Top Ad unit 728 × 90

recent post

recent

ඇගේ ලිපිය...... !



දේවක , ඔයාගෙන් කොහොමද ? හොඳින්ද ? කියල අහන්න තරම් මට හයියක් නෑ. මොකද ඇත්තටම මම 100% ම වැරදියි . ඔයාගේ ආදරේ මට මහමෙරක් .මට මේ ලෝකේ ඔයා තරම් අවංකව කවුරුත්ම ආදරේ කරෙත් නෑ කරන්නෙත් නෑ . ඒක මට ඔයාට මම වරදක් නොකරපු ඔය හිත රිද්දලා දීපු වේදනාවෙන් මාවත් පිච්චේනකොට දැනෙනවා. ඇත්තටම මම හරිම පවුකාරියක් . මට දැන් තමයි ඔයා දීපු ඔය අවංකවම ඇත්ත ආදරේ වටිනාකම දැනෙන්නේ . ඇත්තමයි . දේවක ඔයා තරම් මට කවුරුත්ආදරේ දුන්නේ නෑ. මම රැවටුනා . එක උනේ මගේ වංක කම නිසයි . ඔයාගේ ඔය අහිංසක හිතට , ආදරේට පිටුපාලා මගදී හම්බුනු නවක නැගලා එගොඩ වෙන්න හදපු නිසා . ඔයා හරි ඒ නැව යන්න හැදුවේ මට වරද්දන්නයි. එයාලට ඔනිවෙලා ඕනි වෙලා තිබුනේ . අනේ දේවක මට ඔයා නැති අඩුව හොඳටම දැනෙනවා . මට තේරෙනවා මම ඔයාට කරපු වරද .. ඒ අයියා මගේ පස්සෙන් එනකොටත් මම හිතුවේ නෑ මම එහෙම දෙයක් කරයි කියලා . එහෙම කරන්න හිතේ තිබුන නම්  මන් ඔයාට එදා ඔයා ආපු වෙලේ එයාව පෙන්නන්නෙත් නෑනේ. හැබැයි අපේ අම්මගේ 4න් එකට massege කරපු වෙලේ . මගේ යාලුවා නේත්‍රා msg කරනකොට මමත් මැසේජ් කලා. මට නෙතු  කිවුවා msg කරන්න එපා මම දේවකට කියනවා කියලා.නෙතු අපි දෙන්න කොටවන්නවත් කිසිම අරමුණකින් නෙවෙයි , ඔයාට , මම අර අයියට msg කරනවා කියලා කිවුවේ . අපි දෙන්න වෙන් වෙයි කියල හිතලා.. මම මේ drama දෙවෙනි කොටසට පාඩම් කරන ගමන් ලියන්නේ. ඔයාට අවංක යාලුවෙක් විදියට එයාගේ යුතුකම එයා කරා. ඔයා එත් මොන දේ උනත් අර නිකිණි අක්කගේ කීම් වලට රැවටිලා බොරුවට නෙතූ ට බැන්නා.. 

එදා ඔයාට එයා කොච්චර අරම බැන්නත් , එයා ගෙදර ඇවිත් හොඳටම ඇඩුවා / "ඇයි බං මම දේවක ට කලේ වරදක්ද..?" කියලා .. එත් එයා ඔයා එක්ක කවවමදාවත් තරහ නෑ . එයාට දුක එයාගේ පවුලේ අයටත් බැනපු නිසාලු. එයාට මේ ප්‍රශ්නෙදි ඇඟිල්ල දික් කරන්න එපා . නිකිණි අක්ක කියන්නේ. මහම මහා ජරා කෙල්ලෙක් , එයා කොහොමත් කැමති මට වරදිනවට තමයි . මම එයාගේ 4n එකෙන් අර අයියට massege කරපු එක කිවුව නිසාවත්  වෙන මුකුත් නිසාවත් නෙවෙයි තරහා. එයා අපේ ගෙදර හිටපු හැටි තැන් තැන් වල කියව කියව ඇවිදිනවා.. එයා අපේ ගෙදර හිටපු කාලේ  මට පුළුවන් විදියටයි  මම එයාට සැලකුවේ . එත් එයා අපි බද්දට ඉන්න ගෙදර ගැන කියව කියව තැන් තැන් වල ඇවිදිනවා.ඒවගෙන් වැඩක් නෑ . අනේ දේවක මට දැන් හැමදෙයක්ම තේරෙනවා .. අනේ දෙවියනේ  සුදු මහත්තයෝ මට ඔයාව ඕනි . අනේ මට මගේ සුදු මහත්තයව නැති කරගන්න බෑ. මම තාමත් අවංකව ආදරෙයි . මේ සිංදු ඔයාට පන වගේ ආදරෙයි . සත්තමයි අදටත්. 

