මාත් එක්ක
දුරින් දුරින් අඩි තිය තිය
හොරෙන් හොරෙන්
හිනාවෙන්න..
මගේ හිතේ සුවඳ අරන්
ඔබේ හිතෙත් තවරගන්න
නුහුරු කතා නොකීවාට
ඇස් දිහාම බලන් ඉන්න
නිහඬ බවත් රහස් කියයි
දන්නැත්තන් ඉගෙන ගන්න ..
ගලක් වගේ හිතක් ඇතත්
මලක සිනිදු බව හඳුනන
හිනේකවත් තිබුනෙම නෑ
ඔය හිත මත වැටි ඉන්න
ඉඩ දෙනවද නිකමට වගෙ
පපුවට හිස තියාගන්න
අවදි වෙන්න අමතක වෙයි
මතක ඇතිව ඇහැරවන්න.
මාත් එක්ක
Reviewed by සුදු මහත්තයා
on
6:37 PM
Rating:
Reviewed by සුදු මහත්තයා
on
6:37 PM
Rating:

No comments:
මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D