Top Ad unit 728 × 90

recent post

recent

අඹ ගෙඩිය

ශිව දෙවියන් සහ පාර්වතී දේවියට පුතුන් දෙදෙනෙකු විය ඉන් එක් පුත්‍රයෙකු ගණ දෙවියන් වන අතර අනෙක් පුත්‍රයා කතරගම දෙවියන් වේ.මෙකල දෙවුලොව සිටි තවත් ප්‍රබල දෙවු කෙනෙකු වූ නාරද දෙවි තුමා දිනක් ශිව දෙවියන් සහ පාර්වතී දෙවියන් බැලීමට පැමිනියේය.නාරද දෙවිතුමා තමා අත වූ අඹ ගෙඩියක් ශිව දෙවියන්
ට පෙන්වා මෙසේ කීය.  

"ශිව දෙවි තුමනි,මේඅඹ ගෙඩිය ඉතාම වටිනා එකක්.මෙය අනුභව කරන්නා ලොව සිටින නැණවත්ම පුද්ගලයා බවට පත් වනවා.මෙම අබ ගෙඩිය හඳුන්වනේ   ඤාන ඵලම් කියායි.ඒ නිසාඔබේ එක් දරුවෙකුට මෙම අඹ ගෙඩිය අනුභව කරන්න දෙන්න එවිට ඔහු ඉතා ඤානවන්ත වේවි."

මේ කතාව අසා සිටි පාර්වතී දේවිය වෙනත් යෝජනාවක් කළා.E තමයි අපි අඹ ගෙඩිය දෙකට කපා දරුවන් දෙදෙනාට අනභව කිරීමට දෙමු. ඉන් පසු නාරද දෙවි තුමා සිනාසී මෙසේ පැවසීය.

"අඹ ගෙඩිය අනභවය කිරීමට හැකියාව ඇත්තේ එක අයෙකුට පමනයි.එසේ වූවොත් පමනයි ඉන් නියමිත ප්‍රතිපල ලැබෙන්නේ."

ශිව දෙවිතුමා දැන සිටියා නාරද දෙවි තුමා ඉතා ප්‍රභල කෙනෙකු ලෙස මේ කරනු ලබන යෝජනාව ඉවත දමන්නට බැරි බව. ඒ අනුව නාරද දෙවිතුමා අපූරු තරඟයක් යෝජනා කලා. ඒ ලෝකය වටා රවුමක් ගොස් ඉක්මනින්  පැමිනෙන කෙනාට ඤානපලම් අඹ ගෙඩිය ලබා දීම

කතරගම දෙවියන් තමන්ගේ වාහනය වූ මොණරා මත නැගී ලොව වටා යන්නට ගමන් ආරම්භ කලා. ගණ දෙවි තුමා තමන්ගේ මහත උදරය සහිත ශරීරය සමග ඉතා අසීරුවෙන් ගමන යන්නට සූදානම වූයේ තමන්ගේ වාහනය වූ මියා මතින්. ගමන ආරම්භ කිරීමට පෙර ගණ දෙවියන් නාරද දෙවිතුමාගෙන් අපූරු ප්‍රශ්නයක් විමසා සිටියා.

"නාරද දෙවි තුමනි,අපිට තිබෙන වටිනාම වස්තුව දෙමවුපියන් නේද.? අපේ මුලු ලෝකයම අම්මා තාත්තා බවයි මට දැනෙන්නේ"

එවිට නාරද දෙවිතුමා මෙසේ කීවේය.

"ඔවු , අපි කාගෙත් ලෝකය අපේ දෙමවුපියන්. දෙමවුපියන් නොමැතිනම් මේ ලෝකයත් නැහැ."

එම අවස්ථාවේදිම ගණ දෙවියන් සිය දෙමවුපියන් වන ශිව දෙවියන් සහා පාර්වතී මෑණියන් වටා වටා රවුමක් ගොස් නාරද දෙවිතුමා වෙත පැමින ඤාන අඹ ගෙඩිය ඉල්ලා සිටියේය ඉන් බෙහෙවින් සතුටට පත් නාරද  දෙවිතුමා තුන් ලොවටම අධිපති වන බලය හිමි අඹ ගෙඩිය ගණ දෙවියන් වෙත අනුභව කිරීමට ලබා දුන්නේය..
අඹ ගෙඩිය Reviewed by සුදු මහත්තයා on 7:19 AM Rating: 5

23 comments:

  1. මම අහල තියෙනවා මේ කතාව..

    ඇත්තද බං මේක ?

    ReplyDelete
  2. ජනශ්‍රතයේ එන කතාවක්ද සුද්දෝ...!
    තව එකක්..එතකොට බලාගෙන ගියාම අඹ ගෙඩිය කන්න කලින්ම ගණදෙවියෝ නුවනක්කාරයෙක්නෙ..අඹ ගෙඩියක් මොකටදෑ...!

