Top Ad unit 728 × 90

recent post

recent

BLOG එකක් නිවැරදිව හදන්නේ කොහොමද...?(blogger)

හම්මේ ඉඳලා ඉඳලා ටිකක් දිගට ලිපියක් ලියන්න කියල හිතුනා... එකට හේතුව උනේ.. බුකිය තුලදී සහ පාසලේදී , පන්තියේදී , මේල් වලින් ආපු ප්‍රශ්න අතර දැන් ID එක තරමටම හැමෝටම තියෙන (එකකට වඩා) blog එකක් හදන්නේ කොහොමද සහ. බ්ලොග් ආශ්‍රිතව එන ගැටළු... ගැන අහන නිසා... එක එක වෙලාවට එක එක ප්‍රශ්න..

  • මොනවද ලියන්නේ..?
  • මොන වගේ නමක්ද දාන්න ඕනි...?
  • ඩොමේන් එක කොයි වගේ වෙන්න ඕනිද..?
  • blog එකක් හදාගන්නේ කොහොමද..?
  • template එක දාන්නේ මොකක්ද...?
  • එක customize කරගන්නේ කොහොමද..?
  • ඇයි Visitors ලා එන්නේ නැත්තේ...?
  • ඇයි search  engine වලට අහු වෙන්නේ නැත්තේ..?
  • අපිට custom domain එකක් දාගන්න පුලුවනිද..?
  • කොහොමද අපේම කියලා domain එකක් දාගන්නේ..?



එකී නොකී මෙකි ගොඩාක් ගැටළු එනවා... ඒ අතරින් වැඩිපුරම එන ප්‍රශ්නේ තමයි template එක customize කරගන්න විදිය.. ගැන...

හරි ඉතින් අපි මුල ඉඳලා කතා කරමු....!

මුලින්ම බලමු මොකක්ද මේ BLOG , blogger සහ blog කරණය කියන්නේ මොකක්ද කියලා...?

මුලින්ම මේ ප්‍රශ්නේ ඇහුවම විවිධ අයට විවිධ විවිධ අදහස් දක්වන්න..පුළුවන්.. එකක් දෙකක්.. නෑ සිය දහස් ගණනක්.... අපි ගොඩක් වෙලාවට BLOG කියලා හිතන් ඉන්නේ Blogger කියන එක ... එහෙම නෙවෙයි..?


  • ඇත්තටම blog කියන වචනය ආවේ "weblog"යන්නෙන් හෝ "web log" යන්නෙන් බිඳිලා ..
  • "blog"එකක් අපිට online දින පොතක් , අදහස් ප්‍රකාශ කරන මාධ්‍යක් ,  විදියට පාවිච්චි කරන්න පුළුවනි  උදාහරණයක් විදියට පුවත් පතක් ලෙස...
  • "blogger" කියන්නේ යම් කෙනෙකුට blog එකක් ලියන්න උවමනාද ඒ සඳහා සහය දක්වන නොමිලේ ලබා දෙන cms එකක්. (google සමාගමෙන්) අපිට wordpress cms එක පාවිච්චි කරලා blog එකක් ලියන්නත් පුළුවනි. එහෙමත් නැතිනම් html පිටු ආධාරයෙන් blog එකක් ලියන්න පුළුවන්...
  • ඊලඟට "blog කරනය" (blogging) කියන්නේ ලිවීමේ කලාව ට ..?

ගොඩක් අයට ඉහත කරුණු දෙකම තිබ්බත් blogging ගැන දැනුම ගොඩක් අඩුයි..!  :) (මටත් -_- )

ඉතින් අපි පිලිවෙලින් මේ ගැන ඉගෙන ගනිමු...


  • මුලින්ම මොනවද ලියන්නේ ...?  :-?

