Top Ad unit 728 × 90

recent post

recent

හැර ගිය පෙම්වතා පෙම්වතිය වෙනුවෙන් තවත් ආදර යැදිය යුතුද



                                              ආදරයට tricks ලියපු ආදරය පවත්වා ගන්නා ආකරය ලියපු මට මේ විදියේ පෝස්ටුවක් පල කරන එක ගැන එක්තරා විදියක දුකකුත් තියනවා.. ඒත් මේකත් ආදරයට සම්බන්ද දෙයක් නිසා ලියනවා,., මුලින්ම කියන්න ඕනි මේ පෝස්ටුව පල කරන්න මූලික උනේ මගේ ජීවිතයේ අත්දැකීමක් හා මා බුකියෙන් ලද අත්දැකීම් (මගේ යහලුවන්ගෙන්)
                                      ඔබ, ආදරය සෙනෙහස විද තිබෙනවාද.. ඔබ නැහැ කියනවනන් ඒක බොරුවක් ,.,ඇයි ඔබේ ආදරණීය අම්ම ඔබට දුන්නු ආදරය සෙනෙහස.. ඒක තමයි ඕනිම පුද්ගලයෙකුගේ ජීවිතයේ මුල්ම ආදරය මුල්ම සෙනෙහස .,., ඒ නිසා වෙන්න ඇති අපි අපේ අම්මට මේ තරම් ආදරේ .. සමහර කට්ටිය තමන්ගෙ ප්‍රථම ආදරේ ගැන කතා කරනවා ඒත් මගේ ප්‍රථම ආදරේ මගෙ රත්තරන් අම්මා,., හැබැයි අම්මගෙයි ආදරෙයි තමන්ගේ පෙම්වතා පෙම්වතියගෙන් ලබන ආදරෙයි දෙකක් ,., මම ඒක ගැන පස්සෙ ලියන්නන්. අපි පොඩ්ඩ පොඩ්ඩ වයසින් වැඩෙද්දි ලමා කාලය පහු වෙද්දි,., නව යොවුන් වියට පා තබද්දි ඇතිවන එක්තරා විදියක හැගීමක් තමයි ආදරය .. හැබැයි මේ කාලෙදි ඇති වන්නේ ආදරයක් නෙවෙයි ආකර්ශනයක් කියලයි කියන්නේ ,., මගේ දැනුමේ හැටියටනන් ආකර්ශනය නිසයි ආදරය ඇති වන්නේ ,.,  ඔබ කොහොමෙන් කොහොම හරි ,. තමන්ගෙම කියලා කෙල්ලෙක්/කොල්ලෙක්  හොයාගන්නවා ,., ඔය කෙල්ලෝ නෑ කොල්ලො නෑ කියල කයිය ගහන අයියලා  හිත යටින් හරි කාට හරි ආදරය කරනවා අනිවා


                             ,., මේක සුන්දර හැගීමක් ,., ඕනිම දෙයක් දෙපැත්තක් තියනවා වගේ ආදරයත් එක්ක මේ විරහව කියන දෙය තියනවා .. මෙය එකම කාසියේ දෙපැත්ත වැනිය. අපිට අපේ ආදරේ මේ තරම් දැනෙන්නේ ,., විරහව කියන දෙය තිබෙන නිසා කියලා ඔබ පිලිගන්නවාද ?. විරහව කියන දෙය නැත්තන් ආදරය කියා දෙයක් කුමටද? . විරහව කියන දේ ගැන හොද අර්තකථනයක් සහිත ෆොටෝ එකක් මම බුකියේ දැක්කා


"ආදරය යනු දෙදෙනෙක් දෙපැත්තට ඇද සිටිනා රබර් පටියක් වැනිය එක්කෙනෙකු එය අතහැරියොත් රිදෙන්නේ අනිකාටය"


මේ කතාව හරියටම හරි.. ඔබගෙ පෙම්වතා /පෙම්වතිය ඔබ හැර ගියාද එය ඔබට දරාගන්න අමාරු දුකක් ගෙන ඒවී . ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියනවා  ඇයට/ඔහුට ඔබ එපා නම් ඔබට එයා ඕනි ඇයි... ඔබේ හිතේ තියන ආදරය නිසා වෙන්න ඇති.. ඒත් පොඩ්ඩක් හිතන්න ,.,ඔබගේ උතුම් ආදරය වෙන කෙනෙකුට නොදී ඔහුටම/ඇයටම දුන් ආදරය එයා සත පහකට ගනන් ගන්නෙ නැති නන් ඔබට එයා ගැන තියන කැක්කුම කුමක්ද? පොඩ්ඩක් හිතන්න ආදරේ කරන්න ඕනි ආදරේ ලබාගන්න පුලුවන් කෙනෙකුට, එහි අගය දන්න කෙනෙකුට මිස ඔබව ගනන් ගන්නෙ නැති ඔබේ ආදරේ තුට්ටු දෙකකට ගනන් ගන්නෙ නැති කෙනෙකුට නෙවෙයි,.,


