Top Ad unit 728 × 90

recent post

recent

hacking tools ආරක්ශාකාරිව පරිහරණය කරන්නේ මෙහෙමයි. (with video tute) part 1


කොහොමද යාලුවනේ.. ඔන්න ආයෙමත් ටික දවසක් සද්ද නැතුව ඉඳලා පොස්ටුවක් දාන්න හිතුවා.. මේක දාන්න හේතුව උනේ.. ගොඩක් අය නගන මැසිවිල්ලක් තමයි.. අපි key logger server , bot , rat .. වගේ ඒවා පාවිච්චි කරද්දී  අපිට ලැබෙන්නෙත් බොහෝ වෙලාවට විවිද හානිකර වැඩ සටහන් සම්බන්ද කරලා තියෙන tools එහෙම නැති එකක් ගන්න නම් ඉතින් සල්ලි  ගෙවලම තමයි ගන් වෙන්නේ.. සමහර ඒවා virus guard වලට අහු නොවෙන්න ක්රිප්ට් කරලා.. ඉතින් කොහේන් හොයන්නද. දන්නෙම නැතුව.. අපි අමාරුවේ වැටිලා ඉවරයි,, මම මේක මුලින් කියලා දෙන්න ඕනි එකක් උනත්.. වෙලාවක් තිබ්බේ නැහැ ..  හුස්මක් ගන්න ඉඩක් ලැබිච්ච හැටියේ මේ පොස්ට් එක ලියන්න පටන් ගත්තේ.. 

හරි මම අද කියල දෙන්නේ .. සහ VM එක සාදාගන්න ආකාරය.. මම පාවිච්චි කරන්නේ windows8 .. එත් සමහර මෘදුකාංග ක්‍රියාකරන්නේ නැති නිසාත් මම හදන්නේ windows7 OS එක තියෙන vertual maching  එකක් ..

අපි vertual maching එක හදාගන්න යන්නේ vertual box කියන මෘදුකාංගය භාවිතා කරලා.. මුලින්ම පහත දීලා තියෙන ලින්කුවෙන් ගිහින් ඔබගේ පරිගණයේ OS එකට ගැලපෙන vertion එක තෝරලා download කරගන්න .. 

                       DOWNLOAD VERTUL BOX


මේ application එක install කරගෙන ඉවර උනාම ඔයාලට මෙන් මේ වගේ මුහුණතක්  පෙනේවි... දැන් අපි පටාන්  ගමු .. 

මුලින්ම අපි os එක install කරන්න කලින් vm එක හදාගෙන ඉමු .. එකට මුලින්ම new කියන button එක click කරන්න 


ඊට පස්සේ මෙන්න මේ වගේ මුහුණතක් ලැබෙයි මෙතනින් ඔයා install කිරීම බලාපොරොත්තු OS එකේ විස්තර ඇතුලත් කරන්න 

name :- කියන තැනට කැමති නමක් යොදන්න පුළුවනි .

type :- මෙතනට windows , linux ද මොන වර්ගයේ OS එකක්ද කියල තෝරන්න ඕනි අපි install කරන්න හදන්නේ windows os එකක් නිසා microsoft windows කියන එක තෝරනවා.

vertion :- මෙතනින් ඔයා Install කිරීමට බලාපොරොත්තු වෙන vertion එක තෝරන්න විශේෂයෙන් 64bit install කරන්න බලාපොරොත්තු වෙනවනං එක තෝරන්න . නැත්තන් os එක install කරද්දි දෝෂ මතු වෙනවා අදාළ දේවල් තෝරලා
next ක්ලික් කරන්න ..


ඊට පස්සේ එන්නේ VM එකේ ram එක තෝරන්න මේක තෝරද්දී ඔබගේ පරිගණකයේ ram ධාරිතාව ගැන සැලකිලිමත්ව තෝරන්න මොකද වැඩි ප්‍රමාණයක්  ram එකෙන් භාවිතා උනොත් VM එක ක්‍රියාත්මක වෙන වෙලාවට පරිගණකය stuk වෙන්න තියෙන ප්‍රවනතාවය වැඩියි,,, >>> next>>


ඊලඟට  අපිට තියෙන්නේ VM එකේ hard disk එක තෝරන්න ඔනිනන අපිට hdd එකක් නොහදා පාවිච්චි කරන්නත් පුළුවනි (linux ඕනිම os එකක් පාවිච්චි කරන්න පුළුවනි windows බැහැ) අපිට VM එක තුල hdd eඑකක් තියේනං ඕනි නිසා default තේරිලා තියෙන  "create a vertual hard drive now" කියන සැකසුමම තියෙන්න දෙනවා... ඔබ කලින් හදාගත්තු HD එකක් තියෙනවනන් එක select කරන්නත් පුළුවනි .. 

