Top Ad unit 728 × 90

recent post

recent

අපොයි මෙහමත් කොල්ලෝ කෙල්ලෝ...


                      හම්මේ..  අදනං සිරාම සිරා දවසක්.. සිරා කියන්නේ ඵට්ටම දවසක්... නිකන් මට කොයිල් වගේ උණු දවසක් කිවුවොත් හරියටම.. හරි..  අද මට හවස  රසායන විද්යාව පන්තියක් තිබ්බා (ඉයෑක්කා) පන්තියනන් අජූතයි තමයි.. අම්ම එලවන නිසා හරි ඒ මගුලට ..ආ නෑ ඒ පන්තියට මම යන්න එපයි කොහොම හරි පන්තිය  පටන් ගන්නේ.. හවස 1ට යක්කු ගස් බඩගාලා බහින time එක තමයි අපේ සෑර් තෝරන් තියෙන්නේ.. මම හිතන්නේ අපිට ගස්වලින් බහින්න වෙලාව ඕනි නිසා වෙන්න ඇති ...  කොහොම හරි.. 1ට පටන් ගන්න පන්තියට යන්නෙයි කියලා මම ගෙදරින් 1.15ට විතර එලිය බැස්සා...  අපි ඉතින් වෙලාසනින් පතින් යන කොල්ලොනේ .  
කොහොම හරි ඉතින් එලියට බැහැලා.. බැස්සට වඩා.. අම්ම පල කිවුව නිසා ගියා කිවුවොත් හරි..  ඉතින් ඔහොම එලිය බැස්ස. මම ජෙට් ලයිසොන් තියන නිසා අධි වේගෙන් එලියට බැස්සා.. දැන් ඉතින් අපේ ගෙදර ඉඳන්.. hospital එක ගාවට මීටර් 300ක් විතර තියනවා.. එතනින් තමයි.. මට බස් එකට නගින්න තියෙන්නේ..  ඉතින් මම කොහොම හරි 1.20 වෙනකොට.. බස් එක නවත්තන තැනට ආවා.. මගේ වෙලාවට එහෙම පිටින්ම හිස් බස් එකක් ගහලා තිබ්බා.. මං ඉතින් දෙපාරක් හිතුවේ නැහැ.. අර කතාවක් තියෙන්නේ ජම්මෙට ඇරියත් පුරුද්දට අරින්න බැහැ කියලාඅන්න ඒ වගේ.. මම ගියපු ගමන් පෙම් මුල්ලටම රිංගුවා.. පෙම් මුල්ලේ ඉතින් වෙන්  කවුරුවත් හටියේ නැහැ මායි  මායි තමයි හිටියේ ... 


                   දැන් තමයි පුතේ සින් එක පටන් ගන්නේ.. මම ඉතින්.. සුපුරුදු පරිදි පෙම් මුල්ලට වෙලා.. මගේම කියල FM නාලිකාවක් පටන් අරගෙන එක වාදනය කර කර හිටියේ..   කොහොම හරි.. ටික වෙලා යනටකෝ.. hospital එක ට ආපු කොලු  ගැටයෙක් ගැටයෙක් කිවුවත් ගටයෙකුත් නෙවෙයි .. shortaක් එහෙම ගහල.. කිට මිනි මරල ඇවිත් හිටියේ කොහොම හරි මිනිහත්.. සද්දයක් නැතුව් උඩ බලාගෙන.. හිටියා.. කොහොම උනත් උ නං එලම එල කොල්ලෙක්.. උගේ සරීර සවුක්‍ය  ගැන හොඳට හිතනවා..මිනිහ මගේ එහා පැත්තට වෙලා උඩ බලාගෙන උගේ සරිරේ උස්නත්වේ කටින් පිට කරනවා.සෝයි අයිය කෙනක්.. මේ තියන රස්නෙට..මගේ දුම් විතරක් නෙවෙයි.. එන්න කලින් කපු බිපුව.. හොඳට තැම්බිලා අර. පරිප්පු සුවඳ මස් සුවඳ වහනය වෙන්න ඕනි.. කෝකටත් .. මම උඩ බලල පිම්බා,පුහ් මුකුත් ගියේ නැහැ ..හුලන් විතරමයි.. ඔහොම විකාර කර කර ඉන්න අතරේ .. බස් එකට අවුරුදු 21ක් 22ක් විතර කියන්න පුළුවන් ෆට්ට කෑල්ලක් නැග්ගා... ඕන් මම නෙවෙයි පැත්ත පලාතක බැලුවේ.. ඉතින් ඒකිත් නැගල.. නිකමටවත් මුල්ලේ ඉන් මම දිහාවත් උඩ  බලාගෙන දුම දාන අරු දිහාවත් බැලුවේ නැතුව.. පස්සේ සිට් එකට කලින් තියන සිට එකේ.. වාඩි උනා.. හරි විනිතෙට හැදිච්ච කෙල්ලෙක්.. කොහොම හරි ටිකක් වෙලා. ගියා.. එක පාරටම අර අයිය හිටිය ඉරියවුව වෙනස් කරා.. මම හුටස් ගාල හැරිලා බැලුවා.. දුම් දදා හිටපු මිනිහ ගිනි ගනන්වද කියලා.. නැහැ අවුලක් නැහැ මිනිහා.. මගෙ දිහා බලලා.. හිනාවකුත් දාල..වට පිට බැලුවා..  මම හිතන්නේ.. අපි හිටපු සිට් එකට..ඉස්සරහ සිට එකේ හිටපු.. කෙල්ලව මුගේ මීටරේට අහු උනා.  කොහොම හරි ඉතින්..මුගේ මීටරේට අහු උනාට එකී නෙවෙයි නිකමටවත් බැලුවේ.. කොහොම හරි දැන්  පෝලිමට බස් එකට සෙනග එනවා..  බස් එක යන්නේ 2ට.. කොහොම හරි සේරම සිට් පිරෙන්න.. කස්ටිය නැගල කස්ටියක් හිටගෙනත් හිටියා..එත් වැඩි තද බදයක් එහෙම නැහැ.. කොහොම හරි..අරු.. අර කෙල්ලට එකම ගානට බැල්ම දානවා.. මටත් තරහෙ බැ.. අහිංසක කෙල්ලෙකුට පාරේ යන්න බෑ මේ වගේ එවුන් නිසා... 


