Top Ad unit 728 × 90

recent post

recent

ප්‍රථම ප්‍රේමය නැති කරන්න පුලුවන්ද

අද කතා කරන්න යන්නෙ පුරුදු මාතෘකාවක නුපුරුදු ,., නොදන්න පැත්තක්... මේ ගැන මම ගොඩක් විස්තර හෙවුවා ,.,මගෙ පෞද්ගලික ජීවිතයේ මේ වගේ අත්දැකීම් නැති නිසා.. ටිකක් වැඩි පුර හෙවුවා.... කලින් පෝස්ට් එකේදි පොඩි දෝශයක් උනා කමෙන්ට්ස් වලට replay කරනකොට වැරදීමක්.. ඒකට මුලින්ම සමාවෙන්න ඕනි.. .


                                                              ඔබ පෙම්වතෙක් පෙම්වතියක් සිටිනවාද. බොහෝ දෙනාගෙ පිලිතුර ඔවු කලාතුරකින් කෙනෙක් නැහැ කියලත් කියාවී ඒත් ඔහුගේ /ඇයගේ හිතේ කෙනෙක් නැහැයි කියන්න බෑ,., මම හැමදාම කියනව වගේ ඔය කොයි අයියත් ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම හොයන්නෙ තමන්ටම කියල කෙනෙක්.. ඉතින් ඔබට කෙනෙක් සිටිනවානන් මේ ලිපිය වැඩගත් වගේම සිත් රිදීමටත් ඉඩ ඇත,.,

ඉතින් ඔබේ පෙම්වතා/පෙම්වතිය ඔබට ලැබුනේ කොහොමද කියලා මම ඇහුවොත් ඔබට ගොඩක් පිලිතුරු තියේවී... මම පංසල් ගියපු වෙලාවේ , අමතර පන්තියෙදී,ඉස්කෝලෙදී , කැන්ටිමේදි, ඔෆිස්  එකේදි,  සමහර විට අහල පහල කෙනෙක් , කලාතුරකින් කෙනෙක් බුකියෙන් කියලත් කියයි.. අනික මොබයිල් 4න් වලින් පටන් ගන්න ආදර කතාත් සමාජයේ ඕනි තරම් තියනවා ,.,ඒත් ,., ඔබ ඔබේ වත්මන් පෙම්වතාගේ/පෙම්වතියගේ පලමු පෙම්වතාද /පලමු පෙම්වතියද.. ඔබ අනිවාර්යෙන් ඔබ යාලු උන සැනින් අහන්නෙ , කියන්නෙ කලින් කෙනෙක් හිටියනන් එයා ගැන .."මට මෙහෙම කෙනෙක් හිටියා ඒත් දැන් එයා මගේ ජීවිතේ නෑ ඔයා තමයි හැමදාම මගේ ජීවිතේ..මීට පස්සෙ මගෙන් එයා ගැන අහන්නෙ එපා හරිද..ඔයාට මම හැමදෙයක්ම කියන නිසා මේ කිවුවේ"... ඔය විදියට හරි ඔයිට සමාන විදියකට හරි,.,ඇය / ඔහු කලින් යාලු වෙලා හිටිය කෙනෙක් ගැන පවසාවී... (ඔබ ප්‍රථම ප්‍රේමවන්තයා/වන්තිය නොවේනම්) 


                                                    ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්න,., ඔබට ඇයව/ඔහුව ලැබුනේ .. කොහෙන්ද කියලා..මට ඔය ප්‍රශ්න වලට එන පිලිතුරු අතරේ ටිකක් හයිලයිට් වෙන උත්තරයක් එනවා "කලින් පෙම්වතාගෙන්/පෙම්වතියගෙන්"    කියලා ..  මේකට ඔබ කෙතරම් දුරට මාත් එක්ක එකගද කියලා මම දන්නෙ නෑ.. ඒත් මට හිතෙන්නේ මේක වෙන්නෙ මෙහෙම තමයි කියලා.. ඉතින් පොඩ්ඩක් කල්පනා කරන්න.. ඔහු /ඇය ඔබේ වෙන්න කලියෙන් තව කෙනෙක්ගේ වෙලා හිටියා නේද සමහර විට ඒ ඔහුගේ ඇයගේ පලමු පෙම්වතිය/පෙම්වතා විය හැකියි සමහර විට ඊටත් වඩා අගයක් ගන්න පුලුවන්,.,.,

