Top Ad unit 728 × 90

recent post

recent

එයාට ඕනි ඔබේ හිනාව .. කඳුළු නෙවෙයි ...!




ඔබේ ජිවිතේ ඔබ කි පාරක් හුස්ම අරන් ඇත්ද .ඇත්තටම මතක නැහැ .මොකද හුස්ම ගන්නවා කියන්නේ ආයාසයෙන් නොකරන ඉබේ වෙන දෙයක් . ඔබේ ජිවිතේට මිනිස්සු කි දෙනෙක් මුණ ගැහිලා තියෙනවද ? ඔබ මිනිස්සු කි දෙනෙක්ව ලඟින් ආශ්‍රය කරලා තියනවද ..? ඇත්තටම මතක නැහැ මතක තියාගන්න ඕනත් නැහැ .මොකද මිනිස්සු කියන්නෙත් ජිවිතේට ඉබේ එන අය...





හුස්මක් හුස්මක් ගානේ ඔබේ ශරීරයේ හැඩය , ප්‍රමාණය ,වයස ඇහැට නොපෙනෙන ප්‍රශ්න වලින් වෙනස්වන්නේ  යම් සේද ඔබ ආශ්‍රය කරන මිනිස්සු නිසා ඔබේ ජීවිතය එලෙසම වෙනස් වෙනවා . පිරිසිදු වාතය ටිකක් බර හුස්මකින් පපුවට ගන්නා ලෝබකමකින් එක පපුව තුල සදාකාලයටම හිරකරගෙන ඉන්න බැහැ . ඒ වගේම ජිවිතයට එන මිනිස්සුත් ජිවිතේ සදාකාලයටම ජිවිත වල නතර වෙන්නේ නැහැ  ..



මම මේ කතාව එක පාරට කියන්න ගත්තේ. මෑතකදී..  මම අඳුනන අයියා කෙන්ක්ගෙන් මට ආපු call එකක්  නිසා . ඔන්න  උඩවලව  පැත්තේ කොල්ලෙක් එයාගේ කෙල්ල එක්ක අමනාප වෙලා අවුරුදු හයක ආදරයක් එක පාරට නවත්තල දාලා කෙල්ල  වෙන කසාදයක් කරගන්න යනවලු . කියන විදියට මේ කොල්ලගේ ජිවිතේ දියුණුවක් කියල දෙයක් ලැබුවනන් ඒ හැමදේටම අර කෙල්ලට පින්සිද්ද වෙන්න ඕනිලු .ඒ උනාට අන්තිම මොහොතේ කෙල්ල අසාධාරණ විදියට මේ කොල්ලව දාලා යන්න ගියාලු . මුට මොකක්දෝ හේතුවකට මාව මතක් වෙලා තිබුනා ..




ඉතින් කතා කළා. කොල්ලෙක් වුනාට වැලහින්නියෙක් වගේ අඬනවා අම්මප මටත් ලැජ්ජයි අහන් ඉන්න..මේකයි තමන්ගේ ජිවිතේ උඩට වද්ද ගන්නේ කොයි කොයි මිනිස්සුද , ඒ කොයි කොයි වෙලාවටද , ඒ මිනිස්සුන්ව ජිවිතෙන් එලවන්නේ , මගාරින්නේ කොයි වෙලාවටද කියන දේ තීරණය කිරීමේ අයිතියක් හැම මිනිහෙකුටම ,හැම ගැහැනියකටම තියනවා අද දිවෙන් දිව ගාගෙන කරට අතදාලා  හිතවත්කමේ ඉන්න ඕනි මිනිහෙකුව කොයි තරම් අසාධාරණ විදියට හරි ජිවිතෙන් එලවල දාන්න ඕනි කෙනකුට අයිතියක් තියනවා .. අසාධාරණ වෙන්න පුළුවන් හැබැයි එක එයාගේ අයිතිය ඒ අයිතියට අභියෝග කරන්න අපිට බැහැ.



අපි එහෙම නොකලට මිනිස්සු එහෙම කරනවා .අපි රත්තරන් චෙන් කැඩුවේ නැති උනාට ,ගෙවල් බින්දේ නැති උනාට ,ස්ත්‍රී දුෂණ නොකලට ඒවා කරන මිනිස්සු ඉන්නවා .ඉතින් අපි අපේ පැත්තෙන් හිතලා හැමදේම තීරණය කිරීමෙන් වෙන්නේ අපේ හිත රිදෙන එක විතරයි .. ජිවිතේ කියන්නේ අම්බලමක් වගේ තැනක් එකට මිනිස්සු එන්නේ අවුවෙන් වැස්සෙන් බේරෙන්න රෑ පහන් කරනතුරු ඩිංගක් නිදාගන්න .ගමන් වෙහෙස අහවර උණු ගමන් උන් යන්න යනවා  .එහෙම විඩාව නිවාගන්න අපු එකෙක්ව ඇදලා අරගෙන පපුවේ ඔතාගත්ත උඹලගේ වරද :/ . කොයි කවුරු උනත් එනවා වගේම දාලත් යනවා .කාව කොයි තරන් ආදරයෙන් හදවතට ලඟා කර ගත්තත් එයා කවද හරි තමන්ව දාල යනවා කියන එක නිතරම හිතේ තියාගන්න .ඒකට සුදානමින් ඉන්න .



