web host එකක් එක්ක වැඩ කරන්න ආකාරය සහ filezilla භාවිතය
photos පැහැදිලි මදිනම් ඒ මත ක්ලික් කරන්න
ඔන්න ඉතින් යාලුවනේ.. හැමදාම.. මොකක් හරි.. දෙයක් කියල දෙන්න එන ..සුද්ද අදත් එහෙනං.. පොඩි ටියුටෝරියල් එකක් අරන් ආවා.. හේ හේ .. ලොකු එකක් නම් නෙවෙයි පොඩි එකක්... මම මුලින් කල්පනා කලේ මේක video එකක් විදියට දෙන්න.. එත්.. මම උනත් වැඩිය වීඩියෝ ටියුට් බලන්නේ නැති නිසා. හිතුවා .. මේ විදියට දෙනවා කියලා...
මේකයි මුලින්ම.. මෙහෙම දෙයක් ලිවුවොත් හොඳයි කියල.. හිතුනේ.. මගෙන් උදවු ඉල්ලන අයගෙන් වැඩි දෙනාට තියෙන්නේ මේ hosting ප්‍රශ්නේ නිසා.. ඉතින් .. තවත් වැඩි කතා ඕනි නැහැ.. අපි .. වැඩේට බහිමු..
හරි . අපි මුලින්ම බලමු,,, host එකක් රෙජිස්ටර් වෙන්නේ කොමද කියලා.. (සමහර අයට මේකත් හරියට බැරි නිසයි ලියන්නේ)
මම හොස්ට් එකට උදහරනෙට ගත්තේ.. මම කරන host site එක.. කමක් නැහැනේ.. ඔයාල පාවිච්චි කරන.. ඒවයෙත් මේ විදියම තමයි පොඩි පොඩි වෙනස්කම් ,, තියෙයි.. මුල ඉඳන්ම කරන්න ඕනි කෙනක් ඉන්නවනං මාත් එක්ක මේ විදියටම කරන්නකෝ ඈ..
මම මුලින්ම මගේ host site එකට ගියා http://sudusmlk.tk දැන් මම මේකේ regisrter වෙන්න එපැයි.. හැබැයි පොඩි අවුලක් තියනවා..
මේකේ ලංකාවේ IP වලින් රෙජිස්ටර් වෙන්න බැහැ (slt connection තියන අයට ප්‍රශ්නයක් නැහැ).. එක නිසා මම openproxy.co.uk (මෙම proxy අඩවිය load වෙන්න බොහෝ වෙලා ගතවේ) පාවිච්චි කරලා register වෙනවා..
මේ වම් අත පැත්තේ තියෙන්නේ sign up form එක |
මම කරන්නේ signup form එකේ ලින්කුව කොපි කරලා.. openproxy.co.uk site එකේ past කරලා.. go කරනවා ..
දැන් ඉතින් ඊළඟට එන page එකේ විස්තර දීල save කරනවා..
දැන් ඉතින් මේක ටිකක් වෙලා ගියාම.. මෙහෙම පේජ් එකක් එයි .. මේක close කරලා දාන්න
මේක close කරලා ඔයා register වෙන්න ලබාදුන්නු email එකට log වෙන්න
ඊට පස්සේ එකට host එකෙන් email එකක් හෝ දෙකක් ඇවිල්ල ඇති.. මගේ එකේ .. දෙකක් එනවා..
මෙන්න පලවෙනි මේල් එක .. මේකේ තියෙන්නේ.. ඔයා ඔයාගේ host එකට log වෙන්න ඕනි adress එකයි . ඔයා දීපු email එකයි password එකයි.. මේක කොහේ හරි තැනක save කරලා තියාගන්න..
ඊට පස්සෙත් එනවා මේල් එකක්.. මේ දෙකම එක පාර එනවා.. දැන් ඔය තියන link එක ක්ලික් කරලා.. confirm කරන්න ...