                 අනික ඇයි ඔබ ඔබේ ආදරය ඔහුට/ඇයට බලෙන් දෙන්නේ ඇයි එයා ලග ආදරය යදින්නේ ,., ලැජ්ජ නැද්ද ,.,ඔබ ආදරය යැදීමේන් කරන්නේ ඔබගේ උතුම් ආදරයට නිගාවක් ..  එහෙම කරන්න එපා යාලුවා ඔබගේ ඔය  ආදරය තේරුම් ගන්න පුලුවන් ඒකට වටිනාකමක් දෙන කෙනෙකුට ඔය ආදරේ දෙන්න. . නැතුව ඔබේ ආදරය එහෙ මෙහෙ  පාච්චල් වෙන්න දෙන්න එපා,.. අනික හොදට මතක තියා ගන්න ,.,


 "එයාට ඔයාව එක පාරක් එපා නන් ඔබට එයාව දහ පාරක් සිය පාරක් කවමදාවත් එපා"


                       තව දෙයක් මම කවදාවත් බුකියෙන් පටන් ගන්න ආදරයන් අනුමත කරන්නෙ නැහැ මාත් එක්ක තරහ වෙන්න එපා මම මේ කියන දේ ඔබලට තේරෙන්න කල් යයි අත්දැකීම් විදින්න ඕනි,.,අනික බුකියෙන් පටන් ගන්න ආදර සඹදතා නිකන් ආදරය ප්‍රසිද්දියේ සේල් කරනව වගේ වැඩක්,.. ඔබ්ට පෙම්වතෙක් පෙම්වතියක් හොයා ගන්න මේ බුකියටම (FACE BOOK) ඕනි නැහැ ,.,ඒත් බුකියෙන් එහෙම ඒව සිද්ද නුවුනා නෙවෙයි කලාතුරකින් සිද්ද වෙන දෙයක් ,., මම පසුවට මේම මාතෘකාවට කරුනු එකතු කරන්නන්,.,


කවම දාවත්ම ආදරය ඉල්ලල යදින්න එපා ,.,ඒක මහ නිවට කමක්,ඔබ නිවටයෙක්ද...?
හැර ගිය පෙම්වතා පෙම්වතිය වෙනුවෙන් තවත් ආදර යැදිය යුතුද Reviewed by සුදු මහත්තයා on 12:05 AM Rating: 5

14 comments:

  1. පෝස්ට් එකේ බැක්ග්‍රවුන්ඩ් එකට දාලා තියෙන පින්තූරේ නිසා පෝස්ට් එක කියවන්න අමාරුයි ලොක්කා.

    ReplyDelete
    Replies
    1. අයියෝ ,.,අමම් ඒක අයින් කරන්නන් ,., මම ටෙස්ට් කරන්න දැම්මේ

      Delete
    2. ඕන් කියෙව්වා. ලොක්කා වටිනා කතා ටිකක්නේ කියලා තියෙන්නේ :)

      Delete
  2. අනේ මම අවුරුදු 3ක් තිස්සේ එයාගෙන් ආදරය යදිනවනේ

    ReplyDelete
  3. "ආදරය යනු දෙදෙනෙක් දෙපැත්තට ඇද සිටිනා රබර් පටියක් වැනිය එක්කෙනෙකු එය අතහැරියොත් රිදෙන්නේ අනිකාටය"

    Damn true...

    මගේ හිතේ තිබ්බ දුක අඩු කරගන්න මේක උදව්වක් වුණා. ලියපු සුදු මහත්තයා ට වගේම මට කියවන්න කියල ලින්ක් එක එවපු හසිත ටත් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. rozz ,.,., බොහොම ඉස්තුතියි යලුවා ,., හසිත් එල

      Delete
  4. මම නම් මගේ එක්කෙනා හොයා ගත්තේ බුකියෙන් තමයි.. දැන් අවුරුදු 2, අදටත් අපි ගොඩක් ආදරෙන් ඉන්නවා...

    ReplyDelete
  5. නියමයිනේ ඇනෝ // ජයෙන් ජය ;)

    ReplyDelete
  6. මගේ පලවෙනි ආදරේ හින්ද වෙන්න ඇති දාල යනකොට දරාගන්න බැරි.. ඒකයි එයාට තවමත් මගේ ආදරේ තේරුම් කරන්න හදන්නේ..

    ReplyDelete
  7. එකගයි ඔබේ අදහස් වලට ම්o

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.