                                                   පොඩ්ඩක් කල්පනා කරල බලන්න,., ජීවිතයේ ප්‍රථම ප්‍රේමය අහිමි උනු කෙනෙක් ඉතාමත් කලාතුරකින් තමයි දෙවෙනි ප්‍රේමයක් හොයාගෙන යන්නෙ නැත්තේ.. ඉතින් ඔහු/ඇය දෙවෙනි ප්‍රේමයෙනුත් වෙලෙනව බැදෙනවා./. ආදරය කරනවා ජීවිතය විදිනවා ,.,ඒත් ඔබ කවදාවත් සිතුවාද,., ඔහු /ඇය ඔබෙන් ඉල්ලන්නේ,.,ඔහුට/ඇයට . ඔහුගේ/ඇයගේ ප්‍රථම ප්‍රේමයෙන් ලබාගන්න බැරි වෙච්ච හැගීම දැනීම .. කියලා.. මම හිතන්නෙ නැහැ ඔබ තුන් හිතකින්වත් හිතන්නෙ නැහැ ,.,ඒත් ඒක තමයි ඇත්ත,.,ඔබ පලමු ආදරය අහිමිව වෙනත් ආදරයකින් වෙලිල ඉන්න කෙනෙක්නන් හිතට එකගව ..ඔබේ හිතෙන් මේ ප්‍රශ්නය අහන්න ,.,
"මම මගේ පලමු ආදරයට ආදරේයිද.. මම දැන් මේ ආදරයෙන් බලා පොරොත්තු වන්නේ ඔහුගේ/ඇයගේ ආදරය නොවේද"
  මේ උත්තරයට හැමෝටම ලැබෙන්නේ එකම උත්තරයක්,., ඔබගේ පලමු ආදරයට ඔබ ආදරය නොකලා නන් කවදාවත් දෙවෙනි ආදරටත් ඔබට ආදරය කරන්න බැහැ ,., ජීවිතයේ පලමු ආදරය හා පලමු හාදුව කියන්නෙ හරි පුදුම දෙයක් ජීවිතය වසනා තුරාවට හිතෙන් යවන්න බැරි මතකයක්,ඔබ ඔහුගේ /ඇයගේ ,., උනුහුමට තුරුලු උනු පලවෙනි වතාව මදක් සිහි කරන්න,.,කවදාවත් ඔබට එය අමතක කරන්න බැහැ ,.,ඔබ ඊලග පෙම්වතාගෙන්/පෙම්වතියගෙන් බලාපොරොත්තු වන්නේ ඒ ආදරය ඒ උනුසුම,., ඒ නිසාවෙන්ම තමයි,., ගොඩක් වෙලාවට,.,  පලමු පෙමින් පසුව ආදරයක් පටන් ගත් විට ආයෙමත් අර පලමු ප්‍රේමය ඔබට ලං වූ සැනින් ඔබ ඒ වෙත ඇදිලා යන්නේ,., [ඒක එහෙමම වෙනව කියලා මම කියන්නෙ නැහැ]

                                                                       ඔබට ඔබේ පලමු පෙම අමතක කල යුතුනම් ඇත්තටම කල යුත්තේ ඔබ ආයෙමත් මැරිල නැවත ඉපදීමයි,.ඒක ඒ තරම් ප්‍රබලයි.. ඉතින් දැන් ඔබට ඉන්නෙ පලමු ආදරය නැති වෙච්ච පෙම්වතෙක් /පෙම්වතියක් නම් ඔබට හිතෙනවා ඇති මේයා එන්නෙ මගෙන් එයාගෙ පලවෙනි කොල්ලගෙ /කෙල්ලගේ උනුහුම ගන්න කියලා... එහෙම හිතන්න එපා.. ඔබටයි ඔබේ පෙම්වතාට/පෙම්වතියට... ඔහුගේ /ඇයගේ පලමු පෙමේ හැගීම් යටපත් කල හැක්කේ ,., එවිට ඔහු/ඇය කවදාවත් ඔබව දමා යන්නේ නැහැ ,., ඇයට ඔහුට හැකි පමන උපරිමයෙන් ආදරය දෙන්න ,.,ඔහුගේ /ඇයගේ කලින් ප්‍රේමය සම්බන්ද අන්ශු මත්‍ර්යක්වත් විහිලුවටවත් ඔබ මතක් කරන්න එපා,.,ඒක ඇයට/ඔහුට වගේම.. ඔබටත් පසුවට පසු තැවීමට කාරනයක් වේවී.,.