දැන් මේක ක්ලික් කරාම.. ඔයා මෙන්න මේ වගේ page එකකට එයි .. මගේ host එකේනම් default විතරයි තියෙන්නේ.. ඒ කියන්නේ..ඔතනින් තමයි ඕනි කරන පැකේජ් එක තෝරන්නේ... දැන් ඕක ඔහොමම තියෙන්න දීල select යන්න..
ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ පිටුවක් පෙනේවි..
ගොඩක් අයට විකාර වෙන්නේ මේ උඩ තියන පිටුවේදී.. මේකයි.. ඔය උඩම මම රතු පාටින් ඉරක් ගහල තියෙන්නේ sub domain කියලා එකක්.. ගොඩක් හොස්ට් සයිට් වල sub domain එකක් දෙනවා.. ඒ කියන්නේ.. ඒ ගොල්ලෝ අපිට දෙන domain වල උප domain.. දැන් මම හදන්නේ... sudusmlk.tk කියන main domain එක යටතේ මගේ sudusm කියන එක දාල.. ඒ කියන්නේ.. ඔයා හදන අඩවියට එන්න ඕනි URL එක තමයි මෙතැනදී.. අපි හදන්නේ.. දැන් මම මේ හදන.. අඩවියට එන්න ඕනි .. sudusm.sudusmlk.tk කියන domain එකෙන්.. තේරෙනවනේ..
ඊළඟට තියෙන්නේ.. domain කියල එකක්..
මේකෙන් කරන්නේ.. ඔයා sub domain එකක් දාන්නේ නැතුව. ඔයාගෙම කියලා free හරි නැත්තන් සල්ලි දීලා හරි ගත්තු domain එකක් දානවනං මෙතනින් තමයි දාන්නේ.. හැබැයි ඔයා කලින් domain එකකට register වෙලා ඉන්න ඕනි ..
.. හොඳම free domain දෙන අඩවි බලන්න මෙතනින් යන්න.
දැන් ඉතින් sub domain එකක් හරි ඔයාගෙම domain එකක් හරි දාගත්තනම්.. create කියන button එක ඔබන්න ..
ඊට පස්සේ මෙන් මේ වගේ පිටුවකට ඒවි
මම උඩින්ම රතු පාටින් ඉරක් ගහල තියෙන්නේ.. අන්න එකෙන් කියන්නේ ඔයාගේ me domain එක active වෙන්න පැය 12ක් යනවා කියලා.. ඒ කිවුවට පය 12ක් යන්නේ නැහැ.. උපරිම.. පැය 3ක් යයි .. ඊට පස්සේ ඔයාගේ ඩොමේන් එකෙන් සයිට් එකට යන්න පුළුවනි.. සමහර වෙලාවට හදපු ගමනුත් වැඩ කරනවා..
ඊට පස්සේ මම රතු පාටින් ඉරක් ගහල තියෙන්නේ ඔයාගේ domain එක..
ඔය දකුණු පැත්තේ යටම තියෙන්නේ.. ඔය මේ පිටුවා අපු ගමන්.. ඕක පිරෙනවා.. ඊට පස්සේ කොළ පාට වෙලා.. 100%ක් ඇවිල්ලා view result කියල..එනවා.. දැන් ඉතින් view result ක්ලික් කරන්න..
ඊළඟට එන්න පිටුවේ මෙන්න මේ වගේ එකක් තියනවා.. දැන් ඉතින් .. ඔය දකුණු අත පැත්තේ තියන switch කියන botton එක ඔබලා.. cpanal (control panal) එකට යන්න...
මේ පහල තියෙනව වගේ පිටුවකට එයි .. මම සම්පුර්ණ පිටුවම.. capture කරලා තියෙන්නේ ..
මෙන්න මේකට තමයි cpanal එක කියන්නේ...
