Top Ad unit 728 × 90

recent post

recent

වයිරස් ගාඩ් කෝටියකින් විතර ස්කෑන් කරමුද?


 ආ මචන් කොහොමද ? මම දුන්න ගේම් එක ගැහුවද ?

අයියෝ මොනාද බන් පෙන් එක පිරෙන්න වයිරස්නේ පෙන් එක ගහපු ගමන් ඔක්කොම මගේ වයිරස් ගාඩ් එකෙන් මකල දැම්ම .

එත් මම අලුත්ම වයිරස් ගාඩ් එකක් දාලනේ තියෙන්නේ. මගේ එකේ එහෙම අව්ලක් ආවේ නැහැනේ


හරි දැන් ඔය උඩ උන සිද්දිය අපේ ගොඩක් අයට වෙලා ඇතිනේ . කොහොමද කෙල්ලට එහෙම වටිනා කියන දෙයක් දීල ඔහොම උනොත් ? අනාත මාරුතේ කුනාටු සාගරේ තමයි .



හරි දැන් අපි හිතමු abc කියල වයිරස් එකක තියෙනවා .ඔයාගේ කම්පියුටර් එකේ වයිරස් ගාඩ් එක කොච්චර අලුත් උනත් ඔය abc කියන එක ඔයාගේ වයිරස් ගාඩ් එකෙන් වයිරස් එකක් විදියට අදුනගන්නේ නැති වෙන්න පුළුවන් . එත් තවත් වයිරස් ගාඩ් එකකින් එක වයිරස් එකක් විදියට අදුනගෙන ඔයාව එකෙන් ආරක්ෂා කරන්න පුළුවන් . එහෙමයි කියල ඉතින් ලෝකේ තියෙන හැම වයිරස් ගාඩ් එකක්ම අපේ පුංචි කම්පියුටර් එකට දාගන්න බැහැනේ . ඉතින් අද මම ගෙනාවේ ඕකට හොද විසදුමක් . ඒ තමයි  VIRUS TOTAL .





හරි මුලින්ම කරන්න තියෙන්නේ අපි මෙතෙනට යන එක, හරි දැන්  මේ වගේ තමයි අපිට මේ වෙබ් සයිට් එක පෙනෙන්නේ





ඔතනට ගිහින්choose file කියන තැන ඔබල  ඊට පස්සේ අපිට ස්කෑන් කරගන්න ඕනි ෆයිල් එක තෝරලා දීල
scan it කියන තැන click කරන්න එතකොට මේ පල්ලෙහා රූපේ විදියට virus guard 40 කට වඩා වැඩි ප්‍රමාණයකින් scan කරලා අදාළ ෆයිල් එක පිලිබලන්දව විස්තර මේ විදියට අපිට බලාගන්න පුළුවන්



පේනවනේ වයිරස් ගාඩ් 40 කින් 7යි මම බලපු ෆයිල් එක වයිරස් එකක් හෝ වෙනත් හානිදායක වැඩසටහනක් ලෙස අදුන ගත්තේ ....  තව පල්ලෙහට ගිහින් තවත් විස්තර ගොඩක් බලාගන්න පුළුවනි ඔයාලට මේක ගැන
හරි එහෙනම් ඔන්න ඔය විදියට ඔයාලටත් පුළුවන් තමන්ට හම්බවෙන ෆයිල් වගේම අවිශ්වසදයි වැඩසටහන් පරික්ෂා කරගන්න .වැදගත් උනා නම් කමෙන්ටුවක් දාල යන්න
ජයවේවා !!!

වයිරස් ගාඩ් කෝටියකින් විතර ස්කෑන් කරමුද? Reviewed by V3 on 6:09 PM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.