Top Ad unit 728 × 90

recent post

recent

2012 ලෝක විනාශයක් වෙන්නේ නෑ.. NASA කියයි..


2012 දෙසැම්බර් මස 21 වෙනි  වැනිදා සිදුවෙතැයි පැවසෙන ලෝක විනාශයක් පිලිබඳ කාලයක සිට පැතිර යන පුවත දෙසැම්බර මාසය උදාවත් සමගම මිනිස් සිත කැළඹී ඇත . කෙසේ වෙතත් පසුගියදා මේ සම්බන්දයෙන් ප්‍රකාශයක් නිකුත් කල නාසා ආයතනය මේ ආකාරයේ අවදානමක් පිලිබඳ පැහැදිලි සාක්ෂියක් නොමැති බව අවධාරණය කළේය .සීත සෘතුවේ දිග රාත්‍රී කාලයක් හැරුණුකොට 2012 දෙසැම්බර් මස 21වංඉ දින අසාමාන්‍ය යමක් පෘථිවිය වෙත සිදුනොවන බව නාසා ආයතනයේ මතයයි ..



එම ආයතනයේ තාරකා විද්‍යාඥයෙකු වූ  ඩොන් ඉඕමනස් පෙන්වා දෙන්නේ කිසිදු චකිතයකින් තොරව එදින සුව නින්දකට යන ලෙසයි. ඔහු වැඩි දුරටත්  පෙන්වා දෙන්නේ මායාවරුන්ගේ දින දර්ශනයේ  අවසානය සනිටුහන් වීමක් විශ්වාසකරන මිනිසුන් එය ලෝකයේ අවසානය ලෙස පිළිගෙන ඇති බවය .

ඩොන් ඉඕමනස් 


පුරාන මායාවරුන්ගේ දින දර්ශනයේද , වර්තමානයේ භාවිතා වන ග්රෙගරියන් දින දර්ශනයේ මෙන් දින 365කි .සාමාන්‍ය වසර වලට අමතරව දශකය,සියවස,සහශ්‍රය ලෙස අප හඳුන්වන ආකාරයෙන්ම මායාවරුන් දිගුකාලින කාලචේද ලෙස කෙටි ගණන හා දිගු ගණන දිනදර්ශන භාවිතයක්ද සිදු කරයි .

මෙම කෙටි ගණනක වර්ෂ 52කකි .
දිගු ගණනයක වර්ෂ 5125කි .

මෙම දිගු ගණන දින දර්ශනයේ අවසානය 2012 දෙසැම්බර් 21වෙනි දිනට දී තිබෙන බව පැවසේ . එම දිගු ගණන නව දින දර්ශනයේ ආරම්භය  දෙසැම්බර් 22 වැනිදාය .එය සාමාන්‍යයෙන් දෙසැම්බර් 31වෙනිදා අපේ සාමාන්‍ය දින දර්ශනයේ අවසානය සිදුවන ආකාරයෙනි .එය එම වෙලාවේ සහ එම දිනයේ අවසානය මිස යම් ක්‍රියාවලියක අවසානය නොවන බව යිඔමන්ස් පවසයි .එමෙන්ම එය නව ක්‍රියාවලියක ආරම්භය නොවන බවද හේ පවසයි .එමෙන්ම මායාවරුන් මෙම දින ගණනයේ අවසානය සමග ලෝකයේ අවසානය පිලිබඳ කිසිදු අවස්තාවක අනාවැකියක් පල නොකළ බවද ඔහු පෙන්වා දෙයි .

මායා වරුන්ගේ දින දර්ශනය


මයාවරුන්ගේ දින දර්ශනයේ ඇති තතු මෙසේ වෙතත් වේ පිලිබඳ ලංකාවේ මෙන්ම ලෝකයේ උනන්දුව කිසිදු අයුරකින් අඩුවී නොමැත . google වෙබ් අඩවියේ  2012 ලෝක විනාශය පිලිබඳ සොයා බැලීමේදී  මිලියන 40කට අධික පරිශීලකයින් පිරිසක් ඒ වෙත යොමු වී තිබුණි .

ලෝක විනාශය පිලිබඳ කතාකිරීමේදී "Nibiru" හෙවත් "planet X" නමැති ග්‍රහයෙකු පෘථිවිය දෙසට ගමන් කිරීමක් පිළිබඳව බියක් පවතී.මෙම ග්‍රහයා 2003 මැයි මාසයේදී පෘථිවිය කෙරෙහි බලපෑමක් ඇති කරන බවට අනියත බියක් පැවතුනත් එය සිදු නොවීම නිසා එම අනාවැකිය 2012 දෙසැම්බර් 21ට කල් දමා තිබේ . එවැනි ග්‍රහයෙකු පෘථිවියට සැඟව සිටින බව පැවසුනත් එය කිසිදු පදනමක් නොමැති ප්‍රකාශයකි .





මිට අමතරව 2012 දෙසැම්බර් මස 21 වෙනිදා ග්‍රහලෝක එක පෙලට පිහිටීමක් නිසා ඇතිවන ගුරුත්වාකර්ෂණ බලපෑමකින් පෘථිවිය වෙතට අනතුරක් සිදු කරන බවට කතාවක් පවතී .නමුත් එදිනට එවැනි ග්‍රහලෝක පෙළගැස්මක් පිලිබඳ සාක්ෂි සහිත තොරතුරක් තවමත් වාර්තා වී නොමැත .එමෙන්ම එසේ පෙළගැසීමක් ඇති වුවත් ඉන් පෘථිවියට බලපෑමක් ඇති නොවන බව යිඔමන්ස් පවසා සිටී.



