Top Ad unit 728 × 90

recent post

recent

වැලෑන......


හික්ස්.. දැන් බලනව ඇති මේ script ගැන ලිය ලිය හිටපු පොඩි එකාට මොකෝ උනේ කියලා..  මම අද උදේ  බ්ලොග් ලෝකය වටේ සවාරියක් ගියා... හප්පේ දියුණු වෙලා තියන තරන් මේ මස හයට හොඳ වෙලාවට මම අපි අපිට සින්ඩියයි  ලංකා බ්ලොග්ස්  සින්ඩියයි .. පරිහරණය කරන්නේ... දෙයියනේ කියල ඒ දේකා ගියපු ගමන්.. අම්බනෙට බ්ලොග්ස් හොයාගන්න පුළුවනි ... කොහොම කොහොම හරි අද  උදේ විතරක් මම බ්ලොග්ස් 50කත වඩා ෆලෝ කරන්න ඇති .. නියමයිනේ.. දැන්නේ.. අර තරුණ බලයද මොකක්ද එක නැගීගෙන එන්නේ.

ඉතින ඕවා බල බල ඉන්නකොට මට මතක් උනා.. දැන්  කාලෙකට කලින් .. කාලෙකට කලින් කිවුවට මාස 8කට 9කට කලින් විතර.. මමයි ... අපේ ජනිතයයි .. ජනිත් කිවුවට දන්නේ නැහැ නේද..www.cmbtimes.com ඔන්න ඔය වෙබ් එක කරන මගේ යාළුවයි එක්ක පොඩි රවුමක් ගැහුවා.. වැඩිය ඈතක නෙවෙයි ..අපේ ගෙදර ඉඳන් .. ඕනි නන උපරිම කිලෝමීටර 4ක් විතර දුරින් තියල place එකක්..

දැන් ඔතනට යන්නමද අපි දෙන්න සෙට් උනේ කියල බලනව ඇති .. අපෝ නැහැ .. ජනිතයට ..ගෙදර ඉන්න කම්මැලියි කියල අපේ ගෙදර ..ආව.. මටත් ඉතින් උරු ජුවල්.. කොල්ලෙක් එක්ක .. ෆන් එකේ දවස යනවා කියන්නේ ඊට වැඩ දෙයක් නැහැනේ ඉතින්... කොහොම හරි අපේ ගෙදර මිනිහ ආව.. වැඩේ තියෙන්නේ මිනිහා ආවට  මාත් එක්ක කතා කලේ ඇවිල්ලා පැය දෙකකට විතර පස්සේ...


ආපු වෙලේ ඉඳන් මල් හතයි

දැන් තේරෙනවනේ... මාත් ඉතින් ගොබ්බය වගේ මුල්ලක් ගහන් අහන් හිටියා.. ආදරණිය මිත්තරයාගේ මල් කැඩීම ... කොහොම හරි .. මම අර හොඳම වචන වලින් දෙකක් කියල නවත්ත ගත්තා..
ඊට පස්සේ ඉතින් කෙලින්ම පියමන් කලේ.. එකී නොකී මෙකි සියලුම .. යහළුවන්ගේ.. අපේ ගෙදර .. අපාය වන් වූ වස භවනය වන .. මගේ කාමරේ වෙත...

 හුටා... මිනිහ ආවම තමයි මතක් උනේ මස ගානකින් .. කොට්ටෙයි මෙට්ටෙයි ඇර අනික්වා ආසාවටවත් ගැසුවේ  නෑ කියලා..දැන් ඉතින් මොනව කරන්නද ... ?

"පේනවා නේද පුතේ මේ ඉලන්දරියෙක්ගේ කාමරේ හැටි.. මම මේක අස් කරනව විතරයි .. අනික් පැත්ත හැරෙනකොට .සේරම ආයේ වල් කරනවා.. මෙහෙ අස් කරන්න එක්කෙනයි.. වල් කරන්න තුන් දෙනෙක් ඉන්නවනේ "
(වල් කරන්න තුන් දෙනෙක් ඉන්නවනේ -තාත්තටයි මල්ලිටයි ..මටයි ..එල්ල කරන ලද තදබල පහරක්)

 හරි ..  මගේ යාලුවෙක් කාමරේට ආවම ..අම්ම හැමදාම play කරන CD එක අදත් play කරන්න ගත්තා... 