එදා ගෙදරට හොරෙන් hospital එකට ආවේ මගේ සුදු මහත්තයව බලන්න . ඒ ආපු සිංදු ජිවත් වෙනවා එයාගේ sm (Sudu Mahaththaya) දීපු හීන , හුස්ම හිතේ තියන්. එදා වගේම මේ සිංදුගේ හැම හුස්මක්ම වැටෙන්නේ මගෙ සුදු මහත්තයා එක්කමයි . ඕනි දුකක් වේදනාවක් විදින්නම් මට ආයේ මගේ sm ගේ වෙන්න දෙන්න.plz මට ආදරේ කරපු නාමෙන් හරි එක පාරක් සමාව දෙන්න.හැමදාම ළඟටම වෙලා මුළු ජීවිතේම ඔයා වෙනුවෙන් කැප කරන් ඉන්න දෙන්න. අනේ මේ ලෝකේ මම වගේ වැරදි කරපු මම වගේ අයට එකම එක අවස්තාවක් වත්  වැරදි හදාගන්න නැද්ද? අනේ එකම එක අවස්තාවක් විතරක් මේ සිංදුට දෙන්න. මම මගේ වැරදි සේරම හදාගෙන මගේ sm ට ඕනි විදියට හැඩගැහෙන්නම්. මගේ රත්තරන් අම්මගේ තාතගෙයි හීනේ සැබෑ කරන්න ඒ ගමනට ,  ඒ ජිවිතේට මට මගේ sm ගෙන් තරම් හයියක් නෑ . ඇත්තමයි මම එදා වගේ අදටත් ආදරෙයි  මට දැනුනේ ඒ ආදරේ මේ සිංදුගේ හිතින් මකන්න බෑ . මම මැරුණත් අනේ ඇත්තමයි.

මගේ හැම දුකකදී මට කලින් අඬපු , මගේ හැම සතුටකදීම මට කලින් හදවතින්ම හිනා වුනු අවංකව ආදරේ දීපු , කිසිම දවසක මාව රවට්ටපු නැති , මං වෙනුවෙන් කැපවීම් කරපු , මට ජිවිතේ කියල දීපු sm ගේ හිත මට හරියටම තේරුම් ගන්න බැරි වුනා . එත් අද මට තේරෙනවා ඔය හිත තරමට මට කවුරුත් අවංක නෑ . මම මහා මෝඩියක්  එත් දැන් මට ඇත්තටම තේරෙනවා , ආදරේ දැනෙනවා . මගේ ජිවිතේ ජිවත් කරවන්න පුළුවන් එකම කෙනා ඔයා විතරමයි. අනේ මගේ ජිවිතේ ජිවත් කරවන්න ඉස්සර වගේම අත්වැල වෙන්න, හයිය දෙන්න. අනේ ඔය කකුල් දෙක ලඟ වැටිලා සිය දහස් වාරයක් සමාව ගන්නම් . ඕනිම දුකක් වේදනාවක් විඳින්නම් දීපු වේදනාවට.මට එකම එක වතාවක් අවස්තාවක් දෙන්න. මම නිකිණි අක්කගේ 4n එකෙන් massege කළා , නෙතුටත් හොරෙන් . එත් නෙතු ඔයාගේ අවංක ආදරේ වෙනුවෙන් , මම එයාගේ යාළුවා වෙලත් ඔයාට කිවුවා ඒ අපි දෙන්න වෙන්වෙයි කියල බයට. මට වැරදුනු තැන එකම එක පාරක් හදලා දෙන්න . එත් මම ඔයාට කරපු දේට මට දෙවියෝ පඩිසන් දුන්නා මොකද මම ඒ අයියත් එක්ක කතා කරපු දවස් දෙක තුනට ඔයාගේ ආදරේ ගොඩක් දැනුනා . නෙතු බලු කෙල්ලෙක් නෙවෙයි.. අනේ මගේ sm මට නැති කරගන්න බෑ . වෙන කෙනෙක්ගේ වෙනවා බලන් ඉන්න බෑ.

මම වරදා හදාගෙන හැරුනා.මෙගන් ආයිමත් මගේ sm ට වරදක් වෙන්න ඉඩ තියන්නේ නෑ .. අනේ මට එකම එක අවස්තාවක් මට දීපු ආදරේ වෙනුවෙන්වත් දෙන්න. කකුල් දෙක ලඟ වැටිලා සමාව ගන්නම් .මට ඔයාගේ වෙන් ඕනි . අනේ කියන්න මට සමාව දෙනවද..?ඕනිම දුකක් විඳින්නම්. මට මගේ සුදු මහත්තයාගේ වෙන්න දෙන්න.අනේ  sm , මේ සිංදුට අවස්ථාවක් දෙනවා නේද..? මේ සිංදු ආයෙම කවදාවත් වෙනස් වෙන්නේ නෑ. මේ වැලහින්නියක් වගේ අයදින්නේ ජිවිතේ වෙච්ච වරදට සමාව අරන් මේ සිංදු ආයේ ඇත්තමයි , මැරෙනකන් එහෙම කරන්නේ නෑ . plz මම දාල ගියපු ඒ හීන ආයෙමත් මට දෙන්න . එකම එක වතාවක් , ආයිම කවමදාවත් එහෙං කරන්නේ නෑ. 

