Top Ad unit 728 × 90

recent post

recent

අහිංසා __+පලවෙනි කොටස+

                       මතකද ඔයාට.. අපි දෙන්න මුලින්ම හම්බු උනු දවස.. එදා මට අලුතෙන් පන්තියක් පටන් ගන්නවා.. මම පොඩි කාලේ සංගීතෙට ආස උනාට ලොකු වෙනකොට ඒක .. කොල්ලොත් එක්ක දාන බජවුවකට සීමා උනා ..ඒත් ඕ ලෙවෙල් කරද්දි එක සබ්ජෙට් එකක් විදියට.අපෙ අම්මගෙ වදේ නිසාම.. මම  තෝර ගත්තා.. ඒත් ඉතින් ඉස්කෝලෙ ඉගැන්නුවෙත් නෑ.. උගන්නපු දවසට පීරියඩ් එකට හිටියෙත් නෑ.. ඔහොම පොඩ්ඩ පොඩ්ඩ ඕ ලෙවෙල් වලට ලං උනා,.,මම කොච්චර පිස්සු නැටුවත්
සබ්ජෙට් සේරම ගොඩ දාගන්න කියලා ශුවර් එකකින් තමයි හිටියේ ඇත්තටම මට ඒක කරන්න පුලුවන්.. ඒත් මට පොඩි ප්‍රශ්නෙකට තිබ්බේ.. මියුසික් සබ්ජෙට් එක.. ඒක අම්ම දන්නවා .. මම අමතර පන්තියකටවත් ගියේ නෑනේ.. දවසක් අම්ම පොලේ යද්දී අපෙ අම්මට.. මගෙ පරන සංගීත ටීචව ..ඒ කියන්නේ මම පොඩි කාලෙදි (123 වසර) මට උගන්නපු ටීච හම්බු වෙලා තිබ්බා.. ඒ හම්බු උනු එක නිසා අපි දෙන්නා මේ තරම් දුර ගමනක් එන බව දන්නවනන් අපෙ අම්ම කවදාවත් .ඒ ටීචව හම්බු වෙන්න් නෑ ..  කොහොම  හරි..ටීච අපෙ අම්මට කියලා තියනවා දවසක් කියන්නන් .. ගෙදරකට එන්න කියලා.. තව තුන් හතර දෙනෙක් ඉන්නවා කියලා.. අපෙ අම්මත් ඉතින් හා කියලා..

                                        මට අම්ම ගෙදර ඇවිත කිවුවා පුතේ සංගීත පන්තියක් තියනව  යන්න කියලා, මම හිටියේ අනික් වැඩ වල එල්ලිලා මම බෑ ,.,කිවුවා ,. පස්සෙ පන්ති තියන දවසෙ උදේ..මම අවසානෙ තාත්තගෙන් ටොක්කුත් කාලා තමයි පන්ති ගියේ,.. තාත්තම ගිහින් දැම්මා.. මම පන්තියට යනකොට ඔයයි.. තව අක්ක කෙන්කුයි විතරයි හිටියේ.. මම ඒ කාලෙ කෙල්ලො ගැන කල්පනා කරේ මහ අමුතු විදියකට.. "කෙල්ලෝ කියන්නෙ මහ එපා කරපු එවුන්.. කොල්ලො චාටර් කර කර රට වටේ යන කට්ටියක්, "ඔය විදියට රිනාත්මක ඇසකින් තමයි මම කෙල්ලො දිහා බැලුවේ.. මම ඕනිම කෙල්ලෙකුට ඒ කාලේ බනින්න චාටර් කරන්න පොඩ්ඩක්වත් පසු බහින්නෙ නෑ ,.,පලවෙනියා මම තමයි..එදා මම පන්තියට ආවෙත් හිතේ තරහකින්, ඔයා ,අර අක්ක හිටියා කියලා මට ගානක් නෑ.. මාත් ඔයාලා වාඩි වෙලා හිටපු පැදුරෙ කොනකින් වාඩි උනා.. වාඩි වෙලා ඔයා දිහා නිකමටවත් බැලුවේ නෑ,., පස්සෙ ටීචර් මම ගැන වර්නනාවක් කරල එහෙම. කිවුවා මේ ඉන්නේ අහිංසා කියලා.. මම නම අමුතු නිසා පොඩ්ඩක් හැරිලා බැලුවා. ඔයාට ඇත්තටම තිබ්බෙ,.,අහිංසක හුරතල් පාටක්.. මම ඒත් එච්චර ගනන් ගත්තේ නෑ.මම කල්පනා කර කර ඉන්නේ කොයි වෙලේද මේ පන්තිය ඉවර වෙන්නේ කියලා//අක්කගෙ නම අචිනි. මම එයා දිහත් බලලා අනික් පැත්ත බලාගත්තා.



                                  පාඩම පටන් ගත්තා ටීච රාගයක් පටන් ගත්තා. කාෆි රාගය.. මම ටිකක් ආස රාගයක්.. මුලින්ම කිවුවේ මට කියන්න කියලා,. කොච්චව ආස උනත් මට ඒක මතක නෑ ,.,ඊට පස්සෙ අහිංසාට කියන්න කිවුවා

"සද වති හිනැහෙනවා.. සිනාසී මවු බිම සිඹ සිඹ,, නැලවෙන වේලේ..
සදවති හිනැහෙනවා,,,,,,......................................................."



ඔයා රාගෙ කියන්න පටන් ගත්තා.. මට අමුතුම සනීපයක් දැනුනේ ඔයාගෙ කට හඩ ඇහෙනකොට අමුතු ලයාන්විත බවක් තිබ්බ ඔයාගෙ කට හඩේ උච්ච ස්වර පරාස වලට යනකොට තිබ්බ පැහැදිලි කටහඩ..වීදුරු කපන්න පුලුවන් තීවුර බව. මට ඒක හොදට දැනුනා..ඔයාගෙ කටහඩ වීදුරු වගේ පැහැදිලියි.. කොහොම හරි රාගෙ කියල ඉවර වෙනකොට මම ඇස් දෙකත් පියාගෙන හිටියේ.. ඊට පස්සෙ අක්කත් කිවුවා..මටත් කියන්න කිවුවා ආයේම,.,ඒත් මම බෑ කියලා මාරු උනා,. කොහොම කොහොම හරි.. වෙලාව ගියා දන්නෙම නැතුව.. උදේ 7.30ට ගෙදරින් ආවේ.. 5 වෙනකන් පන්තිය තියනවා.. දැන් ඉන්ටර්වල් දෙන්නත් ලගයි..මම කෑම එකක් ගෙනාවෙත් නෑ.. පර්ස් එකේ සත පහක් නෑ ,.,අම්මගෙන් ඉල්ලගන්නත් අමතක උනා..
අහිංසා __+පලවෙනි කොටස+ Reviewed by සුදු මහත්තයා on 5:25 AM Rating: 5

10 comments:

  1. අහා මලයා සංගීතේ කරපු හැඩයි! හ්ම්ම් හ්ම්ම්.. :)

    ReplyDelete
  2. ඔවු ඔවු,., සංගීතෙට A එකක් තියනවා ඈ :D

    ReplyDelete
  3. ayyo podi kotasakne dala tiyenne.itiri kotasath ikmanata danna ayye.

    ReplyDelete
  4. ඉතින් ඊට පස්සේ. කොහොමද කෑවේ..

    ReplyDelete
  5. ම්ම්ම්ම්ම්ම්ම් ඉක්මනටම දාන්නකෝ

    ReplyDelete
  6. ලස්සනයි ගොඩක්..කෝ ඉතුරු ටික

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.