Top Ad unit 728 × 90

recent post

recent

උත්තරයක් දෙන්න plz


                                                           මට පොඩි කාලේ ඉදන් හරි හරි අමුතු ගැටලු තමයි තිබ්බේ ,., නිකන් ඉර එකම පැත්තෙන් එන්නේ කොහොමද වගේ ඒව,., මම ඉස්සර කල්පනා කලේ,., උදේට එකපැත්තකින් බැහැල යන ඉර ආපහු ඒ පැත්තෙන්ම එන්නෙ නැතුව ආපහු එන්නේ කොහොමද කියලා..අම්මගෙන් ඇහුවම කිවුවේ "පුතා නිදාගත්තම ඉර ආපහු අනික් පැත්තට යනව" කියලා..

                                          
                                          ටිකක් ලොකු වෙනකොට මට ආපු ප්‍රශ්නයක් තමයි ලම්යි එන්නේ කොහෙන්ද කියලා,, ඒකට අම්ම කිවුවේපුතේ රෝස කැලෙන්කියලා,., මම හිතා ගත්තා උඩහ ගෙදර ඇන්ටිලයි ගෙදර පිටිපස්සෙ තමයි රෝස කැලේ තියෙන්නේ කියලා,., මොකද ඇන්ටි සතියට එක ලමය ගානේ ගේනවනේ..
                                        
                                           ඊට පස්සෙ පහ වසරට විතර ආවම මට ආපු ප්‍රශ්නයක් තමයි.කෙල්ලො අපිට වඩා ලොකු ඇයි කියලා.. ඒකට තාත්ත නන් කිවුවේ “උන්ගෙ ඉතින් කොහොමත් ලොකුවනේකියලා අම්ම කිවුවා “පුතේ ඒ ගොල්ලෝ වැඩිපුර බත් කනවා ඒ නිසා” කියලා..
                                            
                                           ඊට පස්සේ තව ටිකක් ලොකු වෙනකොට මට ප්‍රශ්නයක් තිබ්බා.. ඇයි  මට ගහගන්න හිතෙන්නේ කියලා ඒකට අම්ම කිවුවේ “ඔය වයසෙදි ඔහොම තමයි ඒකයි පුතේකියලා,.,
                                        
                                               මම නමය වසරෙදි මට තිබ්බ එකම ප්‍රශ්නෙ මගෙ නිල් කලිසම මෙච්චර ඉක්මනට කොට වෙන්නේ ඇයි කියලා ඒකට අම්ම කිවුවා “මගේ පුතා ලොකු වෙනවනේ කියලා
                                                   
                                            දහය වසරට එනකොට මට තව ප්‍රශ්නයක් ආවා “ඇයි මගෙ රැවුල වැවෙන්නෙ නැත්තෙ කියලා” අම්ම කිවුවා “ඉලන්දාරියට රැවුල එයි ටික දවසකින්” කියලා..
                                      
                                                ඊට පස්සෙ මට ආපු ප්‍රශ්නයක් මට විරුද්ද පක්ශය ගැන අමුතුවට හිතෙන්නේ ඇයි කියලා,. ඒකට අම්ම කිවුවේ “පුතේ ඔය වයසෙදි ඔහොම හිතෙනවා  හිතට ගන්නෙ නැතුව පාඩම් වැඩ කරන්න” කියලා.
                                         මම ඒ ලෙවෙල් කරනකොට මට ආපු ප්‍රශ්නයක් තමයි මම හැංගිලා වගේ ඉන්නේ ඇයි කියන එක  ඒකට උත්තර දෙන්න මගේ රත්තරන් අම්මා මගේ ගාව නෑ .. ඒත් ඒකට මමම උත්තරේ හොයා ගත්තා ,., “මම සමාජශීලී නෑ කියලා”,.,


ඒත් ඔය සේරම වගේ නෙවෙයි දැන් මට අමුතු  ප්‍රශ්නයක් හිතට වද දෙනවා,.,අනික් සේරම ප්‍රශ්නවලට වඩා වෙනස්.ඒක මට අහන්න කෙන්ක් නැහැ,., ඔයාලගෙන්වත් අහනවා,,

ඇයි මට මාව එපා වෙලා තියෙන්නේ ,.,ඇයි මට හිතෙන්නේ මේ ලැබුනු ජීවිතේ වැඩක් නැහැ,., නිකන්ම කාලකන්නි කමට ගෙවිලා යනවා කියලා,., මම තනි වෙලා කියලා ,., ඇයි දෙයියනේ ඒ.. මට සේරම එපා වෙලා,.,මට කිසිම දෙයක් නැති වෙලා නෑ ඒත් මට කිසිම දෙයක් ඇති වෙලත් නෑ,,.,ඒත් මගේ ජීවිතේ හිස් ,.,ඒ කොතනද ? මම කොහොමද ඒ හිස්තැන හොයාගන්නේ..> ______<
උත්තරයක් දෙන්න plz Reviewed by සුදු මහත්තයා on 8:10 PM Rating: 5

16 comments:

  1. ඕවාට උත්තර දෙන්න මටත් අත්දැකීම් නැහැ සහෝදරයා මොකද මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා.