ජනිත් ඉතින් ඒවාට උල්පන්දම් දෙනවා.. මමනේ දන්නේ මුගේ කාමරේ මිට අන්තයි කියලා... ටිකක් වෙලා ගියාම අම්මගේ CD එක ඉවර උනා.. මම හිතන්නේ 2වෙනි CDඑක හොයාගන්න බැරිවෙන්න ඇති..


මෙච්චර ලස්සනට තියන් ඉඳලත් වැඩක් නැහැනේ ..
ඊට පස්සේ ඉතින් කොම්පිතර් රාජයා on කරලා ගම්බිර විදියට AP ඕපන් කොරගත්තා....

ඒ අස්සේ  හිංචි සින්දුවක් ඇහෙනව්... ^*^*^*&^*&^%&^%  ආයේ කෝල් එකක් .. දැන් ඉතින් ආයේ පැය දෙක තුනකටවත් මුව එලියට ගන්න බැහැ ,,,


පේනවා නේද කොල්ලගේ හිනාව
ඔය අස්සේ ඉතින් මන් තුමා මොනවා කරන්නද.. අම්මගේ ආච්චි අම්මගේ අම්ම ,, අපේ අම්මට තෑගි දුන්නු පරණ අල්මාරිය ගාවට ගිහින් එකේ තියන කන්නාඩියෙන් හරවා හරවා 4ටො ගැහුවා.. කම්මැලිකම යන්න ඒකවත් කරන්න එපයි .. ඌ මලක්නේ .. (අපිට කොයින්ද බුල් බල්ලෝ )

මේක මගේ වරදක් නෙවෙයි 4න් එකේ වරදක්.. :D


කොහොම හරි අවසාන 4ටො එක ගහනකොට  ජනිතය පිටිපස්සෙන් සම්ප්‍රාප්ත වෙනවා වගේ දැක්කා... 
දැන් ඉතින් කොහොම කොහොම හරි.. පැයක විතර ආගිය මුලගිය තැන ගැනයි ..සමාජය ගැනයි .. දේශපාලනිකරණය ගෝලීයකරණය.. නව්‍යකරණය වගේ .. ඉතාම බැරෑරුම් කතිකාවතකින්  පස්සේ.. නිකමට  වගේ මම යෝජනවක් දැම්ම ඇවිදින්න යමුද කියලා...reqst එක දාන උනෙත් නැහැ මිනිහ  accept කරලට.. poke පාරකුත් දැම්මා.. 


 දැන් ඉතින් ගමනේ යා.... අම්මට බොරු එකක්වත් නොකියා..දෙන්නත් එක්ක පාරට බැස්සා...

පාර


ඔරිමජිනල් ගුරු පාරවල් දැකල නැත්තන් ඔන්න බලාගන්න ...  පාරට බැහැල ඉතින් දෙන්නත් එක්ක .. ගියා. කිලෝ මීටර් 4ක් 5ක් පයින් යනවා කියන්නේ.. මාරයිනේ..  ඔන්න මම මග දිගට ගහපු  පින්තුර කෑලි ටික දාන්නම්කො ... 






























































"එ බන් තව දුරයිද බන් .... කකුලුත් රිදෙනවා.. උඹ කිවුවේ වැඩිය දුර නැහැ කියලනේ "

"අය්යෝ තව වැඩි දුරක් නැහැ ආව වගේ එකයි "

"#%^^$^^%$&^%$&"

"හරි හරි..තව ටිකකින් සුපිරි කෑලි ටිකක් හම්බු වෙයි නාඬා හිටහන් "

හරි දැන් නං මූ බබා වගේ ඉන්නවා... මම ඉතින් කොබා වගේ යනවා....

ඇලක් දොළක් දැක්කොත් ඉතින් අපේ පුරුද්ද බැහැල පිනන එකනේ.. බැහැල පීනන්න ඇඳුම් ගෙනාවේ නැති නිසා.. පා දෝවනය කරගන්නෙයි කියල.. ඇලට බැස්සා...


කකුල් අතපය හෝදලා එපැයි ඉන්න
 දැන් ඉතින් වැඩි දුරක් නැහැ.. පොඩ්ඩ පොඩ්ඩ වෙල් යායවල් පේනවා... ආයේ කියන්න දෙයක් නැහැ .. කොළට කොලේ බැබලෙනවා..

ඒ අස්සේ ජනිත් එහාට යනවා මෙහාට යනවා..


කොහෙද අප්පා අර ඉන්නවයි කියපු ලමිස්සියෝ ඉන්නේ.. 