, ඔබගෙ අදහස වටිනවා ,.,anonymas හරි කමක් නැහැ කමෙන්ට් කරන්න මේ ලිපියට,., සිත් රිඳීමක් උනා නන් සමාවෙන්න 
ප්‍රථම ප්‍රේමය නැති කරන්න පුලුවන්ද Reviewed by සුදු මහත්තයා on 8:11 PM Rating: 5

25 comments:

  1. සහතික ඇත්ත වගේ බං :P

    ReplyDelete
  2. ඇත්ත. ඇත්ත. අත්දැකීම් තියන උඹල කියනකොට ඉතින් අපි පිළිගන්න එපෑයැ.

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් නන් නැහැ කියලා මුලින්ම කිවුව වගේ මතකයි

      Delete
  3. // අත්දැකීම් නන් නැහැ කියලා මුලින්ම කිවුව වගේ මතකයි //

    හි හී ... කිව්ව නේන්නම්. අර තියෙන්නෙ උඩින්ම දිලිහි දිලිහි. ඒත් ඉතින් මෙච්චර විස්තරයක් උපකල්පනය කරා කියල මට හිතෙන්නෙම නෑනේ. :)

    අළුත් ඇඳුම හොඳයි. මේ Reply එබුවට වැඩකරන්නෙ නෑනේ. ඒක පොඩ්ඩක් බලන්න.

    ReplyDelete
  4. ඕක මට හිතුනෙම නෑ..ඒත් හිතන්න දෙයක් ලැබුනා...ම්ම්ම්...දෙයක් කියන්නම්...හැමෝම එන්නේ ආදරේ හොයාගෙන...හැමෝටම ඕනි ආදරේ...මම කවදාවත් අතීතය බාදාවක් කරගන්නේ නැහැ...පුළුවන් තරම් ආදරේ දෙනවා මාව දාල යනකන්ම..කොහොමත් අයිති වෙයිද දන්නෙත් නැහැ මටම..නි...අහසයි පොලවයි වගේ...පුළුවන් උපරිමෙන් ආදරේ දෙනවා...

    ReplyDelete
  5. හිතාගන්න බැහැ සුද්දො...මොනව කියන්නද කියල....අතීතයේ දේවල්නෙ...හිකිස්.!

    ReplyDelete
  6. අනේ මන්ද මොනවා කියන්නද කියල.....
    SpeechLess

    ReplyDelete
  7. අනේ මන්දා මෙයා :D

    ReplyDelete
  8. අනේ මන්දා කියලා තමා මටත් කියන්න වෙන්නේ ...

    ReplyDelete
  9. 100% truth,in my experience

    ReplyDelete
  10. ඔව් මේක ඇත්ත මමත් මගේ පස්සේ ආව කෙල්ලෙක්ව අතඇරල තියෙනව මේ හේතුව නිසා.... මට නම් 1 එක අතාරින්න බෑ.... :'(

    ReplyDelete
  11. ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බෑ.ඒක ඇත්ත.මේ බ්ලොග් එකට සමහර වෙලාවට එන්න බෑ.පොඩ්ඩක් බලන්න.

    ReplyDelete
  12. matath kiyanna tiyenne ane manda kiyala tama ayya.......

    ReplyDelete
  13. ම්ම්ම්ම් කලින් තිබ්බ ටෙම්ප්ලෙට්ස් එකේ පොඩි පොඩි අවුල් වගයක් තිබ්බ නිසා,.,ඒකට විසදුමක් හොය හොය හිටියේ ,,., මම වෙනස් උනා ,.,ආයෙ නන වෙනස් කරන්නේ නෑ ,., මේ මදෑ ,., ගොඩක් අයගේ කතාවලින් තේරෙන්නේ ,.,ඇත්තටම ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බෑ ,.,මටත් බැරිවෙයි,.,මොකද මගේ තාම යන්නෙ පලවෙනි ආදරය නිසා.... බොහොම ඉස්තුතියි කමෙන්ට්ස් වලට

    ReplyDelete
  14. magei mage grl gei 2gema 1st lv eka..bt eya eka dan na..mry karama kiynawa..
    lovet amataka karanna ba..eya pana wage..<3

    ReplyDelete
  15. පළවෙනි ආදරේ මාර වටිනව..

    ReplyDelete
  16. සහතික ඇත්ත....ආ‍යෙ දෙකක් නෑ.....