උන් ගියා කියලා අඬ අඬ ඉන්න එපා .උන්ට වයිර කරන්නත් එපා. ජිවිතේ කාලය නාස්ති වෙන්නේ ඔබේ .එන එකාට එන්න දෙන්න යන වෙලාවක යන්න කියන්න . උන් මත්තේ එල්ලෙන්න එපා .කසාද බැඳලා අවුරුදු 10 ,15 ජිවත් උණු ගෑනු මිනිස්සු පවා එකිනෙකාව දාල යනවා.මරා ගන්නවා .ඕක තමයි ජිවිතේ යථාර්ථය . කසාද බඳිනවා කියල මිනිස්සු කරන්නේ ඇඟ බැඳීමක් හිත බඳින්න පුළුවන් සහතික කඩදාසියකින් නෙමේ.




හිතක් බඳින්න පුළුවන් තවත් හිතකින්ම විතරයි .කෙනෙක්ව කසාද බඳිනවා කියලා කොලේක අත්සන් ගන්න කාට උනත් පුළුවන් .එක බොහොම ලේසි වැඩක් . එත් හිතක් අල්ලලා තමන්ගේ හිතට තියල වෙන් නොවෙන සේ බැඳගන්නවා  කියන එක කලාවක් .ඒ කලාව හැමෝටම බැහැ .ඒ නිසා මතක තියාගන්න  ඔබට ලං වුනු කෙනා ඔබේ ජිවිතේට මොන මොනවා හරි කළා . ඔබට සතුටින් හුස්මක් ගන්න හරි උන් උදවු කළා .ඒ වෙනුවෙන් එයාට ස්තුති වෙන්න ,වයිර කරන එක අමතක කරන්න . සේරටම කලින් ඔය වැටෙන කඳුළු පිහිදාගන්න . හෙට අලුත් කෙනක් එයි .එයාට ඔනි ඔබේ කඳුළු නෙමෙයි . ඔය ලස්සන හිනාව..



බුදුසරණයි .......................................................
එයාට ඕනි ඔබේ හිනාව .. කඳුළු නෙවෙයි ...! Reviewed by සුදු මහත්තයා on 9:23 PM Rating: 5

19 comments:

  1. මේකට ක්මෙන්ට් කරන්න බැහැ, පස්සේ කියන්නම් :)

    ReplyDelete
  2. තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි... ටන නන නන් (සිංදුවක් මතක් උනා) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. අද සුදු මහත්තයා අමුතුම පැත්තකට පය ගහලා මොකද මේ වෙනස

    ReplyDelete
    Replies
    1. විශ්වාසනීය වෙනසකට.. පැහැදිලි ආරම්බයක්

      Delete
  4. යකෝ මූද මේක ලිව්වේ ????????????

    ජයම වේවා !

    ReplyDelete
    Replies
    1. උපුටා ගැනීමක් සෝස් දාන්න අමතක උනා...මේ දවස් වල උස්නේ වැඩි නිසා.. ඒවා දැම්මොත් රස හරියන්නේ නැතුව යනවා..

      හෙහ් හේ එල එල

      Delete
  5. ලස්සන විග්‍රහයක් වගේම වැඩි දෙනෙක් තේරුම් නොගන්න ඇත්තක්..

    ReplyDelete
  6. සුදුවගෙ සැගවුනු කුසලතා අද පෝස්ටුවෙන් එළියට පැනලා තියෙනවා...එළකිරි සුදුවා...

    ReplyDelete
  7. //අද සුදු මහත්තයා අමුතුම පැත්තකට පය ගහලා මොකද මේ වෙනස//......ඕකම තමයි මමත් මේ උඔට කියන්න හැදුවේ.........!
    ඒ මොකද...., උඔ සාමාන්‍යන් මේ වගේ Romans ලිපි නොදාන පොරක් කියලයි මගේ ඔළුවට එක පාරටම මීටර් උනේ....... ඒත් පස්සේ උඹේ ෆෙරේස් එක දැක්කට පස්සේ මට මීටර් උනා............
    පෝස්ට් එක ගැන කියනම් ............... ටම තමයි කෙල්ලෝ උනත් set වේන්නේ...., ඒක තමයි බං ලෝක ස්භාවය... ඒකට අපි කාටවත් දොස් කියලවත්.... මේ වගේ ව්‍යන්ගේන් හූල්ල පොස්ට් දාලවත් වැඩක් නෑ..... කියලයි මට නම් හිතෙන්නේ..(ඒ කිව්වේ උබේ පොස්ට් එක අවුල් කියල එහෙම නෙමෙයි හරිද...?.........)
    අනික බොස් උඔට මේ title එක එච්චර මැච්වෙන්නෙත් නෑ කියලයි මටනම් හිතෙන්නේ......
    කෙසේ වේතත් ජය..................

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ.... දන්නැද්ද ඉතින්... කාලය මවු වෙනසක අරුමේ තමයි... හෙහ් හේ " ටම තමයි කෙල්ලෝ උනත් set" එකනං හැබෑව ... අයිසෝ.... "උඔට මේ title එක එච්චර මැච්වෙන්නෙත් " කිවුවේ... පොස්ට් එකට හරියන්නේ නැද්ද.. මට හරියන්නේ නැද්ද හෙහ් හේ

      Delete
  8. අලුත් වෙනසක් වගෙ ඇ

    ReplyDelete
  9. ඔය මොන කතා කිව්වත් ...දාලා ගියාම මොහොතකට හරි ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ වෙනවා බං..බොරුනම් කන්නඩිය ඉස්සරහට ගිහින් බලහං...

    ReplyDelete
  10. mama oyage blog eka mage reader ekata damma
    http://kpreader.blogspot.com/

    ReplyDelete
  11. (h) ලිපියේ අර්ථය නම් මරු ඇත්තටම ! 

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.