Top Ad unit 728 × 90

recent post

recent

N-RATION ආදරය .....


                                       ආදරය යෞවනයට නුහුරු නුපුරුදු දෙයක් නොවෙ.ආදරය කිරීම,ආදරයට සමු දීම තාරුණ්‍යයේ අත්දැකීම් තුළ තිබේ .අදරයේදී මෙන්ම විරහවේදීත් ගැහැනිය පිරිමියාගෙන් බොහෝ සේ වෙනස් වෙයි .නිහඩව විරහව විද දරා ගන්නා පිරිමියාට වඩා ගැහැණිය විරහව විදින්නේ හඩා වැටීමෙනි  එහෙත් ගැහැනියගේ විරහව විද ගැන්ම එක
පරිද්දෙන්ම සිදුවන්නේද ..? අතීත කාන්තාවන්  සහ වර්තමාන කාන්තාවන් විරහව උසුලාගන්නේ එකේම ආකාරයෙන්ද ..?  සම්භාව්‍ය සාහිත්‍ය තුල 'යසෝදරාවත' කාන්තාවක් විරහව විදගන්න අයුරු පැවසු අපුර්ව කාව්‍ය සංග්‍රහයකි .අභි නික්මන් කල සිය ස්වාමියා වෙනුවෙන් හඩා වැටෙන යසෝදරාවෝ ඔහුගේ යහපතම පතති . නමුත්  යසෝදරාවන් සිටින්නේ බුද්ධ කාලයේය  එහෙත් එදා පරිද්දෙන් අදටද හදට දැනෙන විරහව  ගැහැණිය විදින්නේ එසේමද ..?

                                  ආලයෙන් කොතරම් වේලි සිටියත් විරහව කුමන මොහොතක එවි දැයි අවිනිශ්චිතය .කුමන හේතුවක් මත හෝ සමුගැන්ම සිදු වුවහොත් සුවහසක් පැතුම් සමග ආදරය කල ගැහැණු හිත හඩා වැටෙනා ප්‍රමාන අප්‍රමාණය .බොහෝවිට ප්‍රේමයට තිත තබනුයේ පිරිමියානම් ගැහැණිය කෙතෙක් විදවන්නිද ඔහු නොතකයි  සියලු සැමරුම් සිහි කරමින් හැඩීම කාන්තා චරිත ලක්ෂණයක් නිසා හැකිතාක් හඩමින් වේදනා විදීම කාන්තාවක් තුල දක්නට ඇති පුදුම විය යුතු කරුණක් නොවේ .


                       එදා සිටි යසෝදරාවෝ අද නැත ස්වාමියා හැරගියහොත් ඔවුන් බලා සිටින්නේ නඩු දමන්නටය යසෝදරාව සේ සෙත්පතන්නට අයෙක්ද අද නැත .සිහින් හැදින් ඉකිබිදීම කෙසේ වුවද මර ලතෝනි තබමින් පොළොවේ හැප්පෙන්නට ඔවුහු අමතක නොකරති .ඒ වත්මන් කාන්තා පරපුරේ නියෝජනයයි.සියලු ලෝ වැසියන්ට සෙත් සුව සදන්නට සිද්ධාර්ථ කුමරා ඒ ගිය ගමන අද අපේ කුමාර වරුන්ටනන් යන්නට නොලැබේ . නානාවාරුන් මස්සිනාවරුන් ,මාමණ්ඩිය සේම විශේෂයෙන් නැන්දනිය ඇතුළු බිරිදගේ නෑදෑ  සනහුරේ උන් පැමිණ ගුටි පුජාවක් පවත්වනු නොඅනුමානය .:D  උත්තරීතර පතිභක්තියෙන් සැමියාට සමු දී තනිව වසනා කාන්තාවන් අද ඇත්තෙම නැති ගානය .. යසොදරාවරුන් හිටියේ බුද්ධ කාලයේයැයි ඉහත කිවේ එනිසාය .අද කලේ හැටියට සියලු කැපකිරීම් කර බිරිද ලග හෝ  පෙම්වතිය ලග දන නැමිය යුත්තේ පිරිමියාය.

                                      එදා ප්‍රේමයේ නාමයෙන් සැබෑ විරහව ලගදි හදා වැටුණු කාන්තාවන්ගේ පරිණාමය සිදුව ඇත්තේ වේගවත් ලෙසිනි .ස්වකිය ප්‍රේමය මත්තේ සදකිදුරු ජාතකයේ මෙන් හඩා වැටුනේ ඉස්සරය .දැන් ඉන්න කෙල්ලන්ට ඒවා "මෝඩ ආතල්" නැත්තන් "සිගිති ආතල්ය .." SMS එකක්  type කරන ඔවුන්ට අනුව ඔහු යනවානන ඇය වඩාත් කැමතිය.තවත් අලුත් එකක් set කරගතද හැක .මේ විරහව අද කාලේ style එකට සිදුවන අයුරුය .හැගීම් රහිතව මෙතැනට ගැහැණිය ආවේ කෙසේද..? 


                             සමාජයේ ඕනෑම සිදුවීමකදී එහි වරද  ගැහැනියක් වෙතට එල්ලවන සදාචාරයක් ඇති සංස්කෘතියක් තුල වුවද  මේ සිදුව ඇත්තේ කුමන විපරියාසයක්ද ..? සියලු දේ සංකර නොවන ලෝකයෙහි හැගීම් පවා වෙනස් වී ඇති අයුරු  ඛේදනියය .වසර ගණනක් පුර පවතී ප්‍රේම සම්බන්දතා වුවද .සුළු මොහොතකින් සුනු විසුනුව යාම විහිළුවක් තත්වයට පත්වීම බලසිටිමේදී හැඩේන්නේ වියෝවුන්ට නොව බල සිටින අපටමය ඒ අනුව ගත් කල     කාන්තාවන් වෙතින් නිරුපනය වන විරහවේ පරිනාමය සහ  N-RATION (new genaration-අලුත් පරම්පරාව)  අපුරුය ....


සියල්ල කණපිට පෙරලි ඇත කුමක් කරම්දෝ .... ?


N-RATION ආදරය ..... Reviewed by සුදු මහත්තයා on 12:12 PM Rating: 5

6 comments:

  1. " සිද්ධාර්ථ කුමාරයා රාහුල කුමාරයා ඉපදුන ගමන් තමන්ව දාලා ගියා කියල යශෝදරා දේවි කවදාවත් සිද්ධාර්ථ කුමාරයාට වෛර කලාද? බැන්නද??? නෑ හැමදාම ආදරේ කළා.."

    " යශෝදරාට තිබුන දේවල් මට නෑ නේ හාමුදුරුවනේ"

    -ඉගිලෙන මාළු චිත්‍රපටයෙන්-

    ඔන්න ඕක තමා ඇත්ත මෙයා.

    ReplyDelete
    Replies
    1. " යශෝදරාට තිබුන දේවල් මට නෑ නේ හාමුදුරුවනේ"
      ඕම කියන එක තමයි ලේසිම දේ ..

      Delete
  2. ගැහැණිය චපල ඇයි..? පිරිමියා එසේ නොවන්නේ ඇයි..? ඔන්න ඔව්වට උත්තර හොයහං.. :D

    ReplyDelete
    Replies
    1. recerch එකක් කරන්න වෙයි වගේ .. :/

      Delete
  3. හෆ්ඵට සිරි! ඒකත් එහෙමද ඈ එතකොට!

    ReplyDelete

මගේ ලිපියට ඔබේ අදහස ගොඩක් වටිනවා...... :D

Powered By Blogger,

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.