Top Ad unit 728 × 90

recent post

recent

නොමිලේ online radio එකක් පටන් ගමු ...


 කොමද යාලුවනේ.. ඔන්න ඉතින් ආයෙමත් සුද්ද කාලෙකට පස්සේ  දෙයක් අරගෙන ආවා... මගේ බ්ලොග් එකට ඉස්සර ඉඳලා එන උදවියට මතක ඇති මම ඉස්සර blog එකට එනකොට. එපා වෙනකන් සින්දු play වෙන් හැදුවා.. එක එක වෙලාවට එක එක සින්දු.. සමහර වෙලාවට ඔයාල ඉල්ලන සින්දුත් දුන්නා... වැඩේ කියන්නේ.. මොන කරුමෙකට හරි මට එක කරන විදිය ලියන්න අමතක උනා.. අද බුකියේදී  වැලි කොස්ඇට මියා මගෙන් මේක ඇහුවම තමයි බ්ලොගේ  දැම්මෙවත් නැහැ නේද කියල මතක් උනේ.. ඔන්න එහෙනං..
මියා ටත් තැන්කියු කියාගෙන radio එකක් හදන්න පටන්  ගමු නේද..?

හරි. ඔයාලා. දන්නවනේ  online radio කිවුවම මෙන් මේ වගේ එකක් . ඇත්තටම මේ online radio එකක් කියන්නෙත් web අඩවියක් මේ වෙබ් අඩවියට ඇතුල් වෙන ඕනි කෙනකුට ඒ වෙබ් අඩවියට ඇතුල් කරලා තියෙන ගීත අහන්න පුළුවන්.. .. අපිට online radio එකක් බවට ඔබේ බ්ලොග් අඩවිය හරි එකට වෙනම හදපු අඩවියක් හරි ගන්න පුළුවනි.. ඒ කොහොම උනත්.. අපිට online radio එකක් හදද්දී audio player එකක් වගේම. mp3 files රඳවා තියාගන්න server එකක් ඕනි..

සාමාන්‍යයෙන් මේ වගේ server එකක් ගන්න ගානක් ගෙවන්න ඕනි . මේ link එකට ගිහින් බලන්න http://lkwebhosting.com/sri-lanka-hosting/radio-hosting/  දැන් තේරෙනවා ඇතිනේ... දැන් . මෙහෙමයි.. මේ හැම එකකම පාහේ..ගෙවීමක් කරන්න ඕනි..  එත් අපි අද කතා කරන්න ආවේ නොමිලේ radio එකක් හදන හැටිනේ..

හරි. මෙහෙමයි.. වෙන්නේ..  http://www.iradeo.com/ කියන අඩවියෙන් තමයි. මේ නොමිලේ සේවාව අපිට දෙන්නේ. ඒ ගොල්ලොන්ගේ ගෙවීමක් කරලා ලබාගන්න පැකේජයට අමතරව තමයි  සීමාසහිත මේ නොමිලේ පැකේජ් එක අපිට දෙන්නේ.. එහෙනං අපි මේ අඩවිය භාවිතා කරලා radio එකක් හදාගන්න විදිය බලමු නේද ...

මුලින්ම මෙතනින් ගිහින් අඩවියට  ගිහින් free දෙන packeg එකෙ signup  වෙන්න




හරි දැන් sign up උනානේ දැන් දෙයියනේ කියල log වෙන්නකෝ.. එතකොට මෙන්න මේ වගේ dashboard එකකට තමයි එන්නේ




ලස්සනයි නේද... දැන් ඔන්න අපි අපේ radio එක හදන්න යන්නේ ....

මුලින්ම ඔය දකුණු ඇත පැත්තේ තියෙන්නේ create new station කියන ඔන්න ඕක ක්ලික් කොරල ඉන්නකෝ


අහ්හ් මේ තියෙන්නේ

පේනව නේද ....  අපි දැන් මේකේ settings හදන්නේ කොහොමද කියල බලමු .




  1. station title :- radio එකට සුදුසු නමක් දෙන්න , රේඩියෝ එකට දෙන නම් radio player එකේ පෙන්විය යුතු නම්  display title කියන එක select කරලා තියෙන්න ඕනි.
  2. player format :- radio චැනලය ක්‍රියාත්මක වන player එකේ පෙනුම සකස් කරන්න තමයි මෙතනින් හදන්න තියෙන්නේ 


       