අපි අලුතෙන් එකක් හදන්න දීලා .. next >>>


ඊළඟට තෝරන්න තියෙන්නේ hdd . foramat එක . මේකට defalt තේරිලා තියන vdi format එක සුදුසුයි..
next >>>>

ඊලඟට.. තියෙන්නේ  hdd එකේ ධාරිතාවය තෝරන්න සාමන්‍යයෙන්  VM එකක් මහා පරිමාණයේ වැඩ වලට ගන්නේ නැහැනේ 25GB වගේ ඇති.. මේකත් ram එක වගේම hdd එක ප්‍රමාණය මත තෝරන්න හැබැයි .. os එක install කරනකොට යන ගානට වැඩ වැඩියෙන් ප්‍රමාණයක් තෝරන්න වගබලාගන්න ..
create >....>

හරි අපි VM එක හදාගෙන ඉවරයි.. දැන් තියෙන්නේ VM එකට os (oparating system) එක install  කරන එක ... දැන් ඔයාලට පෙන්නේ මෙන්න මේ වගේ window එකක් 
අපි මුලින්ම කරන්න ඕනි .. install කරන්න අවශ්‍ය os එක තියෙන  image file (.iso ) එක හෝ dvd එකක් පාවිච්චි කරලා install කරනවනං drive එක  තෝරන එක.. එහෙනං පටාන් ගමු ..

මම මුලින්ම කියල දෙන්නේ iso file එකක් add කරගන්නේ කොමද කියලා ..

මුලින්ම පහත රූපේ වගේ VM එක උඩ ක්ලික් කරලා .. රතු පාටින් මම underline කරලා තියෙන setting කියන එක click කරන්න ..  


ඊට පස්සේ stroge කියන එක clik කරන්න ඊට පස්සේ මම ඔය රතු පාටින් underline කරලා තියෙන button එක click කරන්න .

ක්ලික් කරාට පස්සේ
add CD/DVD device
add hard Disk

කියල දෙකක් එනවා ඒ දෙකෙන් Add CD/DVD device කියන එක තෝරනවා ..


ඊලඟට choose disk කියන එක ක්ලික් කරාම ඔයාට install කරන්න ඕනි os එකේ iso file එක select කරලා ok කරන්න .... 



දැන් බලමු install කරගන්න ඕනි os එක dvd drive එක තුල තියනවනං කෝමද add කරගන්නේ කියලා..

සරලයි..  

මුලින්ම රතු ඉර ගහලා තියන තැන select කරන්න (එතන මුලින්ම තියෙන්නේ empty කියන එක ) ඊට පස්සේ  දෙවෙනියට දකුණු පැත්තේ කෙලවරේ මම රතු පාටින් ඉරක් ගහල තියෙන එක ක්ලික් කරලා CD/DVD drive එකට අදාළ letter එක තෝරන්න .. මගේ තියෙන්නේ H මං එක නිසා H අකුර තේරුවා.. ඉට පස්සේ  OK.>>...>>


දැන් ඔබ install කල යුතු os එක තෝරලා ඉවරයි .. දැන් star button එක clik කරලා vertual maching එක start කරන්න .. 


දැන් ඔබගේ  vertual පරිඝනකය සාමානය පරිගණකයක් ආකාරයට ක්‍රියාත්මක වේවි .. සාමාන්‍ය පරිදි os එකක් install කරන විදියට os එක install කරන්න ... 

OS එක install කරමින්

VM එක හදාගන්න හැටි කියල දුන්න .. අපැහැදිලියි වගේනන්  පහත දාල තියෙන video එක බලන්න .
ඊලඟ tute එක පුළුවන් තරන් ඉක්මනට දෙන්නම්..  එහෙනං තවත් පොස්ට් එකකින් හම්බුවෙන තුරු ජයෙන් ජය ..



..................................................................................................... 
.....................................................................................................
hacking tools ආරක්ශාකාරිව පරිහරණය කරන්නේ මෙහෙමයි. (with video tute) part 1 Reviewed by සුදු මහත්තයා on 12:42 PM Rating: 5

5 comments:

  1. මම ඕක දාගෙන ඉන්නේ VM. ඕක හරි වටිනවා
    http://kpawura.blogspot.com/ :)

    ReplyDelete
  2. මරු.. හැබැයි මචං Windows 8 ඇතුලේ Virtual Box වගේ hosted hyper-visor එකක් පාවිච්චි කරන එක බොරු වැඩක්. ඒ සඳහා තියෙන හොඳම ක්‍රමය තමයි Client Hyper-V පාවිච්චි කරන එක. bare-metal hyper visor එකක්.
    වැඩි දුර විස්තර මෙතනින්

    ReplyDelete
    Replies
    1. හැමෝම windows 8 නෙවෙයි නේ බන් .. ^_^

      Delete
  3. මට නං ඔය තාස්සනේ තේරෙන්නෑ බං.. ඒත් බලල යන්ඩ ආවා

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.