    ReplyDelete
  3. @තරුවා එල එල

    @සෑම් ,., අනේ මන්දා ලොක්කා ඇත්තද බොරුද කියලා අපේ ආච්චි මට පොඩි කාලෙ මේ කතාව කියල තියනවා

    @වී පොකුර,., ජනශ්‍රතයේ එන එකක්ද කොහෙද .. ? ඒකනේ,., ගණ දෙවියන්ට ආයෙ මොකටද අඹ ගෙඩි මටත් ඕක හිතුනා :D

    ReplyDelete
  4. මම අහල නැහැනේ අනේ මෙහෙම කතාවක්..
    කියල දුන්නට ස්තූතියි මල්ලෝ හ්ම්ම්.:)

    ReplyDelete
  5. මම අහල තියෙන්නේ වෙන විදියක්කට.. කරදිය වළල්ල වටේ ගිහින් එන්න කියලා කිව්වම (කරදිය වළල්ල කියන්නේ. ලුනු මිශ්‍ර ජලය තියෙන ස්ථානය ) දෙවියන් තමන්ගේ වාහනය වූ මොණරා මත නැගී මුහුද වටේ යන්න ගමන් ආරම්භ කළා.. ගණ දෙවියෝ ගෙදර තියෙන ලුණු දාලා තියෙන භාජනය වටේ ගමන්කර දිනුවා කියල..

    ReplyDelete
  6. අර ලුනු පොල් කට්ට වටේ ගියපු කතාව වගේ කතාවක්. මම දැනන් උන්නේ නෑ මේ කතාව.

    ReplyDelete
  7. @හිරූ අක්කී ,. අපෙ ආච්චි තවත් කතා කියල තියනවා ඒවත් කියන්නන් ,.,.

    @චමී .. ඒක එක කතාවක් මේක තවත් එකක් ,.,අම්මෝ තව තියනවා දේව කතානන් එපා වෙනකන්

    @මදුරංග ,., එලනේ ඉතින් අලුත් එකක් :D

    ReplyDelete
  8. සුද්දා හූ ඈ... xD

    ReplyDelete
  9. නියමයි

    ReplyDelete
  10. මේ කතාව මම අදමයි ඇහුවෙ...ඔයාට ස්තූතියි මල්ලියෝ පෝස්ට් කරාට..

    ReplyDelete
  11. @බුද්දික අයියා හූ ඈ ,.,මගෙ වර්ඩ් උස්සලා අය්යෝ,.,.,

    @බකුසු ,.,එල එල

    @ශම්මි අක්කී,., එල එල බොහොම ඉස්තුතියි ගොඩ වැදුනට

    ReplyDelete
  12. සරල උනත් ඉතාම වටිනා අවවාදයක් අපිට දෙන කතාවක්...

    ඉස්සර අහපු කතාවක් නැවතත් මතක් කරලා දුන්නට මල්ලිට බොහොම ස්තූතියි....

    ReplyDelete
  13. ඥාණ පලම් වෙන නැද්ද අපිටත් කන්න...

    ReplyDelete
  14. @හිතෙන දේවල් අයියේ ,., හරියටම හරි අවවාදයක් දුන්නෙ ඇත්තටම මේ කතාවවෙන්,.,.

    @සිරා,.,එකක්ද කොහෙද තිබ්බා :D

    ReplyDelete
  15. හැබැයි ගණ දෙවියන්ගේ නුවණටත් වඩා හොරාගේ නුවණ වැඩියිලු :D

    ReplyDelete
  16. මම මේ කතාව අහල තියෙන්නේ වෙනත් විදියටකට. කරදිය වළල්ල වටේ ගිහින් එන්න කිව්වලු එතකොට ඝන දෙවියෝ ලුණු පොල්කට්ටේ වටේ ගිහින් ආවලු. අනිත් කෙනා ලෝකේ වටේ ගිහින් ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
  17. @හසිත් වෙන්න ඇති අප්පා ., හිකිස්

    @අසරණයා.. මේක වෙන කතාවක් අසරණයා :D

    ReplyDelete
  18. මමත් අහල තිබුනෙනම් කරදිය වටේ ගිහින් එන්න කියලා...කොහොම නමුත් එකම විදියේ ජනප්‍රවාද ඕනි තරම් තියෙනවනේ අහපු නැති කථාවක් නියමයි...

    ReplyDelete
  19. එල එල සුද්දා හු හු හයියෙන් හු ඈහ්..

    ReplyDelete
  20. මාත් මේක අහලා තියෙනවා බං

    ReplyDelete
  21. ම්ම්ම් එල එල ,.,., මොකෝ සෙපා හූ කියන්නේ ඈ .. එල නිශාන් අයියේ ,.,

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.