දැන් පොඩ්ඩක් දකුණු ඇත පැත්ත බලන්න.. එතන ඇති account imformation කියල එකක්. ඔන්න ඔකේ .. මම රතු පාටින් ඉරි ගහල තියන ඒවා ඉස්සරහදි වැදගත් වෙනවා මම ඒවා කියන්නම්කො..
දැන් අපි c panl එකේ තියන.. දේවල්.. පොඩ්ඩක් බලමු ..
මේකේ තියෙන්නේ web host account එක හා සම්බන්ද සැකසුම්.. ..
මේකේ තියෙන්නේ.. අපෙ.. ඩොමේන් එකට අපි හදන email (admin@sudusmlk.tk) හදාගැනීම සහ.. ඒවා manege කරන්න..
මේක තියෙන්නේ අපේ domainඑක හා සම්බන්ද වෙනස් කම් කරන්න.. ඒ වගේම අලුතෙන් ඩොමේන් එකක් ..එකතු කරනවනං. එක කියන්නේ.. අලුතෙන් තව එකවුන්ට් එකක් හදන්න ඕනි නම් .. ඔය addon domain කියන එකෙන්.. ඔය.. දැන් පාවිච්චි කරනව වගේම option තියන.. එකවුන්ට් එකක් හදන්න පුළුවනි.. එතකොට capanl log උනාම..අපි හදාපු එකවුන්ට් සේරම පෙන්නනවා.. අපිට අවශ්‍ය එකට switch කරන්න තමයි ඉතින් තියෙන්නේ..
මේක තියෙන්නේ.. අපි.. අපේ HTML භාවිතා නොකර.. host එකෙන් සහය අරගෙන අඩවියක් හදනවනං .. එක customize කරගන්න.. ඒ වගේම .. ඔය auto installer කියන එකෙන්.. අපිට word press joomla..druple, phpbb වගේ ගොඩක් ඒවා auto install කරගන්න පුළුවනි.. එක ගොඩක් ලේසියි..
මේක තමයි .. අපි හදන ..අඩවිය ගබඩා වෙන තැන.. ගොඩක් අය මට මල පනිනකන්ම.. file manger තියෙන්නේ කොහෙද කියල ඇහුවනේ.. මේ තියෙන්නේ එක තමයි ඈ.. මේක ඇතුලේ තමයි..අඩවිය ගබඩා වෙන්නේ..
මම හිතන විදියටම.. host එකේ වැදගත්ම.. සහ . වැඩ කරන්න අමාරුම කොටස තමයි මේක.. හැබැයි ඉතින්.. මේක.. සාමාන්‍ය HTML site කරන අයට උවමනා වෙන්නේ නැහැ.. php වගේ දේවල් එක්ක වැඩ කරන අයට තමයි මේක වැදගත්.. මම මේක ගැන වෙනමම පොස්ටුවක් ලියන්නම්..
මේකනං ඉතින් .. වැඩිය කියන්න දෙයක් නෙවෙයි දැක්කම තේරෙනවනේ.. පොඩි පොඩි අමතර දේවල්.. වගේම account එක delete කරන්න තියෙන්නෙත් මෙතනින්...
හරි සාමාන්‍යයෙන් linux hosting එකක් මේ option ටික තමයි තියෙන්නේ.. දැන් ඉතින්.. අපි.. හොස්ට් එකක රෙජිස්ටර් වෙන විදිය සහ.. එකේ තියන.. option ටික අඳුනගත්තනේ..
දැන් .. අපි බලමු.. filezilla මෘදුකාංගයත් එක්ක වැඩ කරන විදිය..
මුලින්ම මම කියල දෙන්නම්.. අපේ.. සයිට් එක ගබඩාවෙන.. file manger එක්ක. filezilla පාවිච්චි කරන විදිය.. ගොඩක් ලේසියි..
මුලින්ම.. filezilla download කරගෙන ඉන්නකෝ
web host එකක් එක්ක වැඩ කරන්න ආකාරය සහ filezilla භාවිතය
Reviewed by සුදු මහත්තයා
on
4:08 PM
Rating: