Top Ad unit 728 × 90

recent post

recent

හොඳම free domain දෙන අඩවි



                      
                          හම්මේ.. දැන් ඉතින් වෙනද වගේ එක දිගට පොස්ටු දාන්න විදියක් නැහැ ඉතින්..  ඉඳල හිටලා ඇවිල්ලා  පොස්ටුවක් දෙකක් දාල යනවා. මම හිතන්නේ මගේ යාලුවෝ සුවෙන් සැපෙන් ඇති කියල.. එහෙම ඉන්න   එපැයි ඉතින්.. දැන් මර විදයට බ්ලොග්ස් තියනවා නේ.. අලුත් අලුත් බ්ලොග්ස් අමබනෙට හම්බු උනා.. මරේ මරු ..අලුත් අලුත් කිවුවට මමත් තාම අලුත් තමයි..හේ හේ .. මේ දවස් වල.. මම හිතන විදියට.. අපේ බ්ලොගර්ස්ලට විශේෂයෙන් tech පැත්තට බර බ්ලොගර්ස්ලට තියන අලුත්ම උන තමයි alexa rank එක වැඩි කරගන්න එක.. මටත් ඕක හැදුනා හැබැයි දැන් නම් සනීපයි ..
 ලෙඩේට බෙහෙටක් හම්බු උනාමනේ ලෙඩේ සනීප වෙන්නේ.. ඒ වගේ ඉතින්  මේ බ්ලෝගියත් ලන්කවේ පළමු අඩවි 250 අතරට එන්න  පුළුවන් උනා.. දැන් ඉතින් ඇලෙක්සා තිබ්බත් එකයි නැතත් එකයි.. නිකන්  කප් එකක් ගත්තා වගේ ,,  එක පාරටම මාතෘකාව නැතුව ඇලෙක්සා ගැන කියන්න ගත්තේ.. බ්ලොග් වලට ආපු අලුත් පිස්සෙක් ගැන මතක් උණු නිසා..  මෂ් ගුරාලු ඒ උනාට නම ශානුක.. ඕලමොට්ටලයෙක් පිස්සෙක් සහ මානසික රෝගියෙක් කියල තමයි කට්ටියනන් කියන්නේ.. ඔන්න මමනං නෙවෙයි මිනිහත් ගොඩක් උදවියට බනින්නේ මේ alexa එක අල්ලගෙනනේ එකයි.. හේ හේ ..

හරි එහෙනං අද අපි මාතෘකාවට යමු.. ,


domain , domain කිවුවම.. ඉතින්  බ්ලොග්කාරයෝ වශයෙන් අපිට මතක් වෙන්නේ blogspot domain එක තමයි .. මේක ඉතින් sub domain එකක්.. මා හිතන විදියට ලෝකේ වටිනාම sub doamain ටික තියෙන්නේ මේ blogspot.com domain එකටද කොහෙද.. අයි ඉතින් මේ අපි වගේ වටිනා කොල්ලෝ පාවිච්චි කොරන්නේ මේකනේ...  ඉතින් අපි මේ sub domain එක පාවිච්චි කරද්දී තවත් සමහරු සල්ලි දීලා..  .com .lk .co.uk .org  .info .net යනාදී වශයෙන්  ඩොමේන්ස් ගන්නවා...   ඉතින් අර එක්කෙනක් කිවුවා වගේ  අපිට කොයින්ද බුල් බල්ලෝ .. පාරේ යන හොරිකඩ බල්ලියක්වත් නැති කොට  කියන නියායට අනුව.. අපි ගන්නේ free domain  ඉතින්  ෆ්‍රී ගන්න උනත් හොයල බලලා ගන්න එක හොඳයිනේ... මම දන්නා දන්නා විදියට නොමිලේ දෙන domain ගැන පොඩි විස්තරයක් කියන්නම්..


1)      .TK





මේක තමයි දැනට ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන free domain එක..  මේ Domain එක අනික්වා. වගේ. දිග නැහැ  නිකන .lk    .com  වගේ .. ලයින් එකක් තියනවා..අන්න එකම නිසයි මේක මෙච්චර ජනප්‍රිය .. හැබැයි මේ ඩොමේන් වල පොඩි අවුලක් තියනවා... එක තමයි එපාම වෙන සින් එක. අපි දැන් මේ ඩොමේන් එක මාස 12කත ගත්තයි කියමුකෝ.. එත් අපි මේ domain එක පාවිච්චි කරලා.. හදන අඩවියේ traffic එක එහෙම වැඩි වෙනකොට.. ඒ කියන්නේ ඩොමේන් එක භාවිතා කරන පිරිස වැඩි වෙනකොට මේ ඩොමේන් එකේ මස 12 ඉකුත් වෙන්න ඕනි නැහැ ඒ ය sell කරනවා.. නැත්තන් වෙන කෙනක් අවිතේ ඩොමේන් එකට සල්ලි ගෙවලා ඉල්ලුම් කලොත් එයාට දෙනවා..




register TK domain
2)  .co.cc
ඊළඟට වැඩිම පිරිසක් භාවිතා කරන ඩොමේනය තමයි co.cc කියන්නේ.. මේක ඉදිරියට එන්න ප්‍රධානම හේතුව තමයි අවුරුද්දක් කිවුවොත් ආයේ අවුරුද්දක්ම තමයි.. ආයේ එක වෙනස් වෙන්නේ නැහැ..  හැබැයි ඉතින් මේකෙත් පොඩි අවුලක් තියනවා.. ඒ තමයි NOD32 වගේ virus guard වලින් මේ ඩොමේන් එකට යන්න දෙන්නේ නැහැ vires කියලා පෙන්නනවා .. දුක තමයි සිරිසේන... 
register co.cc domain
3)  .co.nr



මේකේ ගති ලක්ෂනත් එහෙම් පිටින්ම co.cc  domain එකේ වගේමයි .. 


register co.nr domain
4) .free



ආයේ කියන්න දෙයක් නැහැ TK domain එකම තමයි.. එකම තමයි කිවුවේ එක නෙවෙයි.. ඒ ලක්ෂණ ටික.. එහෙමම පිහිටලා තියනවා.. TK ගෙ පුතා කියල තමයි කියන්නේ.. එත් මේක වැඩිය ප්‍රසිද්ද නොවෙන්න හේතුව  .free කියල තියන එක ටිකක් චාටර් වගේ නිසා  කියල තමයි කියන්නේ ..


.
registre .free domain

5) com.nu



මේක එක ඩොමේන් එකක්  උනාට ඇත්තටම මේක domain pack එකක් .. මේ සයිට් එකට ගියාම.. free domain අමබනෙකට register වෙන් පුළුවනි  පහල පින්තුරේ බලන්න


දැක්කනේ ...  මේ domain එක අනික්වා වගේ විකුනන්නේ block කරන්නේ මුකුත් නැහැ... හැබැයි මේකෙන් දෙන ගොඩක් ඩොමේන් FB share කරන්න ගියාම එක එක ප්‍රශ්න ....


register .com.nu domain


තවත් මේ වගේ නොමිලේ දෙන . ඩොමේන් තියනවා/ ඒවායින් බාගෙට බාගයක්.. එක එක අවුල් තියනවා.. මම ඒවායින් හොඳම පහ තමයි මේ දාල තියෙන්නේ... එහෙනං ඉතින් තවත් පොස්ටුවකින් හමුවෙමු.. 
ඔන්න මගේ ලොකු කම... පෙන්නන්නත් එක්ක  අද උදේ ඒ කියන්නේ  2012/11/14 වෙනිදා උදේ ගත්තු alexa  rank එක දානවා ..  තව දෙයක් ,,, තරහ නැතුව.. alexa එකේ review එකක් දාලා යන්න.. එක මට බ්ලොගිය ලියනකොට වැදගත් වෙනවා..  මෙතනින් යන්නකෝ එකට 

මට නං දැන් ඉතින් ඇති 
හොඳම free domain දෙන අඩවි Reviewed by සුදු මහත්තයා on 7:57 AM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.