                    කොහොම හරි ටිකක් වෙලා ඉඳල.. මු අර කෙල්ලගෙන් එක එක ඒවා අහනවා..එකී නෙවෙයි මුව ගණන් ගත්තේවත්..  මිනිහත්  සැලෙන්ඩර් වෙන්නේ නැහැ.. ඇලෙක්ස්සැන්ඩර් වගේ ඉන්නවා.. කොහොම හරි.. මුලි මුලින් කෙල්ල.. සද්ද නැතුව හිටියට.. පස්සේ..  

"නංගි ඔයා කොහෙද..?" -------   "100කනුවෙ අයියේ".. 
"ඒ කොහෙද අප්පා ඒ.." --------"ඇයි අනේ උඩවලවට මෙහා තියෙන්නේ"
"එහෙමද...?  මොකද  ඉස්පිරිතාලෙට ආවේ " ----- "අක්කා කෙනෙක්..එක්ක clinkc එකට ආවා අක්ක ඉන්නවා මම යනවා "

"අක්කටද නැත්තන් නන්ගිටද ආවේ "------ "අනේ මේ..."

"අම්මෝ. මේකිට යන කේන්ති " -----

------------------------------------- ඔන්න ඔහොම මුන් දෙන්න එක එක ඒවා කතා කොර කොර හිටියා.. මටත් දැන් නිකන් මෙවුවා මෙවුවා වගේ.. කෙල්ල මුලින් හිටියේ කොහොමද.. දැන්..? අෆොයි  ! ටිකක් වෙලා ගියා... 


"අයියට ඔතන ඉඳන් කතාකරන්න අමාරුයි නේද "------"ඔවුනේ හලෝ .ඇයි මොකද "

"ඉන්න පොඩ්ඩක් "------------------ 

අර කෙල්ලට එහා පැත්තේ.. කෙල්ලෙක් වැඩි වෙලා හිට්යා,, මෙකි..ඒ කෙල්ලට මොනවා හරි කිවුව.. කියල ටික වෙලාවක් ගියපු ගමන්.. ඒ කෙල්ල නැගිටලා.. අර දුම දාපු අයිය  හිටපු තැනින් වාඩි වෙලා..  නැගිටපු එකී හිටපු තැනට මු ගියා...  අම්මද බෝල..  මට උරු ජුවල්.. යකෝ.. මර එවුන්නේ.. හැමදාම ඔතන බස් එකේ යන.. මම හරියට තාම ඇහැක්වත් ගහලා නෑ මුන් විනාඩි 20න් කෙල්ලෝ දාගන්නවා..  මට නිකන් .. අටන් පටන් වගේ..  


ඊට පස්සේ ඉතින් උන් දෙන්නා ගියේ අලුත බැඳපු ජෝඩුවක් වගේ.. එතන සිද්ධ උණු ජවනිකා විස්තර කොරන්න ඕනි වෙන්නේ නැහැනේ...මම ඔය උඩ දාල තියන පොටෝ එකේ තියන කොනෙන් තමයි බලාගෙන හිටියේ 

කොහොම හරි..2.20 වෙනකොට පන්තියට ගියා  එත් පන්තියට ගිහින් පය 3ක්.. විතර  වැඩ කරන්න. බැරි උනා..  මම වෙනදට නං වැඩ කරනවා..  කොච්චර වැඩ කරනවද කිවුවොත්  පොත තියෙන්නේ මගේ ඔලුවේ.. පෑන තියෙන්නේ කන ගාව .. desk එකේ නිදාගන්නව එහෙම නෙවෙයි ඈ.. කොහොම හරි  5.30ට පන්තියනන් ඇරියා... 

හම්මේ.. එනකොටත් ෆට්ට අතල් සින් ටිකක්.. උනා... එවනන් ෂණික ලවු නෙවෙයි.. අවුරුදු ගානක් තිස්සේ පැවත එන ලවු ඉලවු ටිකක්.. ඒවා මම පස්සේ දවසක කියන්නම්කො ඈ ...   
අපොයි මෙහමත් කොල්ලෝ කෙල්ලෝ... Reviewed by සුදු මහත්තයා on 8:24 PM Rating: 5
Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.