සුරය කුනාටු හෙවත් සුරය කැලඹුමක් පිලිබඳ බියක්ද මිනිසා තුල පවතී.සුර්යය කුනාටු සාමාන්‍යයෙන් සුර්යා තුල දැකිය හැකිය .මේවා සාම වසර 11කට වරක්ම චක්‍රයක් ලෙස ඇතිව නැතිව යයි.මෙවැනි සුරය කුණාටුවක් චන්ද්‍රිකා සහ විදුලි පද්ධතීන්ට දැඩි හානියක් සිදුකල හැකි නමුත් පෘථිවිය සම්පුර්ණයෙන්ම විනාශයට ලක් කරන්නක් ඉන් බලාපොරොත්තු විය නොහැකිබව යිඔමන්ස් අවධාරණය කරයි.

1859වසරේදි පෘථිවියට බලපෑමක් කල මවැනි සුර්ය කුණාටුවක් පිලිබඳ වාර්තා වී ඇත .එකල ඉතා සුළු හානියක් හැරුණු විට බලවත් හානියක් ඉන් සිදුවී නැත නමුත් වර්තමාන ලෝකය ඉලෙක්ට්‍රොනික මෙවලම් මත යැපෙන නිසා එවැන්නක් සිදු වුවහොත් සන්නිවේදන හෑ එදිනෙදා කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල විය හැකි නමුත් 2012 දෙසැම්බර් 21 වැනිදා එවැනි සුර්ය කුණාටුවක් පිලිබඳ කිසිදු අනාවැකියක් පලකල නොහැක . මිට අමතරව ධ්‍රැවීය වෙනස් වීමක් පිළිබඳවද මිනිසා තුල අනියත බියක් පවතී .මින් කියවෙන්නේ පෘථිවියේ ධ්‍රැව රේඛාවන්ගේ සහ චුම්බක ධ්‍රැවයන්හි පෙරලුමකි .මෙය පෘථිවියේ චුම්බක ශේත්‍රය හා සම්බන්ද වුවකි .2012 දෙසැම්බර් 21වෙනිදා මෙම ධ්‍රැවීය පෙරලුම සිදුවෙතැයි ඇතැමෙකු බියට පත්ව සිටි ..



මෙම චුමබක ධ්‍රැවයන්හි පෙරලුමක් හෙවත් උඩ යට මාරුවීමක් ඇතැම්විට සිදුවිය හැක .නමුත් එය අද හෙට සිදුවන්නක් නොවෙයි එය වසර සිය දහස් ගණනක් සිදුවන්නකි . නමුත් මෙමගින් පෘථිවියේ භූගෝලීය ධ්‍රැවයන්ගේ පෙරලුමක් සිදු නොවෙයි .මන්දයත් අප පෘථිවියේ කරකැවීම චන්ද්‍රයා විසින් ස්ථාවරව පවත්වා ගන්න බැවිනි .එබැවින් 2012 දෙසැම්බර් 21 වැනිදා මෙවැනි චුම්බක ධ්‍රැවයන්ගේ පෙරලීමක් පිලිබඳ සාක්ෂි නොමැත . එසේ සිදී වුවත් ඉන් අපිට සිදුවන හානියක් නොමැත .සිදු කලයුතු වන්නේ අප භාවිතා කරන මාලිමාවේ උතුර දකුණ මාරු කිරීම පමණකි.නුතන විද්යාව පදනම් කරගෙන නාසා ආයතනය එවැනි නිගමනයන්ට පැමිණ තිබේ.



ඔවුන් පෙන්වා දෙන්නේ 2012 වසරේ දෙසැම්බර් 21 ලෝක විනාශයක් සිදු නොවන බවයි .nඅමුත් මේ පිලිබඳ අන්තර්ජාලයේ විවිධ වාද විවාද සිදු වෙයි .අධ්‍යාත්මික දියුණුවක් ලබාගත් ඇතැම් මුනිවරුන් මෙවැනි විනාශයක් පිලිබඳ අනතුරු ඇඟවීම් සිදු කර ඇත . ලෝකයේ ජිවත් වන මිනිසුන් වහා කුසල් දම්හි නිරත විය යුතු බවට අවවාද කර ඇත .ලෝක ධාතුවේ සියල්ල නුතන විද්‍යාවට හසු නොවන බැවින් විද්‍යාවට ඔබ්බට ගිය තත්වයන් කෙරෙහිද යම් අවධානයක් යොමුකර ලෝක විනාශයක් පිලිබඳ කම්පා නොවී .කුසල් දහම් රස කරමින් ජිවත් වන්නේ නම් ලෝක විනාශයක් සිදු වුවද , සිදු නොවුවද එය මිනිසාගේ යහපතට හේතු වන බව පැහැදිලිය .. 
2012 ලෝක විනාශයක් වෙන්නේ නෑ.. NASA කියයි.. Reviewed by සුදු මහත්තයා on 8:16 AM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.