ඇත්තටම මටත් blog එකක් කිවුවම මොනවද ලියන්නේ කියන එක අහස පොලොව ගැටලන ප්‍රශ්නයක් වෙලා තිබ්බේ.. හිතාගන්න බෑනේ.. ලියනවනං කෝච්ච දේවල් තියේද ලියන්න.. කවි , කතා ,සින්දු ,නිසඳස් , පුවත් , නව සංකල්ප , තාක්ෂණික කරුණු ... එකී නොකී මෙකි.. සිය දහස් ගණනක් දේවල් තියෙනවා..ලියන්න...
ඉතින් , මුලින් තෝරාගන්න තමන්ට ලියන්න පුළුවන් දෙයක්.. අලුත් පුවත් හොයලා ලියන්න පුලුවනි නං එහෙම ලියන්න පුළුවනි... කි ලියන්න පුළුවනි නං එහෙම පුළුවනි... කොච්චර දේවල් තියෙනවා නේද..

ඉතින් ලියන්න දෙයක් තෝරගන්න...  (o)


  • ඊට පස්සේ blog අඩවියට දාන නම මොකක්ද...?  :-?

මේකනං ඇත්තටම බොන්න ඕනි වර්ගයේ ප්‍රශ්නයක්...   :>)  මොකද ලියන දේවල් කෙසේ වෙතත් ලියන බ්ලොග් එකේ නම දාගන්න ගියාම... වටේ පිටේ ඉන්න අයෙගෙනුත් අහනවා මොන වගේ නමක්ද දාන්නේ කියලා...blog එකට නමක් දානවනං සැලකිලිමත් විය යුතු කරුණු මේවා..



  1. blog එකේ අන්තර්ගතයට ගැලපෙන නමක් වේ නම් ගොඩක් හොඳයි.
  2. ඒ වගේම common නමක් නොවිය යුතුයි.. 
  3. එක පාරක් ඇහුවම මතක හිටින නමක් විය යුතුයි.
  4. blog එකේ නම උච්චාරණය කරන්න පහසුවිය යුතුයි. (මම බරපතල ලෙස මුණ දෙන ප්‍රශ්නයක්  :3) 
යනාදී කරුණු ගැන සැලකිලිමත් වෙලා නමක් තෝරාගන්න ඕනි.
ex :- හුදු මාතියා ගේ BLOG අවකාශය  :d



  • ඊට පස්සේ blog domain එක ..


 ඇත්තටම කිවුවොත් sub domain එක කොයි වගේ විය යුතුද..? 

මෙහෙමයි අපි domain එක තොරගනිද්දී අපි නම ගනිද්දී වගේම ඒ කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕනි විශේෂයෙන් කෙටි ඒ වගේම පහසුවෙන් මතක හිටින ඇදිලා යන වර්ගයේ domain එකක් වෙන්න ඕනි .. මම හිතන  විදියට මගේ domain එක මතක තියාගන්න ඉතා පහසුයි ... sudusm.com (සුදු එස් එම් - ඩොට් කොම්) අන්න ඒ වගේ පහසුවෙන් මතක තියාගන්න පුළුවන් වෙන්න domain එක තෝරාගන්න...




  • ඊලඟට කොහොමද Blog එකක් හදාගන්නේ...? 

පියවරාකරව google සමාගමෙන් අපිට ලබා දෙන blogger නම් පහසුකම භාවිතා කරලා Blog අඩවියක් හදාගන්න ආකාරය ඉගෙන ගනිමු..

මුලින්ම  ඔබ Google account එකක් තියෙන්න ඕනි ... (Gmail , blogger , drive google account එකකට ලැබෙන පහසුකම් වේ) එහෙම නැතිනම් https://accounts.google.com/SignUp යන ලින්කුවට ගිහින්  google account එකක් හදන්න..?



ඊට පස්සේ www.blogger.com  කියන ලින්කුවට යන්න  .
ගිහින් එතනදිත් PW එක ආයෙම දීලා log උනාම මේ වගේ පිටුවකට එයි.


මෙතැනදී තෝරන්න ඕනි blog එකේ ලිපි දාද්දි ඒ කෙනාට ලිපිය ලියන කෙනාගේ විස්තර බලාගන්න පුළුවන් වෙන්න හදන්න ඕනි profile එක google plus ද නැත්තන් Blogger profile එකක්ද කියන එක .. මමනම් හිතන්නේ හැමදේටම හොඳයි google plus profile එක දෙන එක... එහෙමනං මෙතනින් පසු ඔබගේ විස්තර  ලබාදීලා profile එක හදන්න..

