ආදරය මෙතරම් කුරිරුදැයි
මට මගේ දෙසවන් අදහාගත නොහැකිය.ඒ ඇසුනු වදන් මගේ ප්‍රථම ප්‍රේමයේ පරාජයම විය "අනේ අයියා ඔයාගෙ හිතේ මං ගැන තියෙන අදහස අත්හැර ගන්න..මට ඔයා ගැන එහෙම හැගීමක් එන්නෙ නෑ.. අනික මම අම්ම තාත්තා කියන දේකට තමයි කැමති වෙන්නේ..මොකද මම කැමති නෑ දුක් විදින්න....තව දෙයක් ඔයා කරන job එකත් මම දන්නවා..ඒකෙන් ඔයාට විතරක් නෙවෙයි තව කෙන්ක්ට උනත් කන්න අදින්න දෙන්න පුලුවන්ද,,,? plz.මම ගැන එහෙම දෙයක් තියනවනන් අමතක කරන්න..."
ඇය එසේ කියා දුරකථන සංවාදය නිම කලද මට මං ගැන,මගේ රැකියාව ගැන මුල්වරට ආත්ම අනුකම්පාවක් ඇති විය.මෙතෙක් ක්අලක් සිතේ සිරගතකරගෙන සිටි කුලුදුල් ප්‍රේමයේ අදහස ඇයට පවසා ඇගෙන් මෙලෙස ප්‍රතිචාරයක් සිහිනෙන් හෝ නොපැතුවෙමි.එහෙත් අද මාහට පරාජය බාරගැනීමට සිදුව ඇත.මා තනිකරමින් මෙසේ කාලය ගෙවී යයි.දිනපතා ඈ මට මුන ගැසෙයි.පෙර මෙන් සිනාමුසුව good morning කියූ ඇය මගේ මුහුනවත් නොබලයි.රැකියාව අනුව ඇය සමග සබදකම් පැවැත්වියම යුතු විය.පෙර මෙන් මා හට මුහුන දී කතා නොකලද අවශ‍්‍ය දේ හැගීම් විරහිත බවකින් කියා රාජකාරිය කිරීම මට ඉවසිය නොහැකි දෙයක් වුවද මම සත්‍යට මුහුන දිය යුතු බව වැටහී ඇත.සිදුවූ දේ කිසිවෙකුටත් පැවසිය නොහැක.ඉන් ඇතිවන්නේද තවත් දුකක් බව තේරුම් ගතිමී.ඈ වෙනුවෙන් ඇතිවූ ආදර හැගුම දිනෙන් දින දලු ලා වැඩීම මට ද අදහා ගත නොහැකිය. එහෙත් ඇය මන් ගැන නොසිතන බව සක්සුදක් සේ පැහැදිලිය.කලක පටන් ලබැදි මිතුරියක වූ ඇය මා මෙසේ ඇය ගැන බලාපොරොත්තු තබාගෙන සිටීවි යැයි කිසිවිටක නොසිතන්නට ඇත.
විටෙක මං මට සාප කරගනිමි.අනේ මං කරපු බූරු වැඩක්.මං ගැන ඒ ලමයා මොනව හිතනවා ඇද්ද.?මා තනිවම තර්ක කරගනිමි.විරහ වේදනවා දැන් දැන් මා හට හොදටම දැනෙමින් පවතී.විරහ ගී වලට මා පිස්සෙකු සේ ඇලුම් කළෙමි.එයින් සිතේ වූ කදුල යම්තම් හෝ පිසාදා ගැනීමේ බොලද වෑයමක නිරත වූවෙමි.දිනෙන් දින ඇය රූමත් වන බව මට හැගේ.ඇය මිතුරියන් සමග සිනාසෙමින් කතාබහ කරන විට හදිසියේ හෝ මා ඇස ගැටුනු සැනින් ඇගේ වත ක්ශනයෙන් වෙනස් වන අයුරු මම දින කීපයක්ම බලාන සිටියෙමි.ඇය ඇගේ මිතුරියන්ට මගෙ යෝජනාව පවසා ඇතැයි කිහිපවිටක්ම මට හැගී ගියේය.මේ සිදුවීම් නිසා රැකියාව දිනෙන් දින ඉතා නීරස අත්දැකීමක් බව දිනෙන් දින හැගී යයිනාදුනන ලොවක මා හුදකලා වී ඇතැයි යන සිතට වඩ වඩාත් දැනෙමින් තිබූ කලක දිනක් මා කාරයාලයේ කිහිප දෙනෙකු සමග කතාකරමින් සිටින විට "මචං ආරන්චිද...අනූ මැරි කරන්න යනවා ..ප්‍රපෝසල් එකක්ලු.. හමුදාවේ කොල්ලෙක්... අපිටත් වෙඩින් එක කියයි.... " මිතුරෙකු පැව්සූ වදන් දැනුදු මට ඇසෙන්න සේය..
