Top Ad unit 728 × 90

recent post

recent

ශ්‍රී ලංකාවේ බුද්ධාගම

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම ථේරවාදයට ඇතුළත් වන අතර ජනගහනයෙන් 70% ක්ම බෞද්ධ ආගමිකයන්ය. සාම්ප්‍රදායික වංශ කථාවන්ට අනුකූලව ලංකාවට බුදු දහම හඳුන්වා දී ඇත්තේ දෙවන සියවයේ අශෝක අධිරාජාගේ පුතුන් වූ මහින්ද මහා රහතන් වහන්සේය. එවකට ලංකාව පාලනය දේවානම්පියතිස්ස රජුන් හට භාර වී තිබිණි. මේ කාලය තුළදී ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාකාවක් ද වැඩම කරන ලදී. ශ්‍රී ලංකා රජුන්ගේ අනුග්‍රහය ඇතැතිව මුල්ම ආශ්‍රමය බිහි විය. ඒ වාගේම පාලි පොත් පත් ලියවීම ආරම්භ විනි. දෙවන සියවසේදී බුදු දහම හඳුන්වා දීමෙන් අනතුරුව එය වැඩිම කා
ලයක් ව්‍යාප්ත වූයේත් සහ සංඝයා වහන්සේලා වැඩි ප්‍රමාණයක් බිහි වූයේ ශ්‍රී ලංකාවේ පමණි. එම තත්වය හීන වූ අවස්ථාවල මියන්මාරයෙන් සහ තායිලන්තයෙන් පැවිදි පෙලපත් ඈඳ ගන්නා ලදී. මාහායාන ධර්මය ඇති වීමත් සමග ථේරවාද බුදු දහමේ පැවැත්මට යම් කිසි බලපෑමක් ඇතිවූ නමුත් ථේරවාද ධර්මය අවුරුදු 2000 කටත් වඩා ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වී ඇත මුලින්ම ශ්‍රී ලංකාවේ ස්ථාපිත වුයේ ථෙරවාදී බුදු දහමය. ලංකාවේ ජනගනයේන් 70% ථෙරවාදී බුදුදහමේ අනුගාමිකයෝ වෙති. දීපවංශය වැනි වංශකතාවල සදහන් පරිදි ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා‍ගේ කාලයේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද තෙරුන් ක්‍රි.පු. 2 වැනි සියවසේදි ලංකාවට බුදු දහම ගෙන එන ලදී. මෙම කාලය තුලදිම ශ්‍රී මහා බෝධි අංකුරයද ලංකාවට වැඩම කරන ලද අතර රජුගේ අනුග්‍රහය ඇතිව ප්‍රථම ආරාමයන් පිහිටුවන ලදී. එතෙක් පාලි භාෂාවෙන් කට පාඩමින් රැක ගෙන ආ ධර්ම කරුණු ක්‍රි.පු. 30 දී පමණ ලේඛණාරූඪ කරන ලදී.
දෙවැනි සියවසේ ශ්‍රී ලංකාවට බුදු දහම හදුන්වා දිමෙන් පසුව , අඛණ්ඩව පැවති ගෙන ආ සග පරපුර හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ බුදු සසුන බොහෝ කාලයක් පවතින්නේය. මෙය වෙනත් ඕනෑම බෞද්ධ රටක නොමැති තත්වයක්. බුද්ධාගම පිරිහීමට ලක්වු ඇතම් අවස්ථාවල ශ්‍රී ලාංකිය සඝ සසුන , මියන්මාරය සහ තායිලන්තය වැනි රටවල් සමග පැවති සම්බන්ධතා උපයෝගි කරගෙන නැවත පුනර්ජීවනය ලැබීය. මහායානය බලවත් වු කාලවලදි මෙන්ම යටත් විජිතවාදී රාජ්‍ය නිලධාරීන් බුද්ධාගම නොසළකා හැරි අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ථෙරවාදී බෞද්ධ සමාජයට විශාල අභියෝගයන්ට මුහුණ දීමට සිදු විය. ‍එහෙත් නැවත නැවත (විශේෂයෙන් 19 ශත වර්ෂය තරම් මෑත කාලය තුළදී ) ලැබු පුනර්ජීවනයන් නිසා ථෙරවාදී බුදු දහම වසර 2000ක පමණ කාලයක් ජීවමානව පැවතුණි.
ශ්‍රී ලංකාවේ බුද්ධාගම Reviewed by සුදු මහත්තයා on 9:27 PM Rating: 5

No comments:

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.