Top Ad unit 728 × 90

recent post

recent

අහිංසා __+දෙවෙනි කොටස+


අහිංසා __+පලවෙනි කොටස+

          මට ඉතින් කියල දෙන ඒව තේරෙන්නෙත් නැති නිසා පොඩ්ඩක් වට පිට බැලුවා. පොඩි එක්කෙනෙක්ගෙ සද්දෙකුත් ගේ ඇතුලෙන් ඇහෙනවා. කාගෙ ගෙදරද දන්නෙ නෑ මේක.. හරිම පිලිවෙලට තියනවා.. ටීච කිවුවෙනන් ලමයෙක්ගෙ ගෙදර කියලා . කොහොම හරි ඉතින් සචිනි අක්කගෙ හරි අහිංසගෙ හරි වෙන්න එපැයි. ඒ අතරෙ මට  අහිංසගේ ඇදුම නෝට් උනා.. මාරයි.. සුදු පා
ට සල්වාර් එක දාගෙන ඉන්නවා පන්ජාබ් එකට..ලස්සනයි.. සචිනි අක්කනන් ශෝටක් ඇදන් ඉන්නේ.             

           තව ටික වෙලාවකින් ඉන්ටර්වල් දෙනවා මගේ බඩේ පනුවො සෙට් එක වෙනදට වඩා කෑ ගහනවද මන්දා. කරන්න දේකුත් නෑ මම ඉන්ටර්වල් දෙනකන් ඉන්නේ.යාලුවෙක්ගෙ ගෙදරකටවත් පැය බාගෙන් දුවල එන්න. "හරි දැන් කට්ටිය ගිහිල්ල පැය බාගෙකින් එන්න" අහ් ඉන්ටර්වල් වගේ,., මමත් ටිකිස් ගාලා අතේ පයේ හිරි ඇරගන්න එලියට බැස්සා. සචිනි අක්ක ගේ ඇතුලට අහිංසා එයාලයි ගෙදරට ගියා. අහිංසගෙ ගෙවල් තියෙන්නේ සංගීත පංතිය තියන සචිනි අක්කලයි ගෙදරට ගෙවල් හතරක් විතර උඩහා. මමත් පාරට බැහැලා හිමින් හිමින් වැව පැත්තට පල්ලම් බැස්සා.. දැන් යාලුවගේ ගෙදර යන්නත් කම්මැලියි. 


                          වැවු දිය සිපගෙන එන හීතල හුලන් පාර මේ ගිනි කාස්ටක අවුව තියන වෙලාවේ .මට අමුතුම සනීපයක් අරගෙන ආවා.  ෆෑන් , ඒ සී යට ගෙවෙන කලබලකාරී  ජීවිත වලට වඩා මේ වගේ සුවදායක පරිසරයක් තියන වටපිටාවක පැලක් අටවාගෙන හිටියත් සැපයි කියලා නොසිතෙනවද නොවේ, ඒත් අපේ ජීවිත දැන් අවතීර්න වෙලා තියෙන්නේ අධිවේගී මාර්ගයකට.. මගදි නවත්තන්න බෑ.. අපිත් මේ පාරෙ එකම වේගෙන් යන්න ඕනි .. මම  මගේ සිතුවිලි අතර පාවෙමින් හිටියේ.. "සිතිජ"  අහ් කවුද මට කතාකරනවා.. මම හැරිලා බැලුවා.. සචිනි අක්කා.. මම පේණ්නෙ නැතුවට බලන්න ඇවිල්ලා.

                          "මොකද මල්ලියෝ මෙච්චර වෙලා වැව ලගට වෙලා කලේ" "නෑ අකේ මම නිකන් ඇවිල්ලා හිටියා කරන්න දේකුත් නෑනේ" මම එහෙම කිවුවට මම තමයි දන්නෙ මම බඩගින්න වැඩිකමටමයි මෙතෙනට ආවේ කියලා,., මූනට කියන්නයෑ ඒක,. "මම මල්ලිට තේ එකක් හදාගෙන එනකොට මල්ලි හිටියේ නෑ මම හිතුවෙ කන්න යන්නැති කියලද..අහ් මල්ලියා කාලද ඉන්නේ " "ඔවු අක්කේ මම  සුනීතා ඇන්ටිගෙ කඩෙන් කාලා මෙතනට ආවේ" "හරි හරි එහෙනන් කමක් නැහැ,., යමු දැන් පන්තියට ඔයා මෙතන පැයකට වඩා හිටියා " මම අක්ක එහෙම කියනකොට ඔරලෝසුව බැලුවා .. අය්යෝ වෙලව 2.40යි   1ට ඉන්ටර්වල් දුන්නේ,,.,., 


                       ආයෙ පුරුදු විදියට පන්තිය පටන් ගත්තා ,.,ගෙදර computer එක ඉස්සරහ ඉන්නකොට,., අදිවේගෙන් යන ඔරලෝසු කට්ටට අද බ්‍රේක් බයින් වෙලාද මන්දා යන්නෙම නෑ.. තවත් පැය දෙක හමාරක්,., අලසව ගෙවිලා ගියා,., "හා ලමයි එහෙනන් අපි ආයේ ඊලග දවසෙ හමුවෙමු,., මම කෝල් කරල තියන්නන් ඊලගට තියන දවස,.,තව දෙයක්,.,ලබන සතියෙ ඉදන් අපි අහිංසගේ ගෙදරට පන්තිය දාගන්නවා හරිද"  කාල වරෙන්කො දැන් .. එක වයසේ කෙල්ලෙක්ගෙ ගෙදර ජීවිතේට ගිහින් නැති මම දැන් උදේ ඉදන් හවස් වෙනකන් ඉන්න යනවා ,., අය්යෝ ,. ලැජ්ජයි වගේ,., " හරි ටීච එහෙම හොදයි "මමත් කිවුවා බෑ කියන්න බෑනේ..