ප්‍රේමය මෙතරම් දුක් දෙන්නේ මා අවංකවම ඇය හට සෙනෙහස පිදූ නිසාමදැයි , නැතිනම් මා කල පවක් නිසාම දැයි අදටත් කල්පනා කරමි. දිනක් ඇය ඇගේ විවාහයේ ආරාධනාපත් මිතුරන් අතරේ බෙදනු දුටුවත් , එය මා හට නොදෙතැයි සිතුවත් මාගෙ සිතුවිල්ල වැරදි බව පසක් කරමින් ඇය එය මගෙ සුරතේ තැබීයයාඑයට ඒ මොහොතේ අන් අයට ඇසෙන්නට සුබ පැතුවේය.මම මගේ ප්‍රේමය සමාජය ඉදිරියේ සගවා ගත් බවක් හැගී ගියද.ඉදිරියේදී මීට වඩා දුක් සහිත කාලයකට මුහුන දීමට තිබෙන බව පසක් කර ගතිමි. ගතවූයේ සුලු වෙලාවකි ඇගෙන් මා හට දුරකථන පනිවිඩයක් ලැබුනි.
"අයියා... මං ගැන තාම හිතනවද...? මං දැන් වෙන කෙනෙකුට අයිති වෙන්න යන්නේ .. ප්ලීස් මම ගැන හිතන්න එපා,.,ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි..හිත හදාගන්න...ඔයා මගෙ වෙඩින් එකට නෑවිත් නම් ඉන්න එපා...මං මග බලාගෙන ඉන්නවා ඔයා එනකම්.." මං කිසිත් නොපැවසූ බවත් ඇය බොහෝ දේ කියූ බවත් මට තාමත් මතකය.ඒ අමිහිරි කටුක යථාර්තයට මා මුහුන දිය යුතු දිනය ලගා වී ඇත. කාර්යාලයේ මිතුරු හවුල ඇගේ විවාහය සිදුකරන ස්ථානයට යෑමට සූදානම්ය. මා මගේ දිවියේ වඩාත්ම දුක් වන දිනයට සූදානම්ය . සියල්ලටම මුහුන දීමට මා හිත හදාගෙන අවසන්ය. ඇය වෙනදාට වඩා ඔපවත් වී ඇත. මංගල ඇදුමට ඇය වඩාත් පරිනත පෙනුමක් ගෙන ඇත. දුර ඈත සිට ඇය මා දෙස බලා සිටින බව පෙනුනත් මා ඇය නොදැක්ක සේ සිටීමට උත්සාහා කලෙමි. සිතට නැගෙන සියලු දෝමනස්සයන් මා විදගත යුතුය .තව මොහොතකින් ඇය සදහටම වෙන අයෙකුට අයිති වන බව දැන දැනත් තවමත් මගෙ සිතේ ඇය වෙනුවෙන් උපන් ආදරය බිදකුදු හෝ අඩු නොවී පැවතීම මටද පුදුමය. හිත පුරා සිහින් රිදිල්ලක් හටගෙන ඇත. පාලු ඉසවුවකට ගොස් ඇති තරම් හඩා වැටෙන්නට ඇත්නම් යයි සිතුනත් ඇය සතුටින් නම් එය මගේ සතුට බව මා ඇයට නොපැවසූවත් ඇයට එය එසේ දැනේවායි පැතුවෙමි.
කාලය ගෙවී ගොසිනි. ඇය තවමත් කාර්යාලයෙ මගෙ වෘත්තීය සගයෙකි . අදද ඇය මට මුන ගැසේ .එහෙත් කුලුදුල් ආදරයේ වේදනාව දුරුකර ගැනීමට මා අපොහොසත් වී ඇත. සිතේ ඇතිවන විරහව තවමත් මම විදවමි,,,,,__ආදරය මෙතරම් කුරිරුදැයි මම මගෙන් තවමත් අසමි__..

Reviewed by සුදු මහත්තයා
on
9:35 PM
Rating:
මගේ කදුලින් නිමා වූ මාවතේ මාවතේ
ReplyDeleteඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ
මගේ යුග නෙත් ඔබට හිරු සදු වේවා
කියලවත් හිත හදා ගනින් සුද්දෝ...
ඔවු රෙපෝ දැන් ඉතින් එහෙමවත් හිත හදාගන්නවා@රෙප් මහත්තයා
ReplyDelete:h ආමි කාරයෝ
ReplyDeleteඅහ් ,.,ඇයි නිශාන් අයියේ@මඩිස්සලේ නිශාන්
ReplyDeleteඔහොම තමයි ජීවිතේ හැටි අප්පා ..
ReplyDeleteඔවු රොබින්
Deleteයන අයට යන්න දිය යුතුමය..අල්ලා හිරකර තබාගැනිමෙන් විඳවිමක් මිස විදින්නටනම් නොහැකිය...ගිය උන් නිසා ලොකය නැවතින්නේ ද නැත...
ReplyDeleteම්ම් හරියටම හරි
Deleteආදරය නම් මහා එපා කරපු එකක්! :/
ReplyDeleteඒකනන් පිලිගන්න අමාරුයි
Deleteඊට පස්සේ.................................. මොකද වුනේ........
ReplyDeleteදැන් මේ අයියා කෝ......එයාට තාම සිරා ලව් එකක් සෙට් වෙලා නැද්ද?....
එයා තාමත් තනියමද ඉන්නේ.............
තාම හමුවෙලා නෑ ලොවේ කොහෙවත් නෑ
Deleteහීනයක් වී මා ලඟ ඉන්නට... කෙනෙක් හමු වෙලා නෑ