Top Ad unit 728 × 90

recent post

recent

QR CODES ගැන දැනගනිමු




අද පාඩම QR CODESපාඩම කිව්වට මොකද මමත් ඉතින් වැඩිය දන්නේ නැහැ බලමුකෝ දන්න කියන විදියට ඉගෙන ගමු එහෙනම්

හරි දැන් මුලින්ම බලමු මොනාද මේ QR CODE එකක් කියන්නේ කියල. 

QR CODE එකක් කියන්නේ බන්......අර කොටු කොටු තියෙන්නේ අන්න ඒකට  කොටු කිවම ඉතින් මතක් වෙන්නේ TV එකේ දාන කොටු කොටු ඒවානේ .නෑ නෑ ඒවා නෙමෙයි ඔය පල්ලෙහා රූපේ වගේ කොටු කොටු ඒවාට තමයි QR කෝඩ්ස් කියන්නේ






QR කෝඩ් මුලින්ම භාවිතා කරලා තියෙන්නේ TOYOTA ආයතනයට අනුබද්ධිත DENSO WAVE ආයතනය 1994 දී . QR CODE මුලින්ම භාවිතා කරලා තියෙන්නේ වාහන කාණ්ඩ කිරීමේ කේතයක් ලෙසට .
QR කියන එකේ තේරුම තමයි QUICK RESPONSE( ඉක්මන් ප්‍රතිචාර ) කියන එක. QR කෝඩ් එකක දත්ත ඉතා ඉක්මනින් ස්කෑන් කරලා ගන්න පුළුවන් නිසා තමයි මෙහෙම නම් කරලා තියෙන්නේ

QR කෝඩ් එකක දත්ත සඳහන් වෙන සම්මතයක් තියෙනවා . මේ පහලින් තියෙන රූපේ විදියට තමයි සම්මතයක් විදියට QR කෝඩ් වල දත්ත තැම්පත් වෙන්නේ


[Image: 400px-QR_Code_Structure_Example_2.svg.png]


හරි දැන් අපි බලමු QR කෝඩ් එකකින් මොනවද කරන්න පුළුවන් කියල
QR කෝඩ් එකක් මගින් පහත සදහන් දේවල් වලින් ඕනිම දෙයක් ගබඩා කරලා යවන්න පුළුවන්


Website URL
YouTube Video
Google Maps Location
Twitter
Facebook
LinkedIn
FourSquare
App Store Download
iTunes Link
Plain Text
Telephone Number
Skype Call
SMS Message
Email Address
Email Message
Contact Details
Event (VCALENDAR)
Wifi Login (Android Only)
Paypal Buy Now Link

වගේ එකී නොකී මෙකි ජාති ගොඩක් QR කෝඩ් එකක් මගින් කරගන්න පුළුවන් .
QR කෝඩ් දැන් නම් බහුලව බාවිතා කරන්නේ ස්මාට් ෆෝන් වල

හරි අපි බලමු මුලින්ම කොහොමද QR කෝඩ් එකක් හදාගන්නේ කියල


qr කෝඩ් එකක් හදාගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා
අපි වෙබ් අඩවියක් මිගින් qr කෝඩ් එකක් හදාගන්නයි යන්නේ . මුලින්ම මෙතන කොටන්න ඊට පස්සේ
මෙන්න මේ වගේ පිටුවක් තමයි එන්නේ

[Image: 729pt.png]


දැන් ඔතන පලවෙනි data type කියන එක යටතේ ඔයාට යවන්න ඕනි qr කෝඩ් එකට අදාළ කොටස තෝරන්න ඊට පස්සේ අදාළ දත්ත ටික 2 කොටස යටතේ සම්පුර්ණ කරලා කැමති පාටක් එහෙම දාගෙන DOWNLOAD හරි PRINT හරි කරගන්න පුළුවන් ලේසියෙන්ම .

හරි දැන් බලමු අපි qr කෝඩ් එකක් කොහොමද Android ෆොනේ එකින් හදාගන්නේ කියල

මෙතන කොටල android දුරකථන පාවිච්චි කරන අය මේ app එක දාගෙන ඒක මගින් QR CODE එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්

හරි දැන් ඔන්න QR කෝඩ් එකකුත් හදාගත්ත


දැන් ඉතින් අපි බලමු ඔය හදාගත්ත QR code හරි අපිට හම්බවෙන වෙනත් QR කෝඩ් එකේ තියෙන දේවල් කොහොමද බලාගන්නේ කියල
හරි මුලින්ම අපි බලමු අපිට හම්බවෙන QR CODE එකක් විකේතනය කරලා එකේ තියෙන දත්ත පරිගණකය මගින් බලාගන්න පුළුවන් ක්‍රම
1 වෙබ් අඩවියක් මගින්

http://zxing.org/w/decode.jspx වෙබ් අඩවිය මගින් qr කේතය upload කරලා අපිට පුළුවන් අපේ කේතය විකේතනය කරලා විස්තර බලාගන්න පුළුවන්
2 මෘදුකාංගයක් මගින් .

බඩුවල ගහල තියෙන කෝඩ් ඔය උඩ විදියට බැහැනේ අප්ලෝඩ් ලරන්න අන්න එකට තමයි මේ ක්‍රමය

මෙතන කොටලා ඔන්න ඔය පොඩි සොෆ්ට්වෙයා කෑල්ල බාගන්න ,ඕක දාගෙන ඉතින් ඕපන් කරලා කැමරාව මගින් qr කේතය ලබාදීලා අදාළ විස්තර ගන්නත් පුළුවන්

[Image: 2010-10-29_2039.png]


3 දුරකථනය මගින්

මේක තමයි ඉතින් ලේසිම ක්‍රමය කරන්න තියෙන්නේ මෙන්න මේ app එක බාගන්න එක .මෙතන කොටන්න app එක ගන්න

හරි ඉතින් ඊට පස්සේ මේ පල්ලෙහා පින්තුරේ විදියට app එක open කරලා QR කෝඩ් එක ගාවින් අල්ලන්න

[Image: neo%2Breader.jpg]


එතකොට ඔන්න ලස්සනට අපි හැදුව qr කෝඩ් එකේ විස්තර ටික එයි ලස්සනට

හම්මේ එහෙනම් අදට ඇති . අපි ගියා ප්‍රශ්නයක් තියේනම් කමෙන්ටුවක් හරි pm එකක් හරි දාන්න


මම හැදුව QR CODES ටිකක් SCAN කරලා බලන්නකෝ 



[Image: ihv6f.png]

ඔයාලගේ බ්ලොග් එකටත් qrකෝඩ් එකක් හදල බලන්න
QR CODES ගැන දැනගනිමු Reviewed by V3 on 5:48 PM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.