    ReplyDelete
  2. @ඉස්තුතියි නිශාන් අයියේ ,.,., මට තේරෙන්නෙ නැහැ මට මොකද වෙලා තියෙන්නේ කියලා

    ReplyDelete
  3. ඒකත් ඔය වයසෙ හැටි කොල්ලො.ටික දවසකින් බලපන්,උත්තරයක් දෙන්න පුලුවන්.ඒත් උඹ තාම ලැජ්ජාව කරලා නෑනෙ.හැබැයි තනිකමට කියලා කෙල්ලො නං,මුලින් ඉගනගෙන හිටපන්.දැනට කියන්නෙ එච්චරයි.ආයෙත් මං එක.

    ReplyDelete
  4. @වර්න ඉස්තුතියි බන්,., මට හිතා ගන්න බැහැ,., තනිකමක් කියන්නෙ අමුතු තනිකමක් ,., කෙල්ලෙකුත් ඉන්නවා ඒත් ,.,අනේ මන්දා ,.,

    ReplyDelete
  5. මට සතුටුයි සුද්දෝ. තරහ වෙන්න එපා උඹ දුකින් ඉද්දී මම සතුටු වෙනවා කියල. මටත් ඔය ප්‍රශ්ණ ටික ඔහොමම තියනවා. මගේ වෙනස, මම කසාද බැදලා.

    ReplyDelete
  6. අයියෝ ඕවත් ප්‍රශ්නද අප්පා ....

    ReplyDelete
  7. ඒකටත් උත්තර ලැබෙයි ඔයාට කවද හරි උත්තරයක් නොලැබුණ ප්‍රශ්නෙට වගේ.... ඉගන ගන්න කෙනෙක්නම් හොදින් ඉගෙන ගන්න..ඔය විකාර ගැන ඕනවට වඩා නොහිතා...පාළුවට බ්ලොග් එක පැත්තෙ එන්න ....

    ReplyDelete
  8. @modern patriot .. තරහ නෑ බන් ..

    @රොබින්,,., හා හා .

    @සිහින බොහොම ඉස්තුතියි.. පාලුවටවත් බ්ලොග් එකට එන්න හරි හරි,.,

    __________________________________________________
    මම එක්තරා ආකරයකට උත්තරයක් හොයා ගත්තා ,.,ඒක මම තවත් හොයල පෝටුවකින් පල කරන්නක්,. මට හැගෙන විදියට මේක පෞද්ගලික ප්‍රශ්නයකට වඩා පොදු ප්‍රශ්නයක්

    ReplyDelete
  9. godak unanduwen kiyewwa..hithata danenna liyala oya yaluu..maara sanwedee..


    මම ඒ ලෙවෙල් කරනකොට මට ආපු ප්‍රශ්නයක් තමයි මම හැංගිලා වගේ ඉන්නේ ඇයි කියන එක ඒකට උත්තර දෙන්න මගේ රත්තරන් අම්මා මගේ ගාව නෑ .. ඒත් ඒකට මමම උත්තරේ හොයා ගත්තා ,., “මම සමාජශීලී නෑ කියලා”,.,

    me tika godakma hithata danuna..

    ReplyDelete
  10. කමෙන්ටුවට බොහොම ඉස්තුතියි හිරූ....@හිරුහිමාවී

    ReplyDelete
  11. සරල උතරයක් තියෙන්නේ ජිවිතේ අලුතින් පටන් ගන්න.... අන්තිම ප්‍රශ්නෙට හේතුව ගෑණු ළමයෙක් එහෙම නෙවයි නේද ?

    ReplyDelete
  12. කෝ මං දාපු කමෙන්ටුව.........?
    මං කීවේ කලින් අම්මලා තාත්තලා මවන සුරංගනා ලෝක ගැන

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් බොක්ස් එක වෙනස් කොලානේ.. එක නිසා.. .. ටිකක් අවුල් වගේ වෙයි... අම්ම තැත මවන සුරඟන ලෝක.. තේරුනේ නැහැ අෆ්ෆා :(

      Delete
  13. //ඇයි මට මාව එපා වෙලා තියෙන්නේ//
    අයි මචෝ මෙහෙම කියන්නේ ... මොකක්ද තියෙන අවුල ? :O

    ReplyDelete
  14. ප්‍රශ්නනේ බන්......... :D ඔන්න ඔහේ අතල් එකේ ඉදින්

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.