    ReplyDelete
  17. //ඒත් ඔබ කවදාවත් සිතුවාද,., ඔහු /ඇය ඔබෙන් ඉල්ලන්නේ,.,ඔහුට/ඇයට . ඔහුගේ/ඇයගේ ප්‍රථම ප්‍රේමයෙන් ලබාගන්න බැරි වෙච්ච හැගීම දැනීම .. කියලා.. මම හිතන්නෙ නැහැ ඔබ තුන් හිතකින්වත් හිතන්නෙ නැහැ ,.,ඒත් ඒක තමයි ඇත්ත,//

    මේක වැරදී සම්පූර්ණයෙන්ම... ඉල්ලනවා නෙවෙයි,, පළවෙනි ආදරේට දෙන්න බැරිවුනු තරම් ආදරේ දෙනවා කිව්වොත් නිවැරදි, පළවෙනි ආදරේ අමතක කරන්න බෑ, හේතුව පළවෙනි අත්දැකීම, පළවෙනියටම ආදරේ කියන හැගීම ඇතිවුනු අවස්තාව නිසා,ඒත් ඒක හැමදාටම හිත හිත ඉන්න ගියොත් ආයේ ජීවිතයක් නැතිවෙනවා,එයා ගියා නම්, ගියේ යන්න ඕනේ නිසා,, ඒක නම් එයාගේ සතුට ඒ සතුට දැකලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ ඇත්තටම ආදරේ කරා නම්,, වෙන්වුනු එක දුකක් තමයි,නමුතු මට දුකක් වුනාට ඒක එයාට සතුටක් වුනානම්,එයා ගියේ එයාගෙම ලෝකයක් හොයාගෙන නම්, එයාගෙම කියලා ජීවිතයක් හොයාගෙන නම් ඇයි මම අකුල් හෙලන්නේ,, සතුටු වෙන්න එපැයි මගේ ආදරේ හොදට ඉන්නවා කියලා,, ලගින් ඉන්න කාලේ පුළුවන් උපරිමෙන් ආදරේ දුන්නා නම් එච්චරයි,,ආයේ ඒ ගැන හිතලා පසුතැවෙන්න ඕනි නැ,,

    පළවෙනි ආදරේ හිතේ තියනවා හැමදාටම,නමුත් ඒක ඉවර වෙච්ච අතීතයක් මිසක් වෙන දෙයක් නෙවෙයි, හැමදාටම ඒ ආදරේ ගැන හිත හිත හිටියොත්/ හිත හිත ඉන්නවා නම් දෙවනි සැරයක් විහිළුවටවත් ආදරේ කරන්න,තව කෙනෙකුට බලාපොරොත්තු දෙන්න, විහිළුවට හරි කෙනෙකුට මම ඔයාට ආදරෙයි කියලා කියන්න ඕනි නෑ.. තමන් කලින් ආදරේ කරා නම් ඒක දුක, ඒ හැගීම හරියට වින්දා නම් දුන්නා නම් ඒ දේ කරන්නේ නෑ,, නමුත් ආයේ ආදරයක් හිතට ඇවිල්ලා මම ආදරේ කරනවාමයි කියලා හිතලා පටන් ගත්තොත්, ගෙවිලා ගියපු අතීතේ සම්පූර්ණෙන්ම පැත්තකින් තියලා ආදරේ කරන්න ඕනේ,, කලින් ආදරේ කරන්න බැරිවුනු තරමටම... ඒහෙම කරන්න තරම් හිත හදාගන්න බැරිනම් හරි, හිත චංචලයිනම් හරි ආදරේ නොකර ඉන්න ඕනි,, අපි කාටත් පළවෙනි ආදරේ මතක් වෙන අවස්තා එනවා,, නමුත් ඒක ගෙවිලා ගියපු මතකයක් මිසක් දැන් ජීවිතේ නෙවෙයි,, අතීතයගේ ගමන් මලු බිමින් තිබ්බේ නැතිනම් අනාගතේතකුත් නැති වෙනවා..

    ReplyDelete
    Replies
    1. බුදු බන් අක්කේ.. රචනාවක් වගේ... හරි දෙයියනේ.. කතාව ඇත්ත... මම කිවුවේ බහුතරය ගැන//

      Delete
  18. ලව් එක පටන් ගන්න කලින් දැක්ක නම් අදටත් මගේ ලව් එක තවමත් මගේ ළඟ. දැන් ටූ ලේට්.. ;-(

    ReplyDelete
  19. කලින් මේ පෝස්ට් එක දැක්ක නම් අදටත් මගේ ලව් එක මගේ ළඟ.. දැන් ටූ ලේට්.. හැබැයි මට විශ්වාසයි මම එයාගේ පලවෙනි ආදරේටත් වඩා ආදරේ කළා කියලා.. ;-(

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.