අවසානයේ ...  continue to blogger








ඊට පස්සේ එන පිටුවෙන් creat a new blog යන්න  ක්ලික් කරලා ..pop up වෙන පිටුවේ ඉහත සඳහන්කල කරුණු ගැන සැලකිලිමත් වී blog title (බ්ලොග් අඩවියට යොදන නම)සහ blog address (ඩොමේන් එක ) යොදා . create a blog යන්න ක්ලික් කරන්න..

දැන් ඔබගේ blog අඩවිය හදලා ඉවරයි...  :D

 ඊලඟට අපි බලමු ඔබ සාදාගත් blog අඩවියට blogger විසින් දී තිබෙන template එකක් දාගන්නේ හෝ අපි හොයාගන්න Templet එකක් දාන්නේ කොහොමඩ් කියලා...

මුලින් blogger විසින් අපිට දීලා තියෙන templet කිහිපයක් තියෙනවා.. ඒ සඳහා පහත රුපරේ පරිදි click කර  templet කියන කොටසට යා යුතුයි... 




ඉන පසු පහත සඳහන් ආකාරයේ පිටුවක් ඔබට ලැබේවි...




template එක සැකසීම සහ...  





  • template එක දාන්නේ මොකක්ද...?
  • එක customize කරගන්නේ කොහොමද..?
  • ඇයි Visitors ලා එන්නේ නැත්තේ...?
  • ඇයි search  engine වලට අහු වෙන්නේ නැත්තේ..?
  • මොකක්ද මේ Webmaster Tools කියන්නේ..?
  • අපිට custom domain එකක් දාගන්න පුලුවනිද..?
  • කොහොමද අපේම කියලා domain එකක් දාගන්නේ..?

     යන කරුනුත් සමග ඉක්මනින් හමුවෙමු ඉක්මනින් හමු වෙමු  ජය වේවා .. බුදුසරණයි ..
BLOG එකක් නිවැරදිව හදන්නේ කොහොමද...?(blogger) Reviewed by සුදු මහත්තයා on 9:41 PM Rating: 5

58 comments:

  1. අලුතින් බ්ලොග් ලියන්න එන අයට වටිනවා මේ ටික .. :D

    ReplyDelete
  2. උඹට කියන්න සුද්දා මං මේක ලියන්නමයි කියල හිටිය පෝස්ට් එකක්..
    මොකද එෆ් බී එකේදි වැඩිපුරම මගෙන් අහන එකක් තමයි මේ ප්‍රශ්නෙ.. මම මේක ලියන්න ස්ක්‍රීන් ශොට් හිටං අරගත්තා එක කෙල්ලෙක්ට බ්ලොගයක් අටෝල දෙනකොට..

    ඒත් ඉතින් කම්මැලිකමට අතෑරිය වැඩේ.. මට වඩා උබට මේක නියමෙට කරන්න පුලුවන්.. මොකද මේ සම්බන්දව සංකීර්ණ දැනුමක් තියනව උබට මට වඩා.. ඒක හින්දා මේක ලියපන්.. මතක ඇතුව ඊලඟ පෝස්ට් එක ඉක්මනට දාහං.. දාලා මේකෙන් ඒකටත් ලින්ක් කරහං.. පූර්ණ ලිපියක් මේ සම්බන්දව තාම කොහෙවත් ලියවිලා නෑ මම දන්න තරමින් කොච්චර ටෙක්නිකල් බ්ලොග්ස් තිබුනත්. . දැං ඒ අඩුවත් හරි.. ජය!!

    ReplyDelete
    Replies
    1. // මේ සම්බන්දව සංකීර්ණ දැනුමක් තියනව උබට මට වඩා.//

      එච්චර නෑ බන් .. දන්නා ටික ලියන්න හැදුවේ හැමෝටම හොඳ නිසා.... ලින්ක් කරන්නම් අර විදියට ජය වේවා.. ස්තුතියි ඈ ^_^ cheer

      Delete
  3. Replies
    1. බොහොම ස්තුතියි සුදික අයියේ :)

