Top Ad unit 728 × 90

recent post

recent

මගේ වැලන්ටයින්




යාලුවා :- මචන් වැලන්ටයින් එනවා නේද 

මම :- හ්ම්ම්ම් 

යාලුවා:- උඹ මොනවද බන් කෙල්ලට දෙන්නේ 

මම :-  ^%$%$#%*&^&(*&^&* 

යාලුවා.. :- අපෝ තෝ වගේ එකෙක් .. කෙල්ලට ඔහොමද සලකන්නේ 

මම :- හා දැන් උඹ කියපන් බලන්න මොනවද අරන් දෙන්නේ කියලා

යාලුවා :- වෙන මොනවද බන්  චොක්ලට් එකක් 


මම :- 5 එකක්ද 

යාලුවා :- උඹට පිස්සුද කෙල්ල මාව දාල යයි පහේ එකක් දුන්නොත් 

මම :- ඒවායින් එකක් කියක් විතර වෙයිද 

යාලුවා :- 600ක් වගේ තමයි බන් 

මම :- ඒවට සල්ලි කොහෙන්ද එතකොට 

යාළුවා :- වෙනද වගේ පන්ති ගාස්තුම තමයි 

මම :- හ්ම්ම් 

යාලුවා:- ඇයි උඹ මොනවත් අරන් දෙන්නේ නැද්ද 

මම :- මට ඔය විකාර වලට වියදම් කරන්න  සල්ලි නැහැ 

යාලුවා :- ඔවු ඉතින් උඹට  අඩියක් ගහන්න..  සිගරට් එකක් අදින්න යන්න කතාකලොත් නැති සල්ලි එනවා 

මම :- අනේ පලයන් යන්න.. මම ඒවටත් සල්ලි දාන්නේ කලාතුරකින් 

යාලුවා :- ඔවු ඉතින් අරන් එන්නේ උඹ නිසා අපි උඹෙන් දුනත් ගන්නේ නැහැනේ 

මම :- හු *&^&^5 

යාලුවා..:- අනේ පවු බන් එකී.. මොනවා හරි අරන් දීපන්කො .. 

මම :- උඹ මට සල්ලි දෙනවද .. 

යාලුවා :- පිස්සුද යකෝ. මමත් මේ හෙන ගේමක් දීල පන්තිය කට් කරගන්නේ ,උඹත් මොකක් හරි කරපන්

මම:- මොනව් කරන්නද යකෝ... මටනං බැහැ ඔය පන්ති අරව මේවා කට් කරලා ඒ සල්ලි වලින්  කෙල්ලොන්ට සලකන්න.. ඔයි එහෙම කරලා අම්මගේ මුණ බලන්නේ කොහොමද ..? පන්ති නොගිහින් විභාගේ  ෆේල් උනාම.. තෑගි අරන් දුන්න කෙල්ලත් නැහැ.. උඹලත් නැහැ.. අනේ පලයන් යන්න 

යාලුවා,, :- පල යකෝ යන්න..  තොට.. අඩි ගහල අම්මගේ මුණ බලන්න පුළුවන්.. කෙල්ලට මොකක් හරි අරන් දීලා. අම්මගේ මුණ බලන්න බැහැ

මම :- මොන මගුලක්ද  යකෝ හැම මගුලටම.. අඩිය ගාවගන්නේ.. උඹ බොන්නේ නැති නිසාද .. :/ 

යාලුවා :- නැහැ යකෝ උඹේ කෙල්ල පවු නිසා 

මම :- උඹට එකී ගැන අනුකම්පාවයිද 

යාලුවා.:- අඩෝ උඹ දන්නේ නැහැ එකී උඹට කොච්චර ආදරෙයිද කියලා .. පවු බන් 

මම :- දැන් උඹට එකට දුකයිද 

යාලුවා. :- මගේ යාළුවගේ කෙල්ල විදියට උඹ ඒකිට සලකන විදිය ගැන දුකයි.. 

මම :- හරි එහෙනං. උඹ.. ඒකිට මොනවා හරි අරන් දීපන්.. මම යනවා.. උඹ ඕනි එකක් කියපන්.. පුළුවන්නන් කියපන් .. මම ඒකිට ආදරෙයි කිවුවා කියලා..


මගේ වැලන්ටයින් Reviewed by සුදු මහත්තයා on 9:17 PM Rating: 5

9 comments:

  1. අනේ.. ඒ අතින් නම් මගේ එකී රත්තරං.. චොකලට් කන්නෙ නෑ.. :P

    ReplyDelete
  2. මොකද්ද බං මේ //මගේ වැලන්ටයින්// කියන්නේ............ ආ......... මේහෙමද..?
    ........ මගේ වැල +(ඉ)න්.....ටයි(යිම්)....(ඉ)න්..... කියන එකද.....?

    ReplyDelete
  3. ඔය දවසට ආදරේ තරම තීරණය වෙන්නෙ තෑග්ගෙ වටිනාකමින්..

    ReplyDelete
    Replies
    1. තෑගී ත් නෑ.. වැලන්ටයින් නෑ.. හැම පෝයටම ඉතින් පස්නල් යනවනේ.. මේකටත් යනවා ඉතින් විශේෂයක් නෑ :D

      Delete
  4. ලොල් සින් එක ඈ :p සිරාවටම කෙල්ල පවු බන්. :3

    ReplyDelete
    Replies
    1. මේ වැලන්ටයින් එකට උඹ අරන් දීපන් එහෙනං :3

      Delete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.