Top Ad unit 728 × 90

recent post

recent

මම මගේ වෙන්නම්

වසන්තය කියන එක හැම කෙනාගේම ජීවිත වලට තියන්වනන් කියලා හිතුනා. ඒත් එහෙම නෑනේ ගිම්හානයත් ලබනවා ජීවිතයේ විදි කර්කශ නිමේශ වේදනාබරව ගෙවිලා යනවා.මට හිතන්න ගොඩක් දේ තිබ්බා.ඒ හිතට හිතන්න ඉඩ නොදී පාළුව,තනිකම
යන්න කියලා කරුනාසේන ජයලත්ගේ "ගොලු හදවත: පොත අතට ගත්තා,., ඒත් මගේ ජංගම දුරකතනය ඒකට බාදාවක් වුනා. කෙටි පනිවිඩයක් අමාලිගෙන්,


"සෙනෙත්,දැන් අපිව අමතකම වෙලා නේද?"


"නෑ එහෙම අමතක වෙන්නෙ නෑ හැම මතකයක්ම හදවතේ ඒ විදියටම තියනවා"


මමද ඇයට කෙටි පනිවිඩයක් යැවුවා.මට පොත කියවන්න හිතක් නෑ.මගේ හිත ගොඩාක් දුර ගියා...... කාලයක් මං බලන්න උන්නු අමාලි...කාලයක් අමාලි වෙනුවෙන් මං ඒ හැගීම පපුතුරේ තියාගෙන උන්නා.පැතුම් පොඩි වී සුණු විසුණු වී අමාලි ගේ ලෝකය වෙනත් ආදරයකින් හැඩගැන්නුනා.රන් හුයකින් බැදුනා ඒ අතීතයේ හැම මංසලකටම මම ආදරෙයි ,.,ආයෙත් කෙටි පනිවිඩයක් නුවන්තිගෙන්.


"මම දැන් තනි වෙලා,සෙනෙත්"


මම සලිත වුනා.කාලයකට පස්සේ බලාපොරොත්තු වලින් මගේ ලෝකේ අමාලි අලුත් කලා.කාලයක් තිස්සේ සැගවිලා තිබ්බ වේදනාබර මතකයක් ගැලපෙන්න ගත්තා.විසල්ගේ දුරකතනයේ කෙටි පනිවිඩ සිහිවෙන්න ගත්තා .බුද්ධිකා විසල්ගේ ආදරනීය ඒංජල්....


"ඒංජල් අද සතුටින්ද ඉන්නේ?"
"නෑ ටිකක් දුකින්,මං තනි වෙලා කියල හිතෙනවා"
"එහෙම තනිවෙන්නෙ නෑ ඔයා හැමදාම සතුටින් පරෙස්සමින් ඉන්න"
"පිස්සු කොල්ලනේ ඔයා"
"ඔයාගෙ හදවතේ ඉඩ තියන්ව නේද ,මට"
"ඔවු..."


විසල් අහිංසක බලාපොරොත්තු වලින් ඒ ජීවිතේ එකතු කලා සිහිනෙන් පවා ඒ ආදරණිඉය හැගීම් එක්ක ජීවත් වුනා.මගේ දෑස් අග්ගිස්සේ හිරවෙලා තිබ්බ කදුලු කැටයක් පොත උඩට වැටුනා.


"ඒංජල්ගේ දුකේදිත් සැපේදිත් මං ලග හිටියට කම්ක් නැද්ද?"
"මං ගැන ගොඩක් හොයන්ව වගේ"
"ඔවු ගොඩක් මං ඔයා ගැන හොයනවා"
"මොනවද හොයන්නේ ..පිස්සා.."
"ජීවිතය"
"ඇයි ලස්සන ජීවිතයක් ඔයාට තියෙන්නේ"
"නෑ ඒ ජීවිතය ජීවත් කරවන කෙනෙක් ගැන"
"පිස්සු....පිස්සු...පිස්සු...කොල්ලා"
කාලයක් ඒ ආදරය හිතේ තද කරන් හිටිය විසල් ඒ හැගීම මාත් එක්ක බෙදා ගත්තා.


"සෙනෙත්, මං ඒන්ජල්ට ගොඩක් ආදරෙයි..එයා මට ආදරේ කරයිද"
"ඒංජල්ගෙන්ම අහපන් ඒකට උත්තරේ දෙයි උඹට..හැබැයි එයා වෙන කෙන්ක් එක්ක යාලුයි නන්:නෑ නෑ එහෙම වෙන්නෙ නෑ ඒංජල් මට ආදරෙයි..."




"එහෙනන් එච්චරයි කොල්ලෝ...


එදින විසල් සමුගත්තේ ගොඩක් හිත පිරිලා


"ඒංජල් ඔයා මට ආදරේ නේද? ඔයා මගේ වෙනව නේද ?"




"විසල් මං කවදාවත් ඔයා ගැන එහෙම හිතුවෙ නෑ.මම හිතුවේ ඔයා මගේ එකකුස උපන් මගේම අයියා කියලා.අනික මං දැන් ආදරේ කරන්න පටන් අරනනර ඔයාට මතකද ජනිත් අයියා.මට කැම්පස් එකේදී හම්බුනේ.ඔයා මට සමාවෙන්න.ඔයාට මට වඩා හොද කෙන්ක් ලැබෙයි."


ජීවිතේ මා ඇසූ අමිහිරිතම දුරකථන ඇමතුම විසල්ගේ, මල්ලීගෙන්.. ඉකි බිදුමත්,විලාපයත් හැමදේම මට ඇහෙනවා.මගේ හදවතේ වේගවත්... "හෙලො සෙනෙත් අයියා..."
"කියන්න මල්ලී ඇයි අඩන්නේ?"


"අපේ අයියා වස බීලා ජීවිතේ නැති කරගෙන"


ඒ සමගම මා අතැති පොත බිම වැටුනේ ඉබේටමයි...අමාලිගේ කෙටි පණිවිඩ්ය විසල්ගේ මරනය සිහි කැදවීමක් වුනා


"මට තවත් කදුලු එපා...මං මගේම වෙන්නම්.."
මං අමාලිට කෙටි පනිවිඩයක් යැවුවා.


මට ඉබේටම වගේ විසල්ගේ මේසයේ තිබී මට හමුවූ හතරට නැවූ කොලය සිහිවුනි. එය මං නැවතත් අතට ගෙන බැලුවෙමි...




කුලුදුලේ මා සිත්ගත් රුවැත්තියට
මට හිතවත් කමට ඔබ හිනැහෙන්නට ඇති
වැරදිලා වැටහිලා මම සැනසෙන්න ඇති
මේ කුලුදුල් හිතට ඔය හිත පෑහෙනු බැරුව ඇති
ඒකත් එහම නම් මේ හොදටම ඇති.........


එස් . එම්


SM
මම මගේ වෙන්නම් Reviewed by සුදු මහත්තයා on 11:52 AM Rating: 5

8 comments:

  1. ඔන්න මමත් ආවා සුදු මහත්තයා බලන්න. බ්ලොගේ නම් එල. ෆලෝ කරන්න නැති එක තමා අවුල :((

    ReplyDelete
  2. :o

    මටත් ඒකම තමයි අවුලට හිටින්නේ

    ReplyDelete
  3. හොඳයි හොඳයි

    ReplyDelete
  4. එල එල බොහොම ඉස්තුතියි,.,මලින්දටත් හසිත ටත්

    ReplyDelete
  5. ලස්සනයි සුද්දෝ...

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.