Top Ad unit 728 × 90

recent post

recent

අහිමි වීම

                                           වලාකුළු බැම්ම බිදගෙන මහ දුරක් ගෙවාගෙන ආපු පුංචි වැහි බිංදුවක් නුඹෙ කම්මුල තෙමුවා "මම් යන්නම්...." නුඹ කිවුවා මුවින් නොදොඩා හිස වනල මම සමු දුන්නා.නුඹ ඈතින් නොපෙනිලා ගියාට පස්සෙ වැටිච්ච මහ වැස්ස නුඹෙ අඩි සලකුනු මකනකල් මං ගොඩක් වෙලා එතන හිටියා .
" ආදරේ කියන්නේ හිමිවීමම නෙමෙයි ශම්මී...."




                                 සුබද්‍රාරාම පාරේ ආපහු තනියම එද්දී මං මගේ හිත හදා ගන්න මමම් කියාගත්ත ඒ හිමී වීම හිත ඇතුලේ මහා ප්‍රාර්ථනාවක් වෙලා හුගක් දුර ගිහින්
"ආපහු හැරිලා එන්න..."
එකම එක වතාවක් මං නුඹෙ මුහුනට එබිල කිවුවා.මට තාම මතකයි.නුඹ මගේ ඇස් දිහා බලාගෙන වැඩිම වෙලාවක් හිටපු පළවෙනි වතාව "ඒක ඉල්ලීමක්..."
ඔය ඇස් මගේ ඇස් වලින් මිදෙන්න කලින් මං ආයෙමත් කිවුවා.නුඹ බිම බලාගද්දි මට බය හිතුනා ඔය ඇස් වලින් කදුලක් වැටෙයි කියල. "එයාල හැමදේම ලේස්ති කරල ඉවරයි..." හුලගට කැඩිල විසිරිලා නුඹෙ මුවින් ගලා ආපු ඒ වචන ටික කිසි දෙයක් කියන්න බැරි විදියට මාව ගොලු කෙරුවා.නුඹෙ ඇස් වල කදුලක් තෙරපෙන්න ඇති.අයිතියක් නැති ඒ කදුල පිසින්න තරන් ශක්තියක් මට තිබුනෙ නැහැ.
:ඇයි මං එන්න කලින් ඔයා එච්චර දුරක් ගියේ.."


                                  සමනල වැවේ වැවු බැම්ම උඩට නැගල කෑ ගහල අහන්න හිතුනා මට . අහිමිවීම,පැලපදියම් වුනු හිමි වීම මහා හිණයක් වුනූ "හමුවීමක්" මගේ ජීවිතයට වුනේ ඇයි ශම්මී...
"අහස ඇතෑරල යන්න.."මගෙ හිත හිමින් මට කිවුවා.
"ඔයා හොදයි ..ඒත්...?" නුඹ එහෙම කියල මං දිහා බලද්දි ඉතුරු වෙලා තිබ්බ හැමදේම මං ඔය ඇස් වලින් අහගත්තා.
"අපි පරක්කුයි නේද,,,?" මං ඇහුවෙ ප්‍රශ්නයක් නෙවෙයි .ඒත් උත්තරයක්. නුඹ කිසි දෙයක් කිවුවෙ නැහැ . ඒත් ඒ උත්තරය විතරයි අපි දෙන්නටම තිබුනේ..
වෙනස් කරන්න බැරි විදියට හැමදේම පෙළගැහිල තිබුනා
                                         
                            මං ආදරේ ඉල්ලුවා.නුඹ හැමදේම කිවුවා . වෙනස් කරන්න බැරි හැමදෙයක්ම කිවුවා .දඩබ්බර කමට මගෙ හිත පිළිගත්තෙ නෑ.. ඒත් නුඹ යන්නම යන වෙලාව ආවම මම සසල වුනා..කාලය මට එරෙහිව නැගී හිටියා.නුඹ පුංචි මනමාලියක් වෙලා.මන් දැක්ක හීනෙ හැබෑවක් වෙයි,නුඹ ලස්සනට ඉදියි ඒත් ඒ මං ගාව නෙවෙයි,.,
වලාකුළු බැම්ම බිදින්න වෙනදාට පොර බදන වැහි බිංදු අද නිහඩයිදාඅකාසේ අදුරුයි. එදා හැන්දෑව වගේම.ඒත් වැහි බිංදුවක් නෑ.මන් දන්නවා වැහි බිංදු නුඹව හොයන් යන්න ඇති නුඹෙ කම්මුල තෙමන්න..
අහිමි වීම Reviewed by සුදු මහත්තයා on 7:33 PM Rating: 5

16 comments:

  1. ආදරේ බේරෙනවා මහත්තයෝ.... :t

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. අනන්තයේ අය්යටත් අඩවි රජ ටත් බොහොම ඉස්තුතියි,.,., මාත් එක්ක ඉස්සරහටත් ඉන්න ඈ ,., :f

    ReplyDelete
  3. Maarai machooooo siraawatama lassanai kollooooo....:t

    ReplyDelete
  4. ආදරේ ආදරේ පුදුම හිතෙන ආදරේ

    ReplyDelete
  5. හොද කතාවක් බං ඒත් මොකක්ද මේ ආදරය කියන්නේ?මම නම් දන්නේ නැහැ

    ReplyDelete
  6. අනේ අනිච්චන් උඹ දන්නෙම නෑ ,.,හික් හික් ,.,මම කියල දෙන්නන්කෝ ,., :e

    ReplyDelete
  7. බොහොම ඉස්තුතියි යාලුවා

    ReplyDelete
  8. මුනා යකූ මේ? මගේ නම දාලා ලියලා තියෙන්නෙ? :O

    ReplyDelete
    Replies
    1. ඈ බොලා විතරද ශම්මි කියලා ඉන්නේ...ඈ :P

      Delete
  9. ලස්සන ආදරේක දුක්බර අවසානයක් :( ලස්සනයි සුද්දො

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.