හි හි ..  මිනිහා.. මම අර කියපු ලමිස්සියෝ ටික හොයනවා.. මම ඉතින් එහෙ මෙහෙ හොයල හොයලා.. වෙල එහා පැත්තෙන්... කුඹුරට ඇඹුල අරන් එන..  ගැමි ලමිස්සියක් පෙන්නුවා...  මාත් ඉතින් හේනේ ගේමක් දීලා.. මාගේ කැමරා කාචයේ ඇයගේ සුන්දරත්වය සටහන් කරගැනීමට අමතක කලේ නෑ...
රුවැති ගැමි ලියගේ සමීප දසුන
  සමීප දසුන අපේ මල්ලි දැකල ඇහුව.. පිටසක්වල ජිවියෙක්ද කියලා... උගේ ආච්චිට තමයි ඉතින් ... මම ඉතින් වැඩ්ඩනේ ..අනික ඉතින් මෙවන් දසුන් ආයේ කවද දකින්නද... දුර දසුනකුත් කැමරා කාචයේ සටහන් කරගත්තා,,


පියඹා යනවා මා ආකාසයේ

ඒ නගා අපිව දැක්කේ නැහැ... අපි ඉතින් ආයෙම එතන පැයක් විතර ඉඳල.. ගමන් පටන් ගත්තා ..



අද රෑට කුරුම්බා ද කෙහෙල් ද


අය්යේ..... අයියේ.... අයියේ.... හිනි කටහඬක් ඇහෙනවා.. දෙයියනේ.. අපි දැක්ක නගාට මොකක් හරි  කරදරයක්ද කොහෙද .. දෙන්නම... පට්ට වේගෙන් ආපහු හැරුනා... ^%&%&^  හුටා,,, මේ මොකාද මේ..



හෆ්ඵට සිරි රොනාල්ඩෝ ... මේ ඉන්නේ  ලෙබනන්, ලංකා ක්‍රොස් එකක්...එහෙම කියන එක හරිද මන්දා...  කෙසේ වෙතත් මේකයි කතාව.. තාත්ත ලෙබනන් අම්ම ලංකාවේ.. අවුලක් නැහැනේ.. ඒ දෙක ක්‍රොස් වෙලා තමයි මේ වගේ එකෙක් එලියට ආවේ.. කොම හරි.. මේ මල්ලිගේ නම "රොනාල්ඩෝ"  (මුට බෝල බාගයක්වත් උස්සගන්න බැහැ ඒ උනාට නමනං )

.. "මල්ලි කෝ බන් අක්කා... "
"අක්ක ඉන්නවා අයියේ.. කොහද මේ පයින්ම යන්නේ "("බෝලැයි අක්කව බලන්න )


  උත්තරයක් අවට කිවුවේ නැහැ ... මේ පාරේන් වෙන කොහේටවත් යන්නේ නැති බව දැන දැන කොහෙද යන්නේ කියල අහනවා... . කොක වෙතත් මල්ලි දැක්කම අක්ක හිතාගන්න පුලුවනිනේ.. ඔන්න අක්කගේ නම "මරිය"ලු ,,,, හික්ස්.. අපි නං දන්නේ නැහැ ...


"අක්ක ඉන්නවා අයියේ.. කොහද මේ පයින්ම යන්නේ "

... මල්ලි දැන් වෙලාව කියා විතර වෙලා ඇත්ද ... "දෙක විතර වෙලා ඇති "(:-/)

අවුලක් නැහැ ,,, අපි ගෙදරින් ආවේ .. 12.40ට විතර වැඩි පරක්කුවක් නැහැ ,,,,


දෙක විතර වෙලා ඇති

කොහොම හරි ඉතින් .. අපි  ප්ලේස් එකට ඇතුල් වෙන තැනට ආව.. ආවත් හරි ..අර මල දානේ ආයෙමත් වදින්න ගත්තා.. මෙච්චර වෙලා සිග්නල් නැතුවද කොහෙද තිබ්බේ ...


පැටියෝ මම දැන් ඉන්නේ මහා ලොකු වනාන්තරයක  එක එක සද්ද අහුනට බය වෙන් එපා
දැන් ඉතින් තවත් අඩ හෝරාවක්... ආආයෙමත් දෙකක් කිවුව ගමන් මිනිහ කෙලින්ම නියරේ... නියරේ බාගයක් ගිහිනුත් ඉවරයි ..  කුඹුරක් මැදින් තමයි .. අපේ පුංචි වනන්තරේ ඇතුලට යන්න තියෙන්නේ ..
ඒ ගියත් මල නං එහෙම්මමයි .. මම ඉතින් මොනව කරන්නද .. අපි තාම තනිකඩයිලුනේ..