අම්මපා ..තාත්තප . මගේ sm පල්ලා . කවමදාවත් එහෙම දෙයක් ආයෙම සිද්ද වෙන්නේ නෑ .

මට ආදරේ කරපු නාමෙන් එකම එක සැරයක් මට සමාව දෙන්න කකුල් දෙක ලඟ වැටෙන්නම් සමාව ඉල්ලලා.ඔයාගේ සින්දු ඔයාගේ ආපහු ඔයාගේ කරගන්න..

මට ඔයාව ඕනි sm මට ඔයාව ඕනි මට හෙට උත්තරයක් දෙන්න,, මම හෝල් එක ගාවට එනවා . මට කියන්න ..
                                                                      ඔයාගෙම සින්දු.





______________________________

හැර ගිය පෙම්වතා පෙම්වතිය වෙනුවෙන් තවත් ආදර යැදිය යුතුද

බිස්නස් ආදරය...

ලිපි දෙක මතක් වුනා..
_________________________________________

ඇගේ ලිපිය...... ! Reviewed by සුදු මහත්තයා on 11:49 PM Rating: 5

22 comments:

  1. oyaa nisaa handalaa " sinduva mathak unaa

    ReplyDelete
  2. ආදරෙත් මහා පිස්සුවක් නේද බන්? සමහර අය ඒක ලැබිලත් දුක් විඳිනවා සමහර අය නොලැබිලා දුක් විඳිනවා! එන්න පුළුවන් අවසන් නිගමනය තමයි ආදරය දුකක් කියන එක! ඒකනේ අපි ඕවාට නැත්තේ! ;)

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බන්

      ඇති කල හිතට
      වද
      දෙනවා
      නැති කල
      ගතට (අතටද මන්දා )

      Delete
  3. ශා මරු කතාව . පාට් 2 ඉක්මනට දාහන ඈ :P

    ReplyDelete
  4. කතාව හිතට වැදුනා තදින්ම.....කලින් පොස්ටු කියෙව්වට මට කොම්පීතර වැඩ කෑලි ගැන ඒ හැටි දැනුමක් නැතිනිසා කොමෙන්ටුවක් දාන්න බයයි මහා ගොන් පරාශනයක් අහයිද කියලා .

    ReplyDelete
    Replies
    1. ඈ.. අපොයි.. මාත් ඉගෙනගත්තේ .. ගොන් පස්න අහලම තමයි,, :/ හැබැයි තින් පස්නයක් ගොන් වෙන්නේ නෑ කවදාවත් ... හරි හරි එල ඈ..

      Delete
  5. අකුරු ඇද නිසා ටිකක් ඇලවෙලා බං කියෙව්වේ..

    ReplyDelete
    Replies
    1. මටත් පස්සේ මීටර් උනා කෙලින් කරගන්න කම්මැලියි :/

      Delete
  6. සාදු සාදු ඔහොම වෙලාඅ මදි ඕකුන්ට.. ඒත් පොඩ්ඩක් අඬපු ගමන් අපේ කොල්ලො ආපහු ගෙම්බො වෙනවනෙ

    ReplyDelete
    Replies
    1. :3 @ගෙම්බා වෙමින්... හෙහ් හේ ..

      Delete
  7. Replies
    1. හ්ම්ම්හ් :/ සින් එක දන්නවනේ

      Delete
  8. ටෙස්ට් කමෙන්ට්

    ReplyDelete
    Replies
    1. මං මේකට දාපු කමෙන්ට් එක ස්ම් වෙලාද බලහං.. මගුල 2පාරක් ලියල 3න්වෙනි පාරත් ලිව්ව උබ හැදුවයි කිව්වට පස්සෙ, ටෙස්ට් කමෙන්ට් කියන එක වැටුනා කමෙන්ට් එක ගියා යන්ඩ :/

      Delete
    2. හෑ.. හෙහ් හේ හරි නෙහ්හ්

      Delete
  9. මට නම් ඔක්කොටම වැඩිය මේක අල්ලලා ගියා
    ඇති කල හිතට
    වද
    දෙනවා
    නැති කල
    ගතට (අතටද මන්දා )

    හැර ගිය පෙම්වතා පෙම්වතිය වෙනුවෙන් තවත් ආදර යැදිය යුතුද?
    උත්තර හොයන්න අමාරු ප්‍රස්න වලට ඔටෝ උත්තර හම්බවෙනවා ටිකක් පදම් උනාම

    ReplyDelete
    Replies
    1. ජය වේවා බොරළු....

      හෙහ් හේ ..එක පට්ට නෙහ්හ්

      ඔවු අප්පා බොන්නොනි මේවට :3

      Delete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.