Top Ad unit 728 × 90

recent post

recent

රන් තරු කැට

අපි ඉතින් අපේ අලුත් පරම්පරාවේ අලුත් අලු වැඩ වලට අත හිත දෙන කොල්ලොනේ,., මට බුකියෙන්,., ෆට්ට යාලුවෙක් සෙට් උනා,., නම ඩ්‍රොගෝ මල්ලී,., මගෙ බොක්කක්,., මිනිහගේ සැගවුනු දක්ශතාවයක් තියනවා,.,., ලස්සනට සිංදු ලියන්න පුලුවන්,., මම ඉතින් අපේ ඩ්‍රෝගෝ,.,මල්ලියගෙන් අවසර අරගෙන ,.,ඔන්න පල කරා ඈ,., අපි ඉතින් මේ වගේ දක්ශයොන්ට අත හිත දෙන්න ඕනි නේද යාලුවනේ,.,.,





 මේ සින්දුව මේ තාලෙට තමයි කියන්න ඕනි ,. කියලම බලන්නකෝ ,., රෙකෝර්ඩ් කලොත් මතක ඇතුව මට එවන්න ඈ 
අහසෙ රැ අහසෙ රන් තරූ කැට විසිරිලා.
____________________________

අහසෙ රැ අහසෙ රන් තරූ කැට විසිරිලා..

මුවගෙ ඔබෙ මුවගෙ මුතු සිනහා විසිරිලා...
සදේ පැහැය ආවේ මුහුණට කොහොමදෝ ප්‍රියේ...
පෙම්.... නෑ නිම්...
නිම්... නෑ පෙම්...

සීතේ මෙ සීතේ මෙ පරිසරෙ දෝ වෙලා..
සිරුරේ ඔබෙ සිරුරේ ඒ සිහිලැල් නෑ විලා...
සදේ සිසිල ආවේ සිරුරට කොහොමදෝ ප්‍රියේ...
පෙම්.... නෑ නිම්...
නිම්... නෑ පෙම්...

අහසෙ රැ අහසෙ රන් තරූ කැට විසිරිලා..

මල් පිපෙයි වනේ සුවද විහිදුනේ..
ඒ සුවද ඔබගෙයි මා ප්‍රියේ...

අහසෙ ඉගිලුනේ කළාමැදිරියෝ
ඒ එලිය ඔබගෙයි මා ප්‍රියේ...

දෙතොලෙන් ඔබෙ දෙතොලෙන් මා දෙතොලත් තෙත් වෙලා
හැගුමන් මෙ හැගුමන් අප දෙදෙනා මුස වෙලා..

සදේ සිසිල ආවේ සිරුරට කොහොමදෝ ප්‍රියේ...
පෙම්.... නෑ නිම්...
නිම්... නෑ පෙම්...

අහසෙ රැ අහසෙ රන් තරූ කැට විසිරිලා..

සිහිල් පොද වැටී මා නැහැවුනී
ප්‍රේම දහර ඔබගෙයි මා ප්‍රියේ..

සුමුදු සද රැසින් මහද නැහැවුනී
අදර රශ්මි ඔබගෙයි මා ප්‍රියේ...

සොදුරේ මා සොදුරේ මහාදට ලං වෙලා
උණුසුම් මා උණුසුම් ඔබ මා හා තුරුල් වෙලා..

සදේ පැහැය ආවේ මුහුණට කොහොමදෝ ප්‍රියේ...
පෙම්.... නෑ නිම්...
නිම්... නෑ පෙම්...

අහසෙ රැ අහසෙ රන් තරූ කැට විසිරිලා..
සිරුරේ ඔබෙ සිරුරේ ඒ සිහිලැල් නෑ විලා...
සදේ සිසිල ආවේ සිරුරට කොහොමදෝ ප්‍රියේ...
පෙම්.... නෑ නිම්...
නිම්... නෑ පෙම්...
පෙම්.... නෑ නිම්...
නිම්... නෑ පෙම්...

පෙම්.... නෑ නිම්..





පද රචනය-ඩ්‍රෝගෝ මල්ලී
ගායනය - සොයමින් පවතී

රන් තරු කැට Reviewed by සුදු මහත්තයා on 8:08 PM Rating: 5

9 comments:

  1. අපූරුම අපූරුයි! මොකද කියන්නෙ මම මේක වොයිස් කරන්නද? හැබැයි මට Instrumental Version එක හොයල ඕන..:)

    ReplyDelete
  2. සුපිරි..... නියමයි.... සිරා .... එල.....
    වචන නෑ කියන්න... ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි...
    ලස්සනට සින්දු කියන කෙනෙක්ට කියල වොයිස් කරවමුකෝ... අපේ බ්ලොග් යාලුවෙක්වම හොයාගමු.
    (Y)

    ReplyDelete
  3. ගායිකාවක් උඩින්ම ඉන්නේ....සින්දුවනම් නියමයි...පද ටික සුපිරි

    ReplyDelete
  4. @හිරු අක්කී,., ඩ්‍රෝගේ පූර්න ,.,අනුමැතිය තියනවා ඈ

    @රොසෑන් අක්කියෝ,., ඒකනේ ,.,මාත් කල්පනා කරේ

    @සිත්තමී,., ඒකනේ,.,., මාම් දන්නෙ අදනේ

    @බුද්දි අයියේ ,., එල එල

    ReplyDelete
  5. ""සොදුරේ මා සොදුරේ මහාදට ලං වෙලා
    උණුසුම් මා උණුසුම් ඔබ මා හා තුරුල් වෙලා..""

    හිරුහිමවිට කිව්වනම් හරිම ලස්සනට වොයිස් කරන්න තිබුනා... ලස්සන පද පේලියක්!

    ReplyDelete
  6. ඒකනේ,.,., හිරූ අක්කිට කියල ,.,., කියවගන්න ඕනි

    ReplyDelete
  7. මේ යාළු..Instrumental Version එක හොයල දෙන්නකො එහෙනම් හ්ම්ම්.. :) ස්තූතියි අනික් යාලුවොන්ට මාව මතක් උනාට හ්ම්ම්..:)

    ReplyDelete
  8. අලි අලි,., හොයල දෙන්නන් ,.,., එලස්,.,., මත්ක් වෙන්නෙ නැතුව,.,මම දන්නෙ නෑනේ කලියෙන්,.,.,

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.