා වුනත් කතා ටික ලස්සනයි. සමහර ඒවානම් කියවල තිබුන. ජය..!

    ReplyDelete
    Replies
    1. නොදන්නා දෙයක්.. නියමයි....

      හෙහ් හේ එල එල

      Delete
  10. කලින් අහපු කතා එකක්වත් තිබුනේ නැහැ නේ. ඒ කියන්නේ අපි හොඳ වුන් ද?.

    ReplyDelete
    Replies
    1. මේකනං මට දරාගන්න අමාරුයි....

      Delete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.