Top Ad unit 728 × 90

recent post

recent

ඇරයුම් පත

පෙර දින මම දුන්නු දුක මටත් විදගන්න
ඇරයුමක් එවුවාද නුඹෙ මගුල් ගෙට එන්න
දෙපා පණ නැති උනත් බලා ඉද යන්න
එනව මං නුඹට දුන් දුකම උහුලන් ඉන්



හිරුත් එක්කලා ඇවිදින් සදුට කලියෙම්ම ගිය
උනුහුමට තුරුලු වී මහ හයියෙන්ම හැඩුව
රිදුනු හිත වෙළාගෙන ලං වෙලා බදාගෙන
තානායමේ කණ්ණාඩියෙන් ආදරේ හැඩ බැලුව


නුඹ මගෙත් නොවුනු-මං නුඹෙත් නොවුනු
පෝරුවත් අපෙ නොවුනු
ජය මංගල ගීත ගැයෙන-හැමෝම සිනාසෙන
මට විතරක් ඇඩෙන
ඔය මගුල් ගෙදර-පාළු කරල යන්න
ඇවිත් යන්නෙ කොහොම මං
ඇරයුම් පත Reviewed by සුදු මහත්තයා on 10:29 AM Rating: 5

10 comments:

  1. සුදු මහත්තයත් මාර කවියෙක්නේ...ඇත්තටම මාර වචන ටිකක් මහෙ හිතටනම් ඇත්තටම ඇල්ලුවා

    නුඹ මගෙත් නොවුනු-මං නුඹෙත් නොවුනු
    පෝරුවත් අපෙ නොවුනු
    ජය මංගල ගීත ගැයෙන
    මේ වචන ටිකනම් සුපර්....

    ReplyDelete
  2. ලස්සනම ලස්සනයි මල්ලා....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඉස්තුතියි හිරූ අක්කී

      Delete
  3. හික්ස් අම්මට හුඩු බූට්‌ පාරක් කාලා වගේ.

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් නැහැ අයියේ ,., අපේ අයියා කෙන්ක්ට වෙච්ච සීන් එකක් දැකල මට හිතුනේ ඕක

      Delete
  4. ලස්සනයි මල්ලියො.අනේ කාටවත් මෙහෙම දුකක් වෙන්න එපා.

    ReplyDelete
  5. ලස්සනයි සුද්දො පුදුම තරම්

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.