      Delete
  4. සුද්දා උඹ දන්නවා නේ මම කාපු කට්ට. නෙට් එකේ ගහලා හොයලා මාර කට්ටක් කෑවා. පස්සේ දෙව්මියා කියලා තමයි උඹව අල්ලා ගත්තේ. එදා උඹෙන් හම්බුන උදව්ව හින්දා අද කරදරයක් නැතුව වැඩ ටික කරගෙන යනවා. මහලොකු දැනුමක් නැතත් ගැට ගහගන්න පුළුවන්. ඒ උදව්ව අලුතෙන් එන හැමෝටම ලබා ගන්න මේ කරපු වැඩේ නම් ඉස්තරම් බන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං... :)

      ඇහැක් හැටියට දන්නා පොඩ්ඩ උනත් කියා දෙන එක වටිනවනේ බන්.. අපි සියල්ල දත් විදියට ඉපදුනේ නෑනේ ^_^

      Delete
  5. බොහොම ස්තුතියි මේ හරවත් ලිපියට. මමත් මෙතක් කල් කරගෙන ආ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට අමතරව බ්ලොගර් බ්ලොග් අඩවියක් ආරම්භ කළා. මෙන්න ලිපිනය http://wicharaka.blogspot.com එහි අඩුපාඩු පෙන්වාදෙන ලෙස කාරුණිකව ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. හරි.. මම බලලා කියන්නම් .. අවට බොහොම තුති.. cheer

      Delete
  6. ela ela (h) මෙන්න පොස්ට් එක දාල... :d තව තව අලූත් කරුණු මතක් උනොත් ඒවත් දාහං.. Google Webmaser Tools (SEO for Blogger) ගැන ඒම (f)

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ දැම්මා බන් :) තැන්කුයි තැන්කුයි.. පබ්ලිෂ් කරන්න කලින් තං හතර පාරක්ම කියෙවුවනේ උඹ :-)

      Delete
  7. අඩෝ මේකෙ ඕන ටික නෑ නේ උඹ දන්නෙත් නැද්ද ඉතුරුටික.

    ReplyDelete
    Replies
    1. නෑනේ බන් දන්නා කෙනෙක්ගෙන් අහල ලියන්නම් :3 :p

      Delete
  8. අඩෝ මේකෙ ඕන ටික නෑ නේ උඹ දන්නෙත් නැද්ද ඉතුරුටික.@-}-- :*) -:) :-* :-P :-S :-B

    ReplyDelete
  9. මාමේ මටත් මේ විදිහට බ්ලොග් එකක් හදලා දෙන්නකෝ

    ReplyDelete
    Replies
    1. ශිවු... blog ලෝකේ දැවැන්තයෙක් කියන කතාවක්ද අප්පා ඒ :p

      Delete
  10. (h) මචං නව Blogger කරුවන්ට ඉතා වටින ගයිඩ් එකක්... ටිකක් කියවන්න අමාරුයි බන්.. Post එක.. පොඩ්ඩක් ඒ ගැනත් අවධානය යොමු කරානම් තමා හොද... එල එල... ජයෙන් ජය මචං...

    ReplyDelete
    Replies
    1. කියවන්න අමාරු මොකක් නිසාද බන්... ? :-b :-?

      Delete
  11. ගොඩක් වටිනවා සුද්දෝ......ඉතුරු ටිකත් ඉක්මනින් ලියලා දාන්න.

    :)

    ReplyDelete
    Replies
    1. :) හෙට උදේ හරි අද රෑ හරි ඊලඟ කොටස දානවා :d

      Delete
  12. පට්ට මචන්.... මම තාම අලුත් නිසා දැනගන්න තියෙන දේවල් බොහෝමයි... එල එල,.... =p~

    ReplyDelete
    Replies
    1. :) පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගමු සහෝ

      Delete
  13. තුති මල් පුදමි. 8-)

    ReplyDelete
  14. හරිම වටිනා වැඩක්. බ්ලොග් කියවන ලියන්න ආසාවෙන් ඉන්න අයට ගොඩක් වැදගත් වේවි. මමත් බ්ලොග් එකක් පටන්ගන්න ඉන්නේ. ඒකට මේ පෝස්ට් එක මහඟු පිටුවහලක්. ජය වේවා....

    ReplyDelete
    Replies
    1. @-) අපේ ආච්චිට :O //මමත් බ්ලොග් එකක් පටන්ගන්න ඉන්නේ.// ඈ එහෙමද ..? :p

      ජය

      Delete
  15. බ්ලොග් එකක් හැදුවා වගේ නෙමේ... බ්ලොග් එක ඇදගෙන යන්න ගියහම තමා අමාරුව දැනෙන්නේ.... :o

    ReplyDelete
    Replies
    1. අනේ ඔවු බන් මටත් මේ දැනටම එපා වෙලා තියෙන්නේ [-(

      Delete
  16. ඉතාම හොද උපදෙස් මාලාවක්ම තියෙනවා...බ්ලොග්කරණයට පිවිසෙන නවකයෙක්ට මේ උපදෙස් ඉතාමත් වැදගත් වේවි..ඉතාම අගය කරනවා මේ ලිපිය...

    ReplyDelete
  17. මාත් ඇහුවේ ඔය ගැනමනේ.. බ්ලෝග් එක හදලා දුන්නට ස්තුතියි අයියේ.. ඉක්මනට අනිත් ටික දාන්න :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ .... නැතුව මේ බාගෙට ලියල නව්ට්තල ඉන්නේ

      Delete
  18. මේකනම අලුතෙන් බ්ලොග් එකක් පටන්ගන්න හිතාගෙන ඉන්න අයට ගොඩක් වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. cheer ඉතුරු ටිකත් ඉක්මනට දාන්න ඕනි අප්පා

      Delete
  19. අලුතෙන් බ්ලොග් පටන් ගන්න ඉන්න අයට කදිම ලිපියක් මලයා

    ReplyDelete
  20. එල එල යාළුවා මේක බොලොග් එකක් මුල ඉදල පටන් ගන්න අයට ගොඩක් වටිනවා
    මෙන්න එකතු වෙන්න පරිගණක ලෝකයත් සමග http://pclokayak.blogspot.com/

    ReplyDelete
  21. Best for newbies ayya Great post :)

    ReplyDelete
  22. ඒ සුද්දෝ මටත් ඔය බොලොක්කයක්ද මුකක්ද කියන එකක් අටවලා දීපංකො 8-)

    ReplyDelete
  23. පට්ට සුඩ්ඩො :d දිගටම ලියහන් ඈ . මේක අවුරුදු දෙකකට විතර කලින් දැක්කනම් ;-(

    ReplyDelete
  24. මටත් ඇත්තට බ්ලොග් එකක් හදන්න ලොකු උවමනාවකින් හිටියෙ. හැබැයි බ්ලොග් කියන්නෙ මොන මගුලක්ද කියලවත් දැනගෙන හිටියෙ නෑ. ඇත්තටම නොදැන හදනටව වඩා මේක ලොකු උදවුවක් සුදුමහත්තය. හෙට අනිද්දම මාත් එකක් හදන්න පටන් ගන්නව
    ස්තූතුයි

    ReplyDelete
  25. බොහොම හොද වැඩක් සුදු මහත්තයා...බොහොම හොදයි...
    :)

    ReplyDelete
  26. එල එකක් සුද්දෝ (o) මමත් පොඩියට මෙවුවා එකක් කරනවා, ඒත් ඒකට හරියන ටෙම්පුවක් තාම සෙට් උනේ නෑ බං [-( දාන දාන ඔක්කොම මඤ්ඤං @-) හොඳ ටෙම්පුවක් දියංකො පුලුවන්නම් :) www.mrdumiya.com

    ReplyDelete
  27. ඉතුලු තික කො :(

    ReplyDelete
  28. machan web redio ekak karanne kohomada?

    ReplyDelete
  29. මට උදව්වක් ඔන මට මගේ බ්ලෝග් එකට ලස්සන ටෙම්ප්ලිට එකක් හදාගන්න ඔන ප්ලීස් ලේප් me

    ReplyDelete
  30. thank you අයියේ... ගොඩක් වටිනවා ඔයාගේ මෙි උත්සහය... ඒ වගේම සාර්ථකයි... තවත් මීට වඩා වටින දේවල් කරන්න අපි වෙනුවෙන්...

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.