මල් පිට මල් සැලෙන දිගු නියරේ... පිය මත පිය තබමු ..කුඹුරේ නොවැටෙන සේ...4න් එකට වශී වී...

දැක්කනේ... :) ..

මිනහ මල් සිහියෙන් යනවා.. මම ඉතින් .. එහෙම නැහැනේ.. මම තාම නියරට බැස්සේ නැහැ.. මතක් වෙන්නෙයි කියල එක්කල මා විසින් මාව හැක්..ඈ නෑ .. චායාරුප ගත කොලා..


මං තාම කිරි කොඩුයි

දැන් ඉතින් මාත් බැස්සා ..අර මනුස්සය තනියම ගිහින් මොකක් හරි උනොත් .... ඇතුලට ගියපු ගමන් මුලින්ම කලේ.. panroma 4to එකක් ගහපු එක .. අංශක 180අක් තිරසට නං ..ඒ කියන්නේ කැරකිලා.. ගැහුවා.. මෙන් ඒ 4ටො එක 



ඕක පොඩ්ඩක් download කරගෙන බලන්න.. ඉලඟ පොටෝ එක ගහන්න ගිහින් තමයි තව පොඩ්ඩෙන් කොන්ද කඩාගන්නේ.. හැබැයි ඒ පොටෝ එක .. ලස්සනට වැදුනා...  

බලන්නකෝ එකත් .. 


4ටො එක ගහපු විදිය හිතාගන්න පුළුවන් ඇතිනේ
කොමද දක්ෂතාවේ .. ඔවුව මෙවුව සේරම ..ගහ ගහ ඇතුලට ගියා.. බලන්නකෝ 4ටො සෙට් එක .... 







ආදරණිය මං තුමා ගලක් උඩට වී  අනිත්‍යතාව මෙනෙහි කරමින්







වැලක් දැක්කොත් අදින්නමයි :3

අනේ එරුණා නේද


ගලට මුවා වී .. වතුර ගලාවි




කඳු හෙල් අතරින්




මේක කැමර් එකේ වරදක් .. ඈ




ඔන්න ඔහොම .. මට කාට කාටත් පෙන්නන්න ඕනි තැනට ආවා..දැන් තමයි ෆට්ට Place එක තියෙන්නේ.. මම ඇත්තටම ආස තැන...  මෙතනට එන්න හෙන ගේමක් දෙන්න ඕනි .. ගස් උඩින් වැල් උඩින්.. ගඟේ වතුර .. ඕව මේවා සේරම .. තරණය කොරල ආවේ මෙන්න මේක බලන්න තමයි ... 




තව ඇතුලට ගියා.. අවාසනාවට 4n එකේ battry එක බැස්ස..  මොනවා කරන්නද....

මේ තැන ගැන ඇඹිලිපිටියේ ඉන්න අයගෙනුත් ටික දෙනයි දන්නේ... අපි මේකට කියන්න "වැලෑන"  කියලා.. 

කොහොම අරි අපි දෙන් ගෙදර එනකොට වෙලාව .. වැඩිය නැහැ  හවස 7විතර වගේ තමයි උනේ..කොහොම හරි.. යාලුවෙක්ගෙ .. සීය කෙනෙකුත් මරල තමයි ගෙට ගොඩ උනේ... 


file sharing site එකක් හදමුද .... (SCRIPT)

වැලෑන...... Reviewed by සුදු මහත්තයා on 11:22 AM Rating: 5

8 comments:

  1. සිරා ගම බං.. ඊළඟ සැරේ ගමේ ආවම කොහොමහරි පයිනවා මොනා හරි කියලා.. ඔතනටත් යන්න බැරියැ.. :3

    ReplyDelete
    Replies
    1. අන්න එකනේ කොහෙද උඹ මේද පාර පැන්නේ නෑනේ... :/

      Delete
  2. බටුවෝ... උඹ විතරක් නෙමෙයි. හිටු මාත් එනවා මේකාව වනසලා යන්න :d

    ReplyDelete
    Replies
    1. වනසන්න :O අර පොටර් කාරයවත් අරන් වරෙන් :3 :v

      Delete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.