                     ගෙදර යන්න කියලා මගේ ආම්පන්න ලේස්ති කරන්න ගත්තා.. වෙන මොනවද පෑණ් දෙකයි පොතයි .. මාසෙකට සැරයක් හෝදන ලේන්සුවයි තමයි..  මම ටීචට වැදලා ගෙදර යන්න කියලා  ගේට්ටුව ඇරියා ,අහිංසගෙ කටහඩ ඇහෙන්න වගේ දැනුනා , 

"මේ... මේ.. සිතිජ.."
අහිංසා __+දෙවෙනි කොටස+ Reviewed by සුදු මහත්තයා on 9:36 PM Rating: 5

13 comments:

  1. අනේ ඉතින් ඉතිරිය පසුවටද මල්ලා ආ?? :)

    ReplyDelete
  2. එක වයසේ කෙල්ලෙක්ගෙ ගෙදර ජීවිතේට ගිහින් නැති මම දැන් උදේ ඉදන් හවස් වෙනකන් ඉන්න යනවා ,., අය්යෝ ,. ලැජ්ජයි වගේ,., "

    ඉගෙන ගන්න එන්න කියව්වේ ටීචර්.... වෙන මොනවාටවත් නෙමෙයි නේ.... :P

    ReplyDelete
  3. @හිරු අක්කී,.,., ඔවුනේ,.,.,., ඉතිරිය පසුවට.. මටත් දිගට අඑදෙන කතාවක් ලියන්න හිතුනා

    @රොසෑන් අක්කියෝ,.,., එහෙම උනාට බෑනේ... ඉගෙන ගන්නවත් ගිහින් නෑනේ මම

    ReplyDelete
  4. උත්සහය සාර්ථකයි නමුත් කථාවක් ලියද්දි ඒ ඒ චරිත රූප ස්වහාවය හැසිරීම විටින් විට පාඨකයාට මතක් කරල දෙන්න ඕනි ඒ ගැන සැලකිලිමත් වෙන්න...තව දෙයක්..ඔයා කමා ඇතුලෙ දාල තියෙන්නෙ දෙබස් ටිකනෙ සෙබස් වෙනම සටහනක් විදියට දාන්න පුළුවන්නම් තව ලස්සන වෙයි.ඒ ගැන කථා ලියන අයගෙ කථා බලල ඔයිට වඩා දැනුවත් කමකින් ලියන්න උත්සහ කරන්න..නිතරම කියවන්න ලිවීම් රටා අධ්‍යනය කරන්න මල්ලියෝ...

    තව දෙයක් ඔයාගෙ කථාව දිහා බැලුවම අකුරු තැන තැන පිළිවෙලක් නෑ විගේ ඒක කියවන කෙනාට අපහසුතාවයක් වගේ හැගුණාඒක පෝස්ට් එක ලියල ඉවර වුණාම Alignment වලින් යටම ඔප්ෂන් එක දෙපැත්තම සෙන්ටර් කිරීම ඒකෙන් අකුරු ටික සෙන්ටර් කරන්න එතකොට කථාවට වැඩි ලස්සනක් ලැබෙයි දකින කෙනාට...

    කොහොම නමුත් උත්සහය සාර්ථකයි මල්ලියෝ..ඊලග කථාව වැරදිවලින් අඩුවුණ සාර්ථක කොටසක් දකින්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා..

    සුභම වේවා...

    ReplyDelete
  5. ගොඩක් ඉස්තුතියි අක්කියෝ............

    ReplyDelete
  6. ඔව් මචං සිත්තමී කියපුව ගැන තව ටිකක් හිතපන් කොහොම උනත් ලස්සන කතාවකටයි..එන්නෙ කියල හිතෙනව දිගටම ලියන්න.

    ReplyDelete
  7. එල එල ලොක්ක බොහොම ස්තුතියි

    ReplyDelete
  8. සුදු මහත්තයා බලලා යන්න ඔන්න මමත් ආවා... දිගටම ලියාගෙන යන්න.
    සිත්තමි කියලා තියෙන උපදෙස් ගැනත් හිතන්න..එයා කියලා තියෙන දේවල් එක්ක මමත් එකගයි..
    ජය!

    ReplyDelete
  9. බොහොම ස්තුතියි සිරා සිරාවටම මම සිත්තමී අක්ක කියන දේට එකගයි

    ReplyDelete
  10. කතාව දැන් මතක වුනේ.

    ReplyDelete
  11. ලස්සනයි මල්ලියා...පළවෙනි කොටසේ කියවල ඉන්න වෙනවා මුලින්ම...

    ReplyDelete
  12. @අසරනයා :O

    @අනූ අක්කී .. ඒකනේ

    ReplyDelete
  13. දිගටම ලියන්න සුද්දො ..ලස්සනයි..

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.