  • genaral player (375px x 150px) - default එන්නේ මෙන්න මේ player එක
  • genaral player (track display (375px x 240px) -  ගීත එකකට වැඩ වැඩි ස්න්ක්යාවක් හෝ සම්පුර්න වැඩසටහනක් විකාශය කිරීමට වඩාත් සුදුසු වෙන්න මේ playwr එක .. මේ player එකේදී track වෙන වෙනම පෙන්නන නිසා අහන කෙනාට තමනට කැමති track එක තෝරාගෙන අහන්න පුළුවනි
  • top bar (100% x 50px) -  මේ player එකනං මරු මේක දැම්මට පස්සේ  web site එකේ උඩ පික්සෙල් 50ක් පළල  රිපන් එකක් වගේ තියෙන්නේ ලස්සනයි නේ ...
  • bottom bar(100% x 50px) - මේකෙන් පෙන්නනේ කලින් ප්ලේයර් එකේ අනික් එක . ඒ කියන්නේ මේක පෙන්නන්නේ යට අඩියේ ...
  • mini player (157px x 50px) - මේක පුංචි player එකක්..
  • mini player expanded(360px x 50px) -මේකත් පුංචි player එකක්.. කොට මොඩල් එකක් :P 




ඊළඟට  අපි බලමු 


  • font type :- මේකෙන් player එක ඇතුලේ පෙන්වන වචන වල font type එක හදන්න පුළුවනි
  • font size :- අකුරු වල ප්‍රමාණය තමයි ඉතින්
  • colors :-player එකේ පාටවල් ටික තෝරගන පුළුවන් bacground පාට border එකේ text වල වගේ ඒවායේ තෝරන්න පුළුවනි ...

ඊලඟට තියෙන්නේ 
option  අපි මේක යටතේ තියන ඒවා බලමු... 


  • share - තවත් web site එක්ක හවුලේ radio එක පාවිච්චි කරනන් අවශ්‍යනම් මේක තෝරන්න පුළුවනි
  • embed - මේක තෝරලා තිබ්බට පස්සේ radio player එකේ  code එක යටින් පෙන්නනවා එක අනික් අයගේ web අඩවි වලට දාගෙන පාවිච්චි කරන්න පුළුවනි ...
  • download - radio එක තුල අඩංගු ගල ගීත හරි මොන හරි mp3 track අහන කෙනාට download කිරීමේ පහසුකම ලබාදෙන්න පුළුවනි ..
  • auto play :- web අඩවියට එනකොටම radio එක auto play වෙන්න හදන්න පුළුවනි .
  • loop - upload කරල තියන ගීත සියල්ල හෝ වෙනත් audio file ක්‍රියාත්මක වෙලා ඉවර උනාම නැවත මුල ඉඳල play වෙන්න අවශ්‍යනම් මේක තෝරන්න ඕනි .
  • track name - ක්‍රියාත්මක වෙන audion file එකේ නම පෙන්නන්න ඕනි නම් මේක සක්‍රිය කරල තියන්න
  • audio ads - රේඩියෝ එකේ වෙළඳ දැන්වීම් පල කරන්න ඕනිනම් මේක සක්‍රිය කරලා තියෙන්න ඕනි..
  • buy - redio චැනල් එකේ  විකාශය වන යම් කිසි වැඩසටහන් අහන යට මිලදී ගන්න ඕනි නම් මේක සක්‍රිය කරන්න පුළුවනි මේක සක්‍රිය කරලා, ඒ වැඩසටහන මිලදී ගන්න  පුළුවන් wed site එකේ address එක text box එකේ දාන්න ඕනි..


හුරේ/.. යන්තන් ඇති.. දැන් ඔන්න රේඩියෝ ප්ලේයර් එක හදාගෙන ඉවරයි ..දැන් තියෙන්නේ මේකට songs upload කරන්න.. 

ඔය එතනම පහලින් තියෙන්නේ බබා වගේ.... upload audios කියලා ,,,, 


දැන් ඉතින් player එක OK.. දැන් player එක save කරන්න 

ඔන්න අපි මරුම වැඩ කොටස ඉවර කළා දැන් ඉතින් අපි හදාගත්තු මේ radion එකේ preview එකක් එහෙම බලල අපේ අඩවියට මේක දාගමු... 

දැන් ඉතින් ඔය උඩම තියන dashboard කියන එක click කරන්නකෝ..       එතන තියනවා පේනවද ඔයාල හදපු radio එක.. නමත් එක්කම . අන්න එකේ Website කියන එක click කරන්න 




දැන් ඉතින්  ඔයා හදපු radio එකේ player එක ලස්සනට පෙනවා නේද ..?


දැන් එතනම වම අත පැත්තේ තියෙන්නේ code එකක් (රතු පාටින් ඉරක් ගහල තියෙන්නේ ) ඔන්න ඔය code එක 

ඔයාගේ blog එකේ html/java scrip එකක් විදියට දාල radio එක blog එකට හදාගන්න පුළුවනි..ඒ විතරක් නෙවෙයි blog post එකකට උනත් html කියන tab එකට ගිහිල්ල මේ code එක past කරාම player එක add වෙනවා ..



එහෙනං ඉතින් අපි තවත් පොස්ටුවකින් හම්බු වෙමු.. එතකන් බුදුසරණයි.. ,මගේ data නැති නිසා demo එකක් පෙන්වීමේ හැකියාවක් නැහැ .... 


නොමිලේ online radio එකක් පටන් ගමු ... Reviewed by සුදු මහත්තයා on 9:50 PM Rating: 5

39 comments:

  1. බොහොම අගේ ඇති ලිපියක්.
    මාත් මේක අත්හදා බලලා තියෙනවා.
    සුදු යාලුවා දන්නවද මෙහෙම online නැතුව offline.
    ඒ කිව්වේ සාමාන්‍ය fm radio channel එකක් වගේ
    අපිටම කියල fm channel එකක් හදාගන්න පුලුවන් සරලම විදිය.

    ReplyDelete
    Replies
    1. හරි එහෙම එකක් කියල දෙන්නම්

      Delete
  2. එළ එළ අත්හදා බලන්නම් මලේ..

    ReplyDelete
  3. online radio ඒකක් ටිකක් ලොකුවට ඇඩ් එහෙම දාලා වාණිජ පරමාර්ථයෙන් කරනවා නම් රජයෙන් අවසර ගන්න ඕනි ද?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම් මම හිතන විදියට ගන්න උවමනාවක් නැත්ද කොහෙද../ ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්න

      Delete
  4. උඹ මෙකටත් ඉස්සර ඔහොම එකක් දාගෙන හිටියා වගේ මතකයි. කෝ තාම තියෙනවද බං ඒක?

    ReplyDelete
  5. මේ තියෙන ඒව මදිවටද බං !

    :)

    ReplyDelete
  6. බොට අපිම ඉන්න ඕන ඔවා මතක් කරන්න ;)

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතින් .. දන්නේ නැද්ද ^_^

      Delete
  7. මරු. හරිම වටින ලිපියක්...

    ReplyDelete
  8. කියල වැඩක් නැහැ මමත් හද ගත්තා ඕන්න http://beyondlanka.blogspot.com/2013/04/beyond-lanka-fm.html

    ReplyDelete
  9. කරල ම බලල කියන්නං .... ඈ....

    ReplyDelete
  10. http://www.iradeo.com/vjrocks/vj-radio

    ReplyDelete
  11. උඹ හෙන මහන්සියක් වෙලා තියෙනවනේ මචන්..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් කොමෙන්ට් දකිද්දී මහන්සිය කොහෙන් යනවද තේරෙන්නේ නහබන් .. ^_^

      Delete
  12. Online Programming karanna berida meken . Auto DJ vitharad puluwan???

    ReplyDelete
  13. එලම තමා සුදු මහත්තයා.සිරාම බ්ලොග් එක.දිගටම කරගෙන යන්න ජයෙන් ජය. මට පුලුවන්නම් උදව්වකුත් කරන්න. මම ඊ මනි හොයන්න ගිහින් අම්බානකට කට්ට කෑව එකක් වත් වෑඩක් උනේ නෑ.පුලුවන්නම් මට ක්‍රමයක් කියල දෙන්න.ගොඩක් ස්තූති වෙනව එහෙමනම්.බුදුසරණයි..!
    මගේ
    ඊ මේල් එක elaitems@gmail.com
    බ්ලොග් එක elaitems.blogspot.com

    ReplyDelete
  14. ඕකෙන් සජීවීව දෙයක් ප්‍රචාරය කරන්න බැරිද?? උදාහරණයක් විදිහට ක්‍රිකට් මැච් එකක විස්තර ප්‍රචාරයක් වගේ...

    ReplyDelete
    Replies
    1. live stream කරන්න පුළුවන් මචන්...

      ඔය දෙකම කරන්න පුළුවන් ...

      http://www.listen2myradio.com/

      මෙන් මේ සයිට් එකෙන් ...

      Delete
  15. තෑන්ක්ස් බ්රෝ..
    ඒ මේ සයිට් එකේ තීම් එක කොහෙන්ද ගත්තේ? ඔයාමද හැදුවේ? මටත් එකක් හදලා දෙන්නකෝ... http://ginidal.blogspot.com/ ඔය තියෙන්නේ මගේ බ්ලොග් එක. induwarauthsara@gmail.com ඔය තියෙන්නේ මගේ මේල් එක. ප්ලීස් මට මේ තීම් එක හොයලා දෙන්නකෝ්

    ReplyDelete
  16. http://www.lkwebhosting.com/sri-lanka-hosting/radio-hosting/ ඔය ලින්ක් එක වැඩ නෑනේ? Ooops... Error 404

    ReplyDelete
  17. http://www.buzzradio.lk/ ඔය සයිට් එකත් වැඩ නෑ

    ReplyDelete
  18. සහෝ මේ ලියලා තියන විදියට නෙමේ දැන් https://www.iradeo.com/pricing ඔය සය්ට් එක තියෙන්නේ. පොඩි පොඩි වෙනස් කම් ටිකක් සිදුවෙලා. ආයි පෝස්ට් එක වෙනස